6/24/2010

ලෙඩ්ඩු බලන්න ආපු යාළුවෝ...

උණ හැදුනහම මට නං මාර ජොලි.

වෙන මොකවත් හින්දා නෙවෙයි, නොමිලේ චිත්‍රපටි, කාටූන් එහෙම බලන්න පුළුවන්නෙ.
102 - 103 ට විතර උණ ආපුවම ඔය වුඩී වුඩ්පෙකර් එතකොට සූර පප්ප වගේ අය උණත් ගෙන්න ගන්න පුළුවන්.

මේ සැරේ තමයි වැඩේ හොඳටම නැගල ගියෙ...

මොකද කියනවනං කැලේ හිටපු ඔක්කොම යාලුවො ටික මාව බලන්න ආව නෙව. ඇඳ උඩම කොලේකුයි පෑනකුයි තියාගෙන යාලුවො ටික යන්තම් ස්කෙච් කර ගත්ත.

පස්සෙ හිතුන මගෙ ප්‍රියතම drawing tool එක වෙච්ච MS Paint වලින් කට්ටිය ඇඳල දාන්න. පාට කරන්න ගිහිල්ල තමයි වැඩේ ඇණගත්තෙ. මොකද Paint වලින් ඇඳල පාට කරන එක මාරම අමාරු වැඩක්. මම සාමාන්‍යයෙන් කරන්නෙ closed contours විදිහට ඇඳලා බාල්දියෙන් පාට පුරවන එක. එපා වෙන වැඩක්. ඒක හින්දා එක යාළුවෙකුව විතරයි පාටකරන්න පුළුවන් වුණේ.... අල්ලල දැම්ම.

ඔය තියෙන්නෙ අලි පැංචා එයාගෙ ලැපෙන් බ්ලොග් බලන වෙලාවෙ මං අසනීපෙන් කියල දැනගෙන යාලුවොටිකත් එකතු කරන් අපේ ගෙවල් පැත්තෙ ආපු විදිහ තමයි. තෑගි බෝග හෙමත් ගොඩාක් ගෙනැල්ල. හොඳ යාලුවො නේද?

කට්ටිය ටික දවසක් මෙහෙ නවතිනව කියල තමයි කියන්නෙ. මේගොල්ලො එනකොට මගදි මාර මාර වැඩ වෙලා තියෙනවා.  ඒවත් පුළුවන් විදිහට කියන්න බලන්නම්.


23 comments:

  1. අෙන් අැත්තටම හරිම ලස්සන චිත්‍ර ටික. කවි ටිකත් ෙහාට ගැල ෙපනවා.

    ReplyDelete
  2. මම ෙම්ක බස් ඒෙක් දානවා හරිද?

    ReplyDelete
  3. ගොඩක් ලස්සන පින්තූර වගේම ලස්සන කවි පන්තියක්. සුභ පැතුම් මල්ලී! RanDil ගෙ buzz එකෙන් තමා ආවෙ...

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි RanDil
    බස් එකෙන් ගොඩක් දෙනෙක් ඇවිත් වගෙයි

    තනෝජා අක්ක ඔය මේපැත්තෙ ආවමයි මයෙ හිතේ
    බොහොමත්ම ස්තූතියි සුබ පතල සටහනක් තැබුවාට

    ReplyDelete
  5. උන්නැහේ හරි ලස්සනයි චිත්‍රය වගේම කවි ටිකත්.මමත් මෙහේ ආවමයි මයේ හිතේ.

    ReplyDelete
  6. මාර චිත්‍ර ටිකනේ උන්නැහේ... ඔයාට ඉක්මනට හොඳ වෙයි.

    ReplyDelete
  7. චිත්‍ර ටික නියමයි.

    ReplyDelete
  8. නියමයි..
    ඒ වගෙම ඉක්මන් සුවය ලැබේවා..

    ReplyDelete
  9. චිත්‍ර නියමයි
    කවිත් නියමයි...


    ඉක්මනින්ම සුවය ලැබේවා.............

    ReplyDelete
  10. ශා ලස්සනයි,, ඇත්තටම උන්නැහේගෙ ගම කොහෙද? අපේ ගමට ලඟයි වගේ,,,,,,,,

    ReplyDelete
  11. අලි මදිවට කොටි හරක් කිඹුල්ලු ඔක්කොම සත්තු ඇවිල්ලා. නියම චිත්‍ර, කවි, උපරිමයි ආයි කතා 2 ක් නැහැ උන්නැහේ :)

    ReplyDelete
  12. පබළු
    ඒක නේන්නං ඔයගොල්ලන්ට ඉතින් අපිව පේන්නෙ නෑනෙ. :D
    ස්තූතියි ආවට... අපාහු ඇවිත් යන්න එන්න.

    පිස්සා පලාමල්ල
    තැන්කූ මචං ... උඹලා දිගටම අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක්.

    thariya
    ස්තූතියි මලයා..

    චේජනා
    පිලේ පැදුරට සාදරයෙන් පිලිගනිමි.

    ReplyDelete
  13. ඇවිත් දුර ඉදන් දුක සැප බලා යන
    සතත් සර්පයත් ඔබේ හිත හැදින ගෙන
    වසත් ලොවක අපි වඟ වළසුන් ගහන
    සිටිත් අපි අතර තවමත් නැහ හැදින

    ReplyDelete
  14. ඉලංදාරියා..
    ස්තූතියි ඉලංදාරියා

    හරී...
    උන්නැහේත් ඔය කලුතර පැත්තෙ කොල්ලෙක් තමයි

    Hasitha
    ඒක නේන්නං මෙහෙම යාලුවො බලන්න එනවනං හැමදාම ලෙඩවෙන්නංකෝ නේ.....

    විහඟ ගීතය
    මසුරං කතාව (කවිය)
    ඇත්තටම ඒ ගොල්ල බොහොම හිත් හොඳ අය.

    ReplyDelete
  15. මේ වැනි උන්නැහේලා
    ලෙඩ දුක් ලඟට කැන්දා
    දුක් සැප බලන්නා
    මෙවැනි මිතුරෝ වෙන කොයින්දා .......

    ReplyDelete
  16. ඔන්න මමත් ආවා. පරක්කු උනා කියලා බනින්න නම් බෑ ඔන්න. දිල් ගමේ ගිහිල්ලනෙ උන්නෙ....

    ඉතින් දැන් හොඳයි නේද උන්නැහේට ?

    අර චිත්‍රය නම් නියමයි. බැරිද දිල්වත් ඇදලා දෙන්න. ඉතින් දිලුත් ආවනෙ උන්නැහෙව බලන්න.....

    ReplyDelete
  17. හොඳ ටැලන්ට් එකක්. ජයවේවා!

    ReplyDelete
  18. Hasitha
    වෙන කොයින්දා කියන්නෙ ඇයි ඔයගොල්ලො.
    "ඒ මිතුරනුත් මේ මිතුරනුත් හැර තවත් උන් සිටිත් ද ....?"

    දිල්
    අම්මෝ දිල්ට බනිනවද පණ ඇති සත්වයෙක්!
    පරක්කු උණාට මොකෝ ආවනෙ...

    කතන්දරකාරයා
    තැන්ක්යූ සර්!

    ReplyDelete
  19. Ohoma yan unneheta hoda talent ekak thiyanawa.
    Ape subapathum. Jayawewa

    ReplyDelete
  20. මාර වැඩේ කියන්නෙ මට ඔය චිත්‍ර ටිකයි කවි ටිකයි පැහැදිලිව පෙනෙන්නෙ නැහැනේ.
    නොදනිම් කොහේදෝ දෝසා ...

    ReplyDelete
  21. ආ... ගමරාළ සාදරයෙන් පිලේ පැදුරට පිලිගන්නවා.
    ප්‍රොෆයිල් එකක් එහෙම හදාගත්තනං පංකාදුයි නොවැ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

    මහසෙන්... චිත්‍රය උඩ කෙ‍ටුවම වෙනම ඕපන් වෙනව නෙව. ඊට පස්සෙ ලොකුකරල බලන්න පුලුවන්. එහෙමත් බැරිනං මාර වැඩක් තමයි.

    ReplyDelete
  22. ශහ්.. චිත්‍ර ටිකනම් අපූරුයි..!!
    නියමයි.

    ReplyDelete
  23. බොහොම ස්තූතියි හිතුවක්කාරියේ...!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails