6/02/2016

56. මම නුඹට ඇත්තටම ආදරේ නැතුව ඇති (Reposting...)


නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට 
ආදරේ නැතුව ඇති





...............

2 comments:

  1. "ඇත්තටම මම නුඹට" - කුරු කූඹි අකුරෙන් ලියන්නෙ ඇහෙයි කියල වෙන්ටැ!
    ජය!

    ReplyDelete
  2. It is important for relationships to be built on genuine affection.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails