10/27/2010

උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය...

බ්ලොග් එකක් නිකන් තියන එක පවු! ඒකෙ මොනවහරි ලියන එකෙන් පුංචි හරි චිත්තප්‍රීතියක් ඇතිවෙන හින්ද ඒක පිනක් වෙන්න ඇති.

රාජකාරි ජීවිතයෙන් සීයට පනහක්, ඒ කියන්නෙ අවුරුදු තුනක් තිස්සෙ ඇදිල ගිය ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරල ඒ සතුට භුක්ති විඳින ගමන්  තමයි මේ දවස්වල අපි ඉන්නෙ. ඒකෙ කූටප්‍රාප්තිය එලඹෙන්නෙ හෙට, ඔක්තෝබර් 28. ඒ කියන්නෙ ඒ හදපු අහවල් එක හෙට තමයි එයාගෙ අයිති කාරයගෙ රටට, ඒ කියන්නෙ ඉන්දියාවට කැන්දන් යන්නෙ. ඉතින් අපි හෙට දවසෙ පෙල ගැහිල, අව්වෙ ඉඳල, ලොකු මහත්තැන් කියන දේවල් අහගෙන ඒවට අප්පුඩි ගහලා, දරුවෙක් වගේ හදාපු අපේ නිෂ්පාදනය එයාට හිමි තැනට යන්න සමුදෙන්න තමයි බලාපොරොත්තුව. ඒක මොකද්ද කියල මම නොකීවට අනිවාර්යයෙන්ම ඒ නිෂ්පාදනය ලාංකීය කාර්මීකරණයේ සුවිශේෂී සලකුණක්. ඒ ගැන ඒ ගානට ලිව්වම  ඇති.

ඊට අමතරව උන්නැහේ තවත් වැඩකට අත ගහල ඉන්නෙ මේ දවස්වල. ඒක නං අමුතුම වැඩක්. සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා ආසාවක් ගෙදර පිචර් හෝල් එකක් හදා ගන්න. ඒ හා සම්බන්ධ වැඩකට තමයි අත ගහල තියෙන්නෙ. දැනට තරමක ප්‍රගතියක් තියෙනවා. ඔය බලිකුරුට්ට දැක්කම හිතා ගතෑකිනෙ ප්‍රගතියෙ තරම. (ඕව පාට කොර කොරා ඉන්න වෙලාවක් නෑ)








 e bay එකෙන සෑහෙන තරං බඩු ගොඩක් ඕඩර් කොරාගෙන තමයි වැඩේට බැස්සෙ. මේ දවස් වල බඩු ටිකෙන් ටික ලැබෙමින් පවතිනවා. ඒ බඩු ඇනවුම් කරල තියෙන්නෙ මහ ගෙදර ලිපිනයට ලැබෙන විදිහට නිසා සැරෙන් සැරේ සොදිසි කොරල බලන්න ඔනෙ ආවද නැද්ද කියලා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ලියුම් මාම කලබොල වෙලා අපේ තාත්තගෙන් අහල තියෙනව මේ හැටි රට බඩු එන්නෙ කාගෙන්ද කියල. මිනිහටත් ඕන්නැති දෙයක් නෑනේ. ඒ වුනාට ඒ විදිහට විමසිලිමත් වෙන එක නං අගය කොරන්න ඕනෙ. මට බය තියෙන්නෙ මිනිහ බැරිවෙලාවත් ආයෙ පොලිසියටවත් කිව්වොත් මෙන්න අහවල් ගෙදරට නිතරම රට බඩු පාර්සල් එනව ඒ ගැන සැකයි කියලා...

බඩු ටික ඔක්කොම එකතු කරගත්තට පස්සෙ වැඩේ ගැන පිලේ පැදුරෙ ලියවෙයි විස්තර පින්තූර එක්කම. අවශ්‍ය අයට ඒ පාරෙ ගිහින් තමුන්ටත් එහෙම දෙයක් කොරගන්න පුළුවන්  එතකොට.
තව එක පාර්සලයයි එන්න තියෙන්නෙ. ඒකෙ එන්නේ  condenser lense එක. ඔන්න පුංචි ඉඟියකුත් දුන්න වැඩේ ගැන. හැබැයි දැන ඒක එන්න ඕන කාලෙ නං පැනල. මොකද දන්නෑ පරක්කු.

කොටසක් බඩු මහ ගෙදර, තවටිකක් මෙහෙ ගෙදර, තවත් එකක් තාම තැපෑලෙ. මට මතක් වෙන්නෙ අර කවුදෝ කියල තිබුන කවියක්, අර "මුවෙක් හැඬුවා සබර ගමුවේ" කියල ඉවර වෙන්නෙ.

අපොයි එහෙම නොවේවා...!!!

18 comments:

  1. අලුත් වැඩේට උණුසුම් සුභ පැතුම්,,,,,,,,,,,,,,

    ReplyDelete
  2. ඕක මගෙත් ආසාවක්. සුබ පැතුම්. :D

    ReplyDelete
  3. අම්මපා... මගෙත් කපල කපල ලිස්ට් එකේ ඉතුරු වෙච්ච හීන වලින් එකක් තමා ඕක... මෙහෙන් යද්දි බඩු ටික ඇරන් යන්චං කියල තමා හිතේ තියෙන්නේ ඕං... උන්නැහේ වැඩේ කරල ඉවර වුනහම විස්තර ටික ඔක්කම කියන්ට ඕන ඈ... \\බ්ලොග් එකක් නිකන් තියන එක පවු\\ ඒකනම් නියම කතාව..

    ReplyDelete
  4. කොටසක් ළඟ
    කොටසක් දුර
    තවත් කොටසක් මඟ
    ඕක තමයි උන්නැහේ නරකම වැඩේ...

    නිවනක් නැහැනේ.......

    ReplyDelete
  5. උන්නැහෙගේ අළුත් වැඩේටයි, ඉවර වෙච්ච් වැඩේටයි මයියා ගේන් සුබ පැතුම්,,,මයියා ට හිතන විදිහට මයියා,,උන්නැහේව දන්නවා..මොරටුව පැත්තේ මොන්ටිසෝරියේ හිටපු රු_න් කියලයි මයියා ට හිතෙන්නේ..

    ReplyDelete
  6. හරි..
    ස්තූතියි උණුසුම් සුබ පැතුමට... චුට්ටක් නිවෙන්න කියල තියල තිබුනෙ මෙච්චර වෙලා :D

    ReplyDelete
  7. මහසෙන්...
    ස්තූතියි මහසෙන්. බැලුවම එක වගේ ආසාවල් නෙව අපිට තියෙන්නෙ.

    ReplyDelete
  8. පුතා...
    හොඳා හොඳා ඇන්න වරෙන්කෝ හොඳවෑන් බඩු සැට් එකක්. හෑබෑට ඔය පැත්තේ ඔය බඩු මුට්‍ටු ටිකට කීයක් විතර යාවිද?
    මගේ වියාපෘතිය ටිකක් විතර වෙනස් එකක්. ඔක්කොම විස්තර අනිවාර්යයෙන්ම කියනවා.

    ReplyDelete
  9. වත්...
    බොහොම බරපතල දෙයක් වගේ කියල තියෙන්නෙ. මෙයා ඉතින් කොහොමත් කවි ඇහැකින්නේ කොයිදේත් දකින්නෙ.
    ස්තූතියි වත් මේ පැත්තේ නිතරම එනවට.

    ReplyDelete
  10. මයියා
    ඉස්තූතියි මයියා සුබපැතුමට.
    උන්නැහේ මොර‍ටුවෙ මොන්ටිසොරියෙ උනාට රු_න් කෙනෙක් නං නෙවෙයි මයියෝ.
    හැබෑට ඔහෙත් එහේ හිටියෑයි?. ඒ කොයි කාලෙ විතරද?

    ReplyDelete
  11. අහ් එහෙනම් මයියට වැරදුනා.. මගී නවක් හදලා ඉන්දියාවට දෙන කථාවක් දැක්කා..මයියා දන්න විදිහට ඔය බොට්ටු හදන අOශයේ ඉන්නේ ච-ර මිරීහා--ල ය. උන්නැහැගේ පින්තුරේ නම් හැබැයි ඒ වගේ නෙමේ...උන්නහේ මේ කියන එක්කේනා නොවේ නම් අඩු ගනනේ මේ කියන එක්කේනා අදුනනවත් ඇති..වරාය ලොකු උනාට එකේ වැඩ කරන අය එක්කෙනට එක්කෙනව දන්නවනේ

    ReplyDelete
  12. මයියා ...

    මේ මයියා නොහොත් උxxල වියයුතුය!

    ReplyDelete
  13. උxxල හැදින්වෙන්නේ මහී නමිනි. මේ මයියා වෙන අයෙකි

    ReplyDelete
  14. ච-ර මිරීහා--ල සහ උxxල යන අය දන්න මයියා අනිවාර්යයෙන් උන්නැහේවද දත යුතුය.

    ReplyDelete
  15. ඉස්සරහට අපිත් එන්නම්කෝ නිවාඩු පාඩු වෙලාවට ෆිල්ම් එකක් කාරියේ බලලා යන්න

    ReplyDelete
  16. Hasitha
    එන්ඩ එන්ඩ අප්පා පිලේ පැදුර එලලා තියෙන්නේ. හැබැයි එනකොට කෑලි හතරෙ චෝට් එකත් ඇන්න එන්ඩ. මොකෝ පිචැර් බලල ආපහු යන්ඩ වෙන්න කරුවරේනෙ.

    ReplyDelete
  17. මයියා මෙයින් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි මදිය. ඔහු තමා thaga බව අනාවරනය කරනවාද එසේ නැතහොත් උන්නැහේ thaga (වxx අමxxxග) බව අනුමාන කරනවා හෝ යන දෙකෙන් කුමන එකදැයි පැහැදිලි කරගත යුතුය. ඔහු එයින් අදහස් කළේ ඉන් දෙවැන්න නම් ඒ අනුමානය නිවැරදි නොවන බැව්ද පැවසිය යුතුය.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails