4/01/2014

කුරා කුහුඹුවාගේ කවිය...





සත් මහලක් මත සඳළුතලේ සිට
කුරා කුහු‌‌‌ඹුවන් රෑණක් දුටුවෙමි
උන් ගේ කර මත නැගී පැමිණි මග
මැකී වියැකිලා යන සැටි දුටුවෙමි

පියෙන් පියට මතු මහලට ඇවිදින්
මග සිහිවී හැරී බැළූ සඳ
පියගැට පෙළ පාමුළ තනියට උන්
සඳකඩ පහණද එතැන නොදුටුවෙමි

කිරුළින් මැඩෙනා ඉහට උඩින් හිස්
අහස දිහා නෙත හරවා බැළුවෙමි
අනන්ත විශ්වය තුළ මග වැරදුන
කුහුඹුවකුම බව වටහා ගත්තෙමි


14/09/2010

LinkWithin

Related Posts with Thumbnails