4/01/2014

කුරා කුහුඹුවාගේ කවිය...





සත් මහලක් මත සඳළුතලේ සිට
කුරා කුහු‌‌‌ඹුවන් රෑණක් දුටුවෙමි
උන් ගේ කර මත නැගී පැමිණි මග
මැකී වියැකිලා යන සැටි දුටුවෙමි

පියෙන් පියට මතු මහලට ඇවිදින්
මග සිහිවී හැරී බැළූ සඳ
පියගැට පෙළ පාමුළ තනියට උන්
සඳකඩ පහණද එතැන නොදුටුවෙමි

කිරුළින් මැඩෙනා ඉහට උඩින් හිස්
අහස දිහා නෙත හරවා බැළුවෙමි
අනන්ත විශ්වය තුළ මග වැරදුන
කුහුඹුවකුම බව වටහා ගත්තෙමි


14/09/2010

5 comments:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  2. තමුන්නැහට මොකද වුණේ හැබෑටම? :-(

    ReplyDelete
  3. අපට උත්තරයක් දෙන්න තරම්වත් ඉස්පාසුවක් නැද්ද :-( ?

    ReplyDelete
  4. තිස්ස අය්යා.... පහුගිය ටිකේ බ්ලොග් ලිවිල්ල එපා වෙලා හිටියෙ... පෞද්ගලික හේතු වගේම තාක්ෂණික ගැටලුත් තිබුණ.
    සද්ද නැතුව ඉන්න හිටියට නුඹලා හිතවත් කමට මෙහෙම හොයල බලනව දැක්කම එහෙම ඉන්න හිත දෙන්නෙ නෑ බං අය්යෙ.

    අප්‍රමාණ ස්තුතියි...ආපහු ලියන්න බලමුකො.

    ReplyDelete
    Replies
    1. මල කෙළියයි මම 'notify me' කියන එක ක්ලික් කරල තිබිල නෑ නේ. දැන් දැක්කා උත්තරේ. කරදරයක් නැතිව ඉන්නවනම් හොඳටෝම ඇති!
      අනෙක් දේ පසුවට!

      Delete

LinkWithin

Related Posts with Thumbnails