දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ. මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුපටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න.
මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. හදිසි අනතුරු , ධන හාණි විතරක් නං මදෑ නින්ද නොයෑම හිසරදය ආදී නොයෙකුත් අපල උපද්‍රව වලින් අඩුවක් නෑ. ඒ අස්සෙ අළුත්ම අලකලංචිය තමයි අළුත් කරන්න දීපු රියදුරු බලපත්‍රය තාම ලැබුණෙ නැති එක.
අළුත් කරන්න කිව්වට ඒක අළුත් කිරීමක්ම නෙවෙයි. මොකෝ උන්නැහේට තිබුනෙ බරවාහන ලැයිසොමක්නෙ. ඒකත් උන්නෑහේගෙ ඕනකමට ගත්තු එකක් නෙවෙයි. උන්නැහේට ඔනෙ කරල තිබුණෙ හෑල්ලු වාහන ලයිසොමක්. ඔය එකදාස් නවසිය අනූ අටේ විතර මයෙ හිතේ... ඒ කියන්නෙ උන්නැහේ හොඳ කොල්ලා කාලේ. (දැන් නං එච්චර හොඳ කොල්ලෙක් නෙවෙයි.) ඔන්න ඒ කාලෙ උපෙ එහෙම කොරල ඉන්නකොට ලැයිසොං ගන්න කියල පොඩි ආසාවක් එනවනෙ කොල්ලන්ට. අන්න ඒ ආසාව ආපුවාම උන්නෑහෙත් ගියා හැමෝම හොඳයි කියන ලංගමේ රියදුරු පුහුණු පාසැලට කළුතර. ඕක තියෙන්නෙ කළුගඟ අයිනෙ හරිම ලස්සන තැනක .
ඔන්න ඉතින් ඔය ස්තානෙට ගිහින් හිට ආපු කාරනාව එහෙම කියලා පෝරං කොල පුරෝලා සල්ලි බඳින්න ගියාම එතන හිටපු මහත්තැන් කියපි
" ආ.. මේ උන්නැහේට උස එහෙමත් තියෙන එකේ දාන්න පුළුවන්නෙ බරවාහන... අපරාදෙනෙ මේ සැහැල්ලු වාහන ගන්නෙ"
ඕන්න එතකොට තමයි උන්නැහේට අර මොකාටද වගේ මොලේ පෑදුනේ. ඔය පුහුණු පාසලේ සැහැල්ලු වාහන පුරුදු කොරේ පරන ජීප් එකකින්. අර කොල පාට එව්ව තිබුනේ...අන්න එයින් එකක්. බර වාහන පුරුදු පුහුණු කොරන්නෙ ඉතින් තඩි බස් වලින් නෙව. ඒක නිසා උන්නැහේ ගොයියත් කල්පනා කොරා බස් එකකිම්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ කියලා. කවද එලවන්න ලැබෙන බස් දෑ. ගාන මට මතක විදිහට රුපියල් හාරදාස් අටසීයක් විතර. ඒ කිව්වෙ අනුමත නිල ගාස්තු.. තව ඉතින් පුහුණු කරන මහත්තුරුන්නෙ එදිනෙදා වියහිදම එහෙමත් බලා ගන්න වුනා පුහුණුව කොරගෙන යන අතරතුර. ඒ කාලෙ හරි හරි වැඩ තමයි සිද්ද උනේ වෙලාවක් ආවෙඔත් එව්ව ටිකක් ලියන්න බලන්නෝනෙ.
කොහොමෙන් කොහොම හරි උන්නෑහේ වැඩි අමාරුවක් නැතිව බර වාහන ලැයිසොම ලැබුනා කියමුකො. අනේ එදා ඉඳලා අද වෙනකං එකම එක බරවාහනයක්වත් එලවන්න ලැබුණෙ උන්නෑහේට නෙවෙයි. ඒ වුනාට මොකෝ තුන් හතර වතාවක්ම ඕක අලුත් කරන්න නං සිද්ධ උනා. ඒක මලම වදයක්. නිවාඩු දාගෙන නුගේගොඩ ගිහින් මැඩිකල් ගන්නයි, පොටෝ ගන්නයි, වැඩ කෝටියයි. ඉතින් මීට කාලෙකට කලින් ඉඳන් උන්නැහේට ඔනෙ වෙලා තිබුනා ඔය බරවාහන ලැයිසොම සැහැල්ලු වාහන එකක් බවට පත්කොරගන්න. අන්න එහෙම කොරගන්න කියල හිතල වේරහැර ගෙහුන් බාරදීප ලැයිසොම තමයි තාමත් නැත්තෙ.
අපරාදෙ කියන බැහැ වේරහැර ආයත්නෙ වැඩ ටික නං පංකාදුයි පිළිවෙලයි. උදේ නවයට විතර ගියමට තාවකාලික බලපත්‍රය ලැබුණා දොලහ විතර වෙනකොට. ඒ වෙලාවෙත් සෑහෙන පෝලිම. ඔක්කොම හොඳයි අර මොන්කද්ද එක නරකයි කිව්ව වගේ, ඔක්කඔම වෙලාවට කලාවට සිද්ධ උනාට තාම ලයිසොං කාඩ් එක තැපෑලෙන් ආවෙ නම් නෑ.
බරපතලම ප්‍රශ්නය තමයි අර එදා මාසෙක කාලයකට දීපු තාවකාලික ලයිසොම තව දෙදොහකින් අවලංගු වෙන එක. හෙට දිහාට ආපහු ගිහිල්ල බලන්නත් හිතයි වේරහැර පැත්තෙ.
මෙහෙම දේවල් වෙච්ච ඇත්තො ඉන්නවනං කියමු බ්ලන්න සාමන්‍යෙන් කොච්චර කාලෙකින් විත ලයිසොම ගෙදෙට්ට එනවද කියල.... උන්නෙහැගෙ හිත හැදෙන්නත් එක්ක.
පිලේ පැදුර
2/02/2011
12/02/2010
උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!!
උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය කාර්යය බහුල වෙලා ඉන්නවැයි කීවෙ. ඒ විතරක්යෑ, අර ප්‍රොජෙක්ටර් ව්‍යාපෘතිය... ඒක ඉවරකොරන්නත් තියෙනව. ඒ වුනාට ඒ දිහා බලන්නවත් වෙලාවක් හම්බවුණේ නෑ මේටිකේ. කොහොම හරි ඒ වැඩෙන් අළුත් කියවන්නන් පිරිසක් "පිලේ පැදුර"ට එකතු වුණා. ඒ අතරෙ පරණ යාලුවො ටික මේ පැත්තෙ එන එක අත ඇරලද මන්දා.
ඉතිං මං කියන්න හිටියෙ ... අර අලුත් ප්‍රොජෙක්ට් එකේ මූලික වටයේ සාකච්ඡා එහෙම මේදවස් වල බරටම පැවැත්වෙනවා. සේවා දායකයින් එක්ක, තව... සැපයුම් කරුවො එක්ක ඒ වගේම සැලසුම් ශිල්පීන් එක්ක එහෙම. මේ ගොඩක් දෙනෙක් විදේශිකයින්. ඒ අය ආවම අඩුම තරමේ දවස් දෙකක් නම් මෙහෙ ඉන්නවමයි. එතකොට ඒ දවස් දෙකේම, උදේ ඉඳන් රෑ වෙනකං මීටින් මීටින්.
ඔන්න ඔය විදිහට ජපානෙන් ආපු සැපයුම් කරුවො පිරිසක් එක්ක ඊයෙ පෙරේද තිබුණා මීටිමක්. ඒක තිබුණෙ ආයතනයෙම වෙන දෙපාර්තමේන්තුවක. ඉතින් උන්නැහේත් මේ ව්‍යාපෘතියෙ කොටස් කාරයෙක් හින්දා මීටිමට සහභාගී වෙන්න කියලා කැඳවීමක් ලැබුණා. ජපන් මහත්තුරු දෙන්නයි අර දෙපාර්තමේන්තුවෙ ලොකු මහත්තයයි එක්ක අපි ඔක්කොම හතරයි. උදෙන්ම පටන්ගත්තු මීටිම බොහොම සාර්තකව සාමකාමීව දහයාමාර විතර වෙනකං පැවැත්තුනා. මෙන්න මෙහෙම.
අපි ප්‍රශ්න අහනව ඒගොල්ල උත්තර දෙනවා...ඒ ගොල්ල අහනවා ඒතකොට අපි උත්තර දෙනවා...ඒ කියන ඒවා කොලවල ලියා ගන්නවා. සමහර උපකරණ වගේ ඒව ඒ ගොල්ල දෙන්න බෑ කියනවා... එතකොට අපි ඒවා ඕනෙමයි කියනවා. ඒ ගොල්ල ඊටපස්සෙ කල්පනා කොරනවා... ජපං බාසාවෙන් මොනවදෝ කතා වෙලා ... හා එහෙනං දෙන්නං කියනවා. ඔන්න ඔහොම වැඩේ නැගලම ගියා.
දහයාමාර විතර උනා... කම්මැලිත් වගේ... එතකොට තමයි දෙය්යනේ ඔන්න ඔය විපැත්තිය සිද්ධ වුනේ.
හොඳට මීටිමට අවධානය යොමු කරගෙන හිටපු උන්නැහේ හදිස්සියෙම අමුත්තක් තේරිලා වටපිට බලන කොට තමයි දැක්කෙ වාඩිවෙලා හිටපු පුටුව කෑලි දෙකයි...පුටුවෙ හිටපු එකා බිම.
කවුද දෙය්යනේ පුටුවක වාඩිවෙනකොට ඒක කඩං වටෙයි කියලා හිතාගෙන වාඩිවෙලා ඉන්නෙ. හොඳට බරදාලා පහසුවෙන් වාඩිවෙනව මිසක්. ඉතින් එහෙම වාඩිවෙලා ඉන්න වෙලාවක ඒ ඉරියවුවෙන්ම බිම පතබෑවුනාම ... හිතාගත්තෑකි නේද?
දැන් ඉතින් මොනා කොරන්නද, වැටුනනං නැගිටිනවා මිසක්. මගෙ කරුමෙට ඒ පුටුව කලින් කැඩිලා රෙපයාර් කල එකක් වෙච්චි! සෝක් රෙපයාර් කෙරිල්ල හැබෑට. ඉතින් උන්නැහේත් මොකුත් නොවිච්ච ගානට නැගිටලා හිටං අලුත් පුටුවක වාඩිවෙලා මීටිම දිගටම කොරගෙන ගියා.
හැමෝටම හරි සතුටුයි ...මොකෝ ...බැරිවෙලාවත් අර ජපන් මහත්තයෙක් වැටුනානං හේම ගිනි විජ්ජුම්බරයයි නෙව. එහෙම උනානං ඉතින් කට්ටිය ලංකාව ආපහු අර අනතුරු දායක කලාපයක් කියල නම් කොරල හිටං මේ පැත්තෙ පස් පාගන්නෙ නැතුව ඉඳීවි. උන්නැහේට මොනව උනත් මොකෝ ඌ ගෙදර එකානෙ.
උන්නැහේටත් සතුටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ...
ඒ වෙලාවෙ එච්චර අමාරුවක් නොවුණාට මොකෝ දැන් නම් කොන්ද හොල්ලන්නවත් බෑ රිදෙනවා....
උන්නැහේ කාටවත් වැරැද්දක් කියන්නෙ නෑ. පුටුව රෙපයාර් කල එකත් හරි ... නැතිබැරි කමටනෙ දෙය්යනේ එහෙම කලේ. වාඩිවෙන එකාගේ වගකීම තමයි තමුන් කොහෙද වාඩිවෙන්නෙ කියල හොයල බලල වාඩිවෙන එක. නැද්ද මං අහන්නේ...?? දැන් ඉතින් විඳවපං.. සාදු හොඳ වැඩේ.!! හූ හූ...!!!
පවු අප්පා !
Labels:
අත්දැකීම,
ජීවිතය,
බලි කුරුටු...
මේ වගට...
උන්නැහේ (පිලේ පැදුර)
11/24/2010
ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lens
දැන් අමාරුම ටික අවසන්.
LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්‍රභවය තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ.
ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික.
මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැති නිසා මිළ අධික Fresnel lens මිළදී ගන්න හිත හදාගන්න අමාරු වුණා. නමුත් මේ ළඟදී e bey එකේ අහම්බෙන් දැක්ක මිළ අඩු ප්ලාස්ටික් වර්ගයකින් හදපු කාච වගයක් තියෙන බව. ඒව කුඩා අකුරු ලොකු කරල බලන්න පාවිච්චි කරන magnifying lens වර්ගයක්. හදල තියෙන්නෙ Fresnel lens ආකාරයටම තමයි. මේවා ප්‍රමාණ කීපයකින් තියෙනවා. කුඩාම ප්‍රමාණය හඳුන්වන්නෙ Credit Card Magnifier Fresnel Lens කියලා. මේව සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයේ. ඊට වඩා තරමක් විශාල, ඒ කියන්නෙ අඟල් 7 x 10 ප්‍රමාණයේ ඒව තියෙනවා Full Page Magnifying Sheet කියලා හඳුන්වන. වැඩේට හරියයිද කියලා වැඩි විශ්වාසයක් නොතිබුණා උනත් අත් හදා බැලීමක් හැටියට කුඩා ප්‍රමාණයේ කාච 2ක් e bay එකෙන් ඇණවුම් කළා. මිල වුණේ (තැපැල් ගාස්තු සමග) US $4.28 යි.
මේ තියෙන්නෙ ඒවැයින් එකක් තමයි.
මූළික අත්හදා බැලීමේදී මේ කාච වැඩේට සුදුසුයි කියල වැටහුනත් ඒව ප්‍රමාණයෙන් කුඩා නිසා සම්පුර්ණ LCD එක ආවරණය නොවීමේ ගැටළුව තිබුණා. ඒ නිසා නැවතත් ඊට වඩා ලොකු ප්‍රමාණයේ Full Page Magnifying Sheet 4 ක් ගෙනාව US $14.95 කට. මේව 4ක් ම එකපාර ගෙනාවෙ මතු ප්‍රොයෝජනේ තකා. දෙකක් තිබුණාම වැඩේට ඇති.
මේ විදියට ලොකු සහ කුඩා Fresnel lens ජාති දෙක ගැනම කිව්වෙ, කවුරු හරි ඉතා කුඩා ප්‍රමාණයේ LCD එකක් පාවිච්චි කරන්න හිතං ඉන්නවනම් එයාට සුදුසු කුඩා ප්‍රමාණයේ credit card size කාච වුණත් තියෙන බව සටහන් කරන්න ඕන නිසයි.
දැන් මේ magnifying sheet එක LCD එකට වඩා තරමක් විශාල ප්‍රමාණයකට කපා ගන්න ඕනෙ . මිලි මීටර 10 බැගින් වටේට තිබ්බහම ඇති. කාච කපන කොට ඒකේ හරි මැද ඉඳන් සමමිතිකව කපා ගන්න අමතක කරන්න එපා. එහෙම කිව්වම තේරුනා මයෙ හිතේ.
ඊට පස්සෙ මෙන්න මේ වගේ කාඩ් බෝඩ් එකක මැදින් LCDඑකට වඩා ලොකු ප්‍රමාණයේ විවරයක් කපලා ඒකට කාච කැබලි දෙකම අලව ගන්න ඕනෙ.
අලවන කොටත් කාච කොටස් දෙකේම මධ්‍ය ලක්ෂ්‍ය එකට සමපාත වෙන විදිහට අලවගන්න.
මෙහෙම අලවගත්තම මූලික සීරුමාරු කිරීම වලට පහසුයි.
දැන් තියෙන්නෙ ප්‍රොජෙක්ටරය අත්හදා බලන එක තමයි. තව එක දෙයක්. මේ වැඩේට ප්‍රක්ශේපණ කාචයකුත් ඕන වෙනවනෙ. උන්නැහේ ඒ වැඩේට යොදා ගත්තෙ සාමාන්‍ය අත් කාචයක්. අතින් අල්ලන කොටස කපා දාලා රවුම් කොටස බටයකට හයි කර ගත්තාම හරි. ඒකෙන් ඉතාම හොඳ නොවුණත් සතුටුදායක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. ඔය පල්ලැහින් තියෙන්නෙ අත් කාචයෙන් ලැබුණු ප්‍රක්ශේපනයන්. විකර්ණය අඟල් 52යි.
කාච විවරය ලොකු වැඩි නිසා ප්‍රශ්න කීපයක් තියෙනවා. වෙළඳපොලේ සාමන්‍ය ප්‍රක්ශේපණ කාචයක් සැහෙන මිළයි. කොහොම උණත් උන්නැහේ අඩු මිළ එකක් හොයළ ඇණවුම් කරළයි ඉන්නෙ. බළමු ඒක ආවම.
මේ වැඩේ ගැන දිගටම ලියාගෙන යන්න වෙලාව හොයා ගන්න එක දැන් නම් ඉතාම අපහසු කාරියක් වෙලා.
ලැබුණ සුළු ඉසිඹුවකදී ලියපු මේ සටහනේ අපැහැදිළි තැනක් තියෙනවනං අනේ හිත හිතා ඉන්න එපා අහන්න ඕනෙ හොඳේ.
දැනට ඒ ඇති.!

D.I.Y ව්‍යාපෘති,
තාක්ෂණ
මේ වගට...
උන්නැහේ (පිලේ පැදුර)
11/18/2010
ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panel
අද LCD එක ගැන
කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්‍රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්‍රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි.
ප්‍රොජෙක්ටරයට තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන.
resolution එකක් 640 x 480 ට වඩා අඩු එකක් වුණොත් විශාල තිරයකදී pixel වෙන් වී පෙනෙනවා.
ඒ වගේම High definition ප්‍රොජෙක්ටරයක් හදන කෙනෙක් 800 x 600 හෝ ඊට වඩා වැඩි resolution එකක් තෝරා ගැනීම හොඳයි.
යම් කෙනෙකුට LCD computer monitor එකක් වුනත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් එහිදී විශාල ප්‍රමාණයේ Fesnel කාච යොදා ගත් යුතු වෙනවා. මේ වගේ ප්‍රමාණයෙන් විශාල Fresnel කාච පරන OHP එකකින් ගලව ගන්න පුළුවන් වෙයි. ඒව e bay එකේ විකුණන්නත් තියෙනව මම දැකල තියෙනව.
දැන් බලමු LCD පැනලය prejector එකට සුදුසු විදිහට සකස් කරගන්න ආකාරය.
මේ තියෙන්නෙඋන්නැහේ පාවිච්චි කරපු LCD monitor එක
ඒක 640 x 480 resolution තියෙන video input ලබා දෙන්න පුළුවන් ආකාරයේ එකක්. විකර්ණය අඟල් 3.5යි. මේව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ මෝටර් රථ වල reversing camera monitor විදිහට. ගත්තෙ e bay එකෙන්. US$ 24.48 ක් උනා (free shipping).
මුළින්ම මේක ගලව ගන්න ඕනෙ. ගැලවීමේදී, ඉතාම ඉවසීමෙන් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන සියුම් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානියක් නොවෙන ආකාරයට.
මේ තියෙන්නෙ වෙන් කරගත් LCD එක
දැන් තමයි අමාරුම හරිය. ඒ කියන්නෙ LCD එකේ පිටුපස ආවරණය සහ back light එකට අදාල කොටස් ඉවත් කර ගැනීම. ඒ කොටස් ටික ඉවත් වුනාට පස්සෙ තමයි LCD එක තුළින් ආලෝකය ගමන් කරන්නෙ.
හොඳින් බැලුවොත් පෙනේවි, මෙහි පිටුපස තුනී ලෝහ තහඩුවකින් ආවරණය කර ඇති බව. ඉතාම පරිස්සමින් හෙමින් සීරුවේ ඒ තහඩුව ඉවත් කරගත යුතු වෙනවා.
කිසිම විටක LCD එකට ලොකු බලයක් යොදන්න එපා. එහෙම කළොත් LCD කෑලි දෙකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.
ඒ වගේම එහි මතුපිට සූර ගන්නත් එපා.
LCD එකට පිටුපසින් ඇති සියළුම කොටස් ඉවත් කර ගත්තට පස්සෙ දැක ගන්න පුළුවන් වෙයි LCD එක විනිවිද පෙනෙන ආකාරය. මේ අවස්ථාවෙදි back light එකට විදුලිය සපයන කුඩා කේබල් දෙක විසන්ධි කර දැමිය යුතුයි. නැති නම් බැක් ලයිට් එක LCD එකෙන් ඉවත් වෙන්නෙ නැතුව පැතලි කේබලයටම (flat flex cable) සවි වෙලා තියේවි. පහත පින්තූරයේ රවුමකින් සළකුණු කරළ තියෙන්නෙ ඒ සම්බන්ධක වයරයන් දෙක තමයි.කතුරකින් පරිස්සමින් ඒ කොටස වෙන් වෙන්න කැපුවම ඒ ප්‍රශ්නෙත් හරි.
විවිධ LCD වල මේ සම්බන්ධක වයර් දෙක එක එක විදිහට තියෙන්න පුළුවන්. හොඳින් පරීක්ෂාවෙන් බැලුවම ඒව අඳුන ගන්න එක එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි බැක් ලයිට් කේබල් කියල වෙන මොකක් හරි කපා දැම්මොත් විනාසයි. ඒ නිසා පරිස්සමින්.
දැන් LCD එක සූදානම්. 12V (1A විතර සැපයුමක් නම් වඩා හොඳයි) විදුලි සැපයුමක් ලබාදීල, වීඩියෝ ප්ලේයරයකට සම්බන්ධ කරල බලන්න පුළුවන් මේක (තාමත්) වැඩද කියල. හැබැයි බැක් ලයිට් එක නැති නිසා පිටි පස්සෙන් ආලෝකයක් අල්ලල තමයි පින්තූරය බලන්න වෙන්නෙ.
ප්‍රොජෙක්ටරයේ මූළික අත්හදා බැලීමට පහසු වෙන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් ආධාරකයක මේක තාවකාලිකව අටවගන්න පුළුවන්. හැබැයි පරිස්සමින් ඔය පුංචි පුංචි කෑලි විශේෂයෙන්ම ෆෙරයිට් වල ඔතපු පුංචි කොයිල් කඩා ගන්නව එහෙම නෙවෙයි.
Fresnel Lens එක්ක ඊළඟට හමුවෙමු.

- අඩුම තරමේ 640 x 480 resolution
- Video, VGA දෙකම හෝ අඩුමතරමේ ඉන් එකක් සම්බන්ධ කළ හැකිවීම
- හැකි තරම් කුඩා වීම
- touch screen පහසුකම නොතිබීම.

11/16/2010
ප්‍රොජෙක්ටරයක් හදමු - පැහැදිලි කිරීම්
පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ විදිහට ලියන්නෙ කොමෙන්‍ටුවකින් පැහැදිලි කරන්න අමාරු නිසයි..
එකක් තමයි මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රොජෙක්ටරයේ රූප සටහනත් එතන ලියලා තියෙන දෙයත් අතර ඇති පරස්පරය. මේක ගැන මගේ අවධානයට යොමු කරපු කාංචන දිනූක ට ස්තූතියි.
එතැන ලියවිලා තියෙන විදිහට fresnel lens දෙකක් යොදා ගන්නෙ, එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්භය ලබාගන්නත්, අනෙක ඒ සමාන්තර ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයට යොමු කරන්නත් කියන කාරණා වලට.
ඊට අදාලව කියන්න හිටපු දේවල් ටිකක් මගහැරිල තියෙන හින්ද පුංචි අවුල් සහගත බවක් ඇති වෙලා තියෙනව.
මේ රූප සටහන බලන්න
මේකේ පේන විදිහට අංක 1 දරන තැන හෝ අංක දෙක දරන තැන අපිට LCD එක තියන්න පුළුවන්.
මේ තැන් දෙකෙන් කොතැනක LCD එක තිබුනත් ඒක සම්පූර්ණයෙන් ආවරනය වන විදිහට ආලෝක කදම්බය ගමන් කරනවා නම් ඒක එකාකාරව ආලෝකමත් වෙනවා.
අර සමාන්තර ආලෝක කදම්භයක් ගැන කියළ තියෙන්නෙ ඔය අංක එක කියන තැන LCD තියනවා කියලා හිතාගෙනයි.
නමුත් ප්‍රායෝගිකව LCD එකේ වඩා හොඳ ආලෝකමත් ප්‍රතිබිම්බයක් තිරය මතට ගන්න නම් අංක 2 ස්ථානය තමා වඩා හොඳ. ඒ කියන්නෙ LCD එකත් ප්‍රක්ෂේපණ කාචයත් අතර තවත් යමක් තැබීමෙන් ප්‍රතිබිම්බයේ contrast අඩුවෙනවා. ඒක මම අත්දැකපු දෙයක්. ඒ නිසා මම අනුමත කරන්නේ අංක 2 ස්ථානය.
නමුත් අංක 2 ස්ථානයේ තැබීමට සුදුසු fresnel lens LCD එකට වඩා තරමක් විශාල විය යුතුයි. අංක 1 ස්ථානයේ, ඒ කියන්නෙ ෆ්‍රේනල් දෙකට මැදිවෙන්න LCD එක තියනව නම් ඒව LCD එක ප්‍රමාණයේම වුණාම ඇති.
දෙවෙනි fresnel එක, ඒ කියන්නෙ ආලෝක ප්‍රභවයට ඈතින් තියෙන එකේ රාජකාරිය තමයි LCD එක හරහා ගිය ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයේ විවරය (aperture) තුළට යොමු කරන එක.
තවදුරටත් යමක් කියනවා නම්, ඔබ OHP එකක් බැලුවොත් එහිදීත් fresnel දෙකක් එකට අලවලා තමයි යොදාගන්නෙ. එතකොට වස්තුව (transparent slide) තබන්නෙ ඉහත රූප සටහනේ අංක දෙක ස්ථානයට අනුරූප තැනක.
තනි fresnel එකක් වුණත් යොදා ගන්න පුළුවන් අලෝක ප්‍රභවය ප්‍රමාණවත් තරම් විශාල නම්.
අනෙක් ප්‍රශ්නය තමයි කණියා LED එකේ ලින්ක් එක ඉල්ලා තිබීම.
ඒ කොමෙන්‍ටුවට උත්තර හැටියට ඒ LED එකේ ebay item number එක දැම්මා. නමුත් මම එහිදීත් කියලා තියෙන ආකාරයට ඒ item එකම මිළදී ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙ colour temperature එක 3500K පේන පින්තූර ටිකක් රතුපාටට හුරුයි. ඊට සමාන එහෙත් සුදුසු color temp එකක් තියෙන ඒවා e bay එකෙ ඕනතරම් තියෙනව. අනෙක LED එක මිළදී ගන්න කොට පුළුවන් උපරිම ජවයකින් යුතු එකක් මිළදී ගන්න. 30W වලට අඩු එකක් නම් අනුමත කරන්න බැහැ.
හදිසියේ ලියූ මේ කෙටි සටහනෙන් කාරණාව තරමක් හෝ පැහැදිලි වෙන්න ඇති.

11/15/2010
ප්‍රොජෙක්ටරයක් හදමු - ආලෝක ප්‍රභවය / Let's Build a Projector - Light Source
මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන තවත් පුළුවන් තරම් අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරන හැටියටත් ඉල්ලා හිටින්න කැමතියි.
හරි එහෙනං ආලෝක ප්‍රභවයෙන් පටන් ගමු.
ප්‍රොජෙක්ටරයෙන් ලැබෙන පින්තූරය නිවැරදි වර්ණ සමඟ ප්‍රමාණවත් දීප්තියකින් ලබාගැනීමට එයට භාවිත වන ආලෝක ප්‍රභවය හරියාකාරව තෝරා ගැනීම හේතු වෙනව. ඒ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයේ උපාංග අතරින් සාපේක්ෂව වැඩිම ජවයකින් යුතු උපාංගය මෙය වන නිසා කෙළින්ම විදුලි බිල් පතට මෙයින් විශාල බලපෑමක් ඇති කරනවා.
ලාම්පුවකින් එහෙමත් නැත්නම් බල්බයකින් නිකුත්වන සම්පූර්ණ දෘෂ්‍ය ආලෝක ප්‍රමාණය (luminous flux) මනින්නේ lumens වලින්. එය එම ආලෝක ප්‍රභවය විසින් යමක් අලෝකමත් කිරීමේ බලය පිළිබඳ අදහසක් දෙනවා.
ඒ වගේම ප්‍රොජෙක්ටරයකින් නිකුත් වන ආලෝක ප්‍රමාණය මනින්නෙත් lumens වලින්. අහවල් lumens ප්‍රමානයක ප්‍රොජෙක්ටරයක් කියල තමයි සාමන්‍යයෙන් මේව වර්ග කරන්නෙ. එතනදි අදහස් වෙන්නෙ ඒ උපකරණය මගින් මිනිස් ඇසින් ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමේ ආලෝකය ඒ කියන්නෙ දෘෂ්‍ය ආලෝකය කොපමණ නිකුත් කරනවාද කියන එකයි ඒ සඳහා දැනට ANSI ආයතනය මගින් සම්මත මිනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීල තියෙනවා ප්‍රොජෙක්ටර සඳහාම විශේෂයෙන්. ඒ ක්‍රමයට යම්කිසි ප්‍රොජෙක්ටරයක ආලෝක ප්‍රමාණය එහි ANSI lumens ප්‍රමාණය විදිහට හඳුන්වනවා.
වැඩි lumens ප්‍රමාණයක් පිටකරන ප්‍රොජෙක්ටරයක පින්තූරවල දීප්තිය වැඩියි.
ඒ නිසා අපේ ප්‍රොජෙක්ටරයටත් හැකිතරම් ඉහල lumens අගයක් ඇති බල්බයක් තෝරා ගත යුතුයි.
ඒ වගේම තමයි ඒ බල්බයේ color temperature එක. එමගින් නිකුත් වන ආලෝකයේ වර්ණය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටරයකට යොදාගන්න බල්බයේ ආලෝකය දහවල සූර්යාලෝකයට කිට්‍ටු වර්ණයක් තිබිය යතුයි. නැතිනම් පිතූරවල නියම පාට තිරයේ දිස් වෙන්නේ නැහැ.
ඒ සඳහා 5000K - 6000K අතර color temperature එකක් සුදුසුයි. මේ අගය අඩුවෙන කොට ආලෝකය කහ වර්ණයට හුරු වෙනවා. ඒ වගේම වැඩි වෙනකොට, නිල් පාටට හුරු ආලෝකයක් තමයි ලැබෙන්නෙ.
ඉහත කාරණා දෙක තමයි ආලෝක ප්‍රභවය තෝරා ගැනීමේදී මූළිකවම වැදගත් වෙන්නෙ.
දැන් බලමු අපිට සොයාගන්න පුළුවන් ආලෝක ප්‍රභවයන් වර්ග මොනවද කියා.
1. Incandescent lamps - සාමාන්‍ය සූත්‍රිකා පහන්
2. Fluorescent lamps - ප්‍රතිදීප්ත පහන්
3. Halogen lamps - හැලජන් ලාම්පු
4. Metal halide lamps
5. LED
ඇත්තටම ඉහත ඕනෑම පහනක් ප්‍රොජෙක්ටරයේ ආලෝක ප්‍රභවය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. නමුත් ඒ සමහර ඒවාගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒව සැලකිල්ල ට ගත්තට පස්සෙ හොන්නදයි කියල ඉතුරු වෙන්නෙ අංක 4 සහ 5 විතරයි. (ඒ කාරණා මොනවද කියන එක කියන්න ගියොත් අද මේක පෝස්ට් කරන්න වෙන්නෙ නෑ)
එයිනුත් වඩාත්ම හොඳ එක තමයි metal halide පහන්. ඒව තමයි උසස් තත්ත්වයේ මිල අධික වාණිජ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ව ල පාවිච්චි වෙන්නෙ. ඉතාමත් ඉහල කාර්ය්‍යක්ෂමතාවකින් යුක්ත අති දැවැන්ත තිරයක් මතට ප්‍රක්ෂේපණය කළහැකි ප්‍රොජෙක්ටරයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් metal halide පහනක් තෝරා ගන්න එක සුදුසුයි.
නමුත් මේ පහන් වල ආයු කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම කාලයත් සමග lumens ප්‍රමාණය වගේම color temp එකත් අඩුවෙනව. ඒ කියන්නෙ කාලයක් ගියාම ආලෝකය අඩුවෙලා කහ පාට ගැහෙනව. ඒ වගේම පිටවන තාපය ඉවත් කරන එකත් ලේසි නෑ. ලොකුම ප්‍රශ්න තමයි ඒව ප්‍රමාණයෙන් විශාල වීම සහ පහසුවෙන් කැඩෙන්න බිඳෙන්න පුළුවන් වීම.
මේව සැලකිල්ලට ගත් උන්නැහේ තොරා ගත්තෙ LED පහන්.
ඔය පහල පින්තූරෙ තියෙන්නෙ ඒ LED එක තමයි. මේක 30W , 2000 lumens ප්‍රමාණයේ එකක්. මිළදී ගත්තේ e bay එකෙන්. සමහරවිට මේ LED දේශීය වෙළඳපොලෙත් තියෙන්න පුළුවන්. වැඩ වැඩි කම හින්දා පිටකොටුවෙ රස්තියාදු ගහන්න අමාරු නිසා හොයා බලන්න පුළුවන් වුනේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න.
මේකෙ ලොකුම වාසිය තමයි පහසුවෙන් හීට් සින්ක් එකකට සවිකර ගත හැකිවීම. ඒ වගේම එක පැත්තකට එල්ල වුණු අලෝක කදම්භයක් ලැබෙන නිසා අපතේ යන ආලෝක ප්‍රමාණය අඩුයි. කාලයත් සමග ගතිගුණ වෙනසවීමකුත් මේවයේ නැහැ.
මේ පින්තූරෙ තියෙන්නෙ CPU cooler එකක heat sink එකකට සවිකල පසු පෙනෙන විදිහ. heat sink compound ටිකකුත් යොදාගන්න අමතක කලේ නෑ.
ඔය LED එකත් එක්කම තියෙන අනෙක් පරිපථ කොටස තමයි ඒකේ driver එක. ඒක මිළදී ගන්න අවශ්‍යමයි කියන්න බැහැ. driver එකක් තමන්ටම හදාගන්න වුනත් පුළුවන්. ඒත් පහසුව තකා LED ත් එක්කම ඒකත් මිළදී ගත්තා. දෙකටම ගියෙ US$ 32.88. හැබැයි Chinese.

11/09/2010
ප්‍රොජෙක්ටරයක් හදමු - Let's Build a Projector
කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.
සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ඒක පහසුයි. හැබැයි පිච්චර් හෝල් එක ඉවරවෙනකම්ම ලියාවිද කියල කියන්න කාටවත්, උන්නැහේටවත් බැහැ. ඒ කොහොම වුනත් ඉස්සෙල්ල කලබල නොවී ප්‍රොජෙක්ටරයක් හදාගෙන ඉම්මු.
මේං සරල ප්‍රොජෙක්ටරය.
ඔය ඉහල පින්තූරෙ පෙනෙන විදිහට උත්තල කාචයක් භාවිත කරළා ආලෝක ප්‍රභවයක් ඉස්සරහින් තියපු පාරදෘෂ්‍ය පටලයක තාත්වික ප්‍රතිබිම්බයක් ඒ ඉදිරියෙන් තියෙන තිරයක ලබා ගන්න පුළුවන් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉස්සර ඉස්කෝලෙ ඉස්සරහ ඉස්ටිකර් කාරය ගාව විකුණන්න තිබුණු චිත්‍රපට කෑලි අරන් ගිහින් ඒකට ටෝච් එක ගහලා ඊට ඉස්සරහින් ලොකුකරල බලන කන්නාඩියක් අල්ලලා සරල ප්‍රොජෙක්ටරයක් හදපු හැටි උන්නැහේට තාමත් මතකයි.
ඒ කාලේ ඕක ලොකු වැඩක් උනාට මොකෝ, ඒ විදිහට හදන ප්‍රොජෙක්ටරයක අඩුපාඩු ගොඩක් තිබුනා. මේ ඒ අතරින් ප්‍රධාන එක තමයි සම්පූර්ණ රූපරාමුවම ඒකාකාරව ආලෝකමත් නොවීම. ඒ ඇරුනාම චලනය වන රූප ලබාගැනීමට නොහැකිවීමත් එකක් (එසේ කිරීමට නම් සංකීර්ණ යාන්ත්‍රික පටල ධාවන යන්ත්‍රයක් අවශ්‍යයි). ඒ වගේම ඒවායින් වීඩියෝ ප්ලේයරයකින් එහෙමත් නැත්තන් පරිගනකයකින් වාදනය කරන රූප රාමු කෙසේවත් බලන්න බැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
ඊට විසඳුම තමයි ඔය පහල රූපයේ තියෙන්නෙ.
කාචය හා ආලෝක ප්‍රහවය අතර පාරදෘෂ්‍ය පටලය ඇති තැනට LCD පැනලයක් තැබීම. මේ LCD එකට වීඩියෝ හා VGA පහසුකම් පවතින එකක් නම්, අපිට පරිගනකයකින් හෝ වීඩියෝ ප්ලේයරයකින් වාදනය වන රූප රාමු බලන්න පුළුවන්.
මේක තමයි සරල LCD ප්‍රොජෙක්ටරයක මූලධර්මය.
නමුත් මෙවැනි සරල ප්‍රොජෙක්ටරයකත් අර මුලින් කියපු, රූපරාමුව ඒකාකාරව ආලෝකමත් නොවීමේ ගැටලුව තියෙනවා. ඊට විසඳුමක් විදිහට අපිට සිද්ධවෙනවා fresnel කාච භාවිත කරන්න. ෆ්‍රෙස්නල් කාච කියන්නෙ පැතලි කාච විශේෂයක්. ඒකෙ එක පැත්තක මධ්‍යයක සිට ඒක කේන්ද්‍රීයව පිටතට විහිදෙන ආකාරයට වෘත්තාකාර ඇලි (grooves) කපල තියෙනව තල උත්තල කාචයක (plano-convex lens) හැසිරීම ලැබෙන විදිහට. වැඩිපුර යමක් විකිපීඩියාවෙන් දැන ගන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි ෆ්‍රෙස්නල් කාච යොදා වැඩිදියුණු කරගත්තු ප්‍රොජෙක්ටරය. මේක තමයි අපි හදාගන්න ඕන එක.
මේ රූපසටහනේ ෆ්‍රෙස්නෙල් කාච දෙකක් යොදලා තියෙනවා. ඉන් එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්බය සාදා ගැනීමටත් දෙවැන්න LCD එක හරහා ගිය ආලෝකය නැවත එකතුකර ප්‍රක්ෂේපණ කාචයට යොමුකිරීමටත් භාවිත වෙනවා. ඒ බව රූප සටහනෙන් පැහැදිළි වෙයි.
ඔන්න දැන් කාටත් තේරෙන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික මෙන්න මේවයි.
1. ප්‍රමාණවත් දීප්තියකින් යුතු සුදුසු ආලෝක ප්‍රභවයක් (Light source)
2. ෆ්‍රෙස්නෙල් කාච දෙකක් (Fresnel lense)
3. LCD පැනලයක් (LCD panel)
4. ප්‍රක්ෂේපණ කාචයක් (Projection Lense)
5. තිරයක් (Screen)
6. සුදුසු ආවරණයක් (Housing)
ඉවසීම පුරුදු නොකර මේ වගේ වැඩක් කරන්න අමාරු නිසා ඉතිරිය ඉදිරියට.... එතෙක් ඉවසන්න.
Labels:
D.I.Y ව්‍යාපෘති,
තාක්ෂණ
මේ වගට...
උන්නැහේ (පිලේ පැදුර)
Subscribe to:
Posts (Atom)