9/08/2010

කියන්නෙපා....

කියන්නෙපා....
දැනුනේ නම් නෑ කියා
හිතේ තිබුණ ආදරේ මගේ
හිතාගන්න බෑ
උන්නේ කෙළෙසද කියා
බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ.

සසැලි ‍රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී
මුවදොර ළඟ සිටියද නිසැලී  
සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ.....
නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ
මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ.

ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා
අසරණ වූවද මුව ගොලුවී 
දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ...
ළඟින් දැව‍ටුනත් රුව මා සිත් අහසේ
මොහොතක වත් නොදු‍ටුවාද ඇත්තටම නගේ.





...........................

4 comments:

  1. ඔය නංගිලාට ආදරේ තේරෙන්න ගොඩක් කල් යනවා.. ටියුබ් ලයිට් වගේ තමයි.. සමහර අයට වැටහෙන්නේම නෑ...

    උන්නැහේ ඕවා ගනන්ගනැතුව ඉඳිං බං

    ReplyDelete
  2. සමහරු ඉතින් දැනුනත් නොදැනුනා වගේ ඉන්නවානේ,අර ගෑස්ද මොකක්ද කියන එක නිසා

    ReplyDelete
  3. කියන්නෙපා දෑසින් නොකියා හිටියයි
    දැනුනු විදිය ඔබේ ආදරේ
    මගේ දෑස කියූ කතාවන්
    නොහැඳිනීම ඔබේ වරදනේ
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. ඔය නංගිලා ඔය ආදරේ කියන එක නොපෙන්න ඉන්න හරි දස්සයි නොවැ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails