11/18/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panel

අද LCD එක ගැන

කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්‍රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්‍රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි.

ප්‍රොජෙක්ටරයට ‍තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන.
  • අඩුම තරමේ 640 x 480 resolution
  • Video, VGA දෙකම හෝ අඩුමතරමේ ඉන් එකක් සම්බන්ධ කළ හැකිවීම
  • හැකි තරම් කුඩා වීම
  • touch screen පහසුකම නොතිබීම.
මේ කියන ආකාරයේ ඕනෑම LCD පැනලයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
resolution එකක් 640 x 480 ට වඩා අඩු එකක් වුණොත් විශාල තිරයකදී pixel වෙන් වී පෙනෙනවා.

ඒ වගේම High definition ප්‍රොජෙක්ටරයක් හදන කෙනෙක් 800 x 600 හෝ ඊට වඩා වැඩි  resolution එකක් ‍තෝරා ගැනීම හොඳයි.

යම් කෙනෙකුට LCD computer monitor එකක් වුනත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් එහිදී විශාල ප්‍රමාණයේ Fesnel කාච යොදා ගත් යුතු වෙනවා. මේ වගේ ප්‍රමාණයෙන් විශාල Fresnel කාච පරන OHP එකකින් ගලව ගන්න පුළුවන් වෙයි. ඒව e bay  එකේ විකුණන්නත් තියෙනව මම දැකල තියෙනව.

දැන් බලමු LCD පැනලය prejector එකට සුදුසු විදිහට සකස් කරගන්න ආකාරය.

මේ තියෙන්නෙඋන්නැහේ පාවිච්චි කරපු LCD monitor එක




ඒක 640 x 480 resolution  තියෙන video input ලබා දෙන්න පුළුවන් ආකාරයේ එකක්. විකර්ණය අඟල් 3.5යි. මේව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ මෝටර් රථ වල reversing camera monitor විදිහට. ගත්තෙ e bay  එකෙන්. US$ 24.48 ක් උනා (free shipping).


මුළින්ම මේක ගලව ගන්න ඕනෙ. ගැලවීමේදී, ඉතාම ඉවසීමෙන් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන සියුම් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානියක් නොවෙන ආකාරයට.



මේ තියෙන්නෙ වෙන් කරගත් LCD එක

දැන් තමයි අමාරුම හරිය. ඒ කියන්නෙ LCD එකේ පි‍ටුපස ආවරණය සහ back light එකට අදාල කොටස් ඉවත් කර ගැනීම. ඒ කොටස් ටික ඉවත් වුනාට පස්සෙ තමයි LCD එක තුළින් ආලෝකය ගමන් කරන්නෙ.

හොඳින් බැලුවොත් පෙනේවි, මෙහි පි‍ටුපස තුනී ලෝහ තහඩුවකින් ආවරණය කර ඇති බව. ඉතාම පරිස්සමින් හෙමින් සීරුවේ ඒ තහඩුව ඉවත් කරගත යුතු වෙනවා.
කිසිම විටක  LCD  එකට ලොකු බලයක් යොදන්න එපා. එහෙම කළොත් LCD කෑලි දෙකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.

ඒ වගේම එහි මතුපිට සූර ගන්නත් එපා.

LCD එකට පි‍ටුපසින් ඇති සියළුම කොටස් ඉවත් කර ගත්තට පස්සෙ දැක ගන්න පුළුවන් වෙයි LCD එක විනිවිද පෙනෙන ආකාරය. මේ අවස්ථාවෙදි back light එකට විදුලිය සපයන කුඩා කේබල් දෙක විසන්ධි කර දැමිය යුතුයි. නැති නම් බැක් ලයිට් එක LCD එකෙන් ඉවත් වෙන්නෙ නැතුව පැතලි කේබලයටම  (flat flex cable) සවි වෙලා තියේවි. පහත පින්තූරයේ රවුමකින් සළකුණු කරළ තියෙන්නෙ ඒ සම්බන්ධක වයරයන් දෙක තමයි.කතුරකින් පරිස්සමින් ඒ කොටස වෙන් වෙන්න කැපුවම ඒ ප්‍රශ්නෙත් හරි.



විවිධ LCD වල මේ සම්බන්ධක වයර් දෙක එක එක විදිහට තියෙන්න පුළුවන්. හොඳින් පරීක්ෂාවෙන් බැලුවම ඒව අඳුන ගන්න එක එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි බැක් ලයිට් කේබල් කියල වෙන මොකක් හරි කපා දැම්මොත් විනාසයි. ඒ නිසා පරිස්සමින්.

දැන් LCD එක සූදානම්. 12V (1A විතර සැපයුමක් නම් වඩා හොඳයි) විදුලි සැපයුමක් ලබාදීල, වීඩියෝ ප්ලේයරයකට සම්බන්ධ කරල බලන්න පුළුවන් මේක (තාමත්) වැඩද කියල. හැබැයි බැක් ලයිට් එක නැති නිසා පිටි පස්සෙන් ආලෝකයක් අල්ලල තමයි පින්තූරය බලන්න වෙන්නෙ.

ප්‍රොජෙක්ටරයේ මූළික අත්හදා බැලීමට පහසු වෙන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් ආධාරකයක මේක තාවකාලිකව අටවගන්න පුළුවන්. හැබැයි පරිස්සමින් ඔය පුංචි පුංචි කෑලි විශේෂයෙන්ම ෆෙරයිට් වල ඔතපු පුංචි කොයිල් කඩා ගන්නව එහෙම නෙවෙයි.



Fresnel Lens  එක්ක ඊළඟට හමුවෙමු.

11 comments:

  1. 'හැබැයි බැක් ලයිට් කේබල් කියල වෙන මොකක් හරි කපා දැම්මොත් විනාසයි'
    ඒ කතාව තමයි නියම.
    ඊගාව එකත් ලියමු.

    ReplyDelete
  2. මේක මම අනිවාර්යයෙන්ම හදනවා.දිගටම ලියන්න. ජයවේවා....

    ReplyDelete
  3. හ්ම්.....දිගටම ලියන්න....කරන්න ට්‍රයි එකක් දෙන්න ඕනි...

    ReplyDelete
  4. මරු මරු උන්නැහේ. අනේ උන්නැහේ ඔය බඩු ගත්ත ලින්ක් ටිකත් දාන්න පුළුවන් නම් තවත් හොඳයි.
    අපි වගේ මේ ලොකේ දෙයක් ‍නොතේරෙන අයටත් තේරෙන විදිහට දාන එක නම් අගේ කොරන්ඩම ඕනෑ වැඩක් ඕන්.

    ReplyDelete
  5. හැබෑව උන්නැහේ. ලින්ක් ටිකත් දාමු.
    මම ගලෝපු ප්‍රොජෙක්ටරේක නම් ඩිස්ප්ලේ 3ක් තිබුනා. එකක් පිච්චිලා නිසා සේරම අහකට තමා. මට මේ ලෙන්ස් ටිකට කරගන්න දෙයක් නැතුව උන්නේ.
    බලමු මොකක් හරි අටෝගන්න.

    ReplyDelete
  6. හැමෝටම ස්තූතියි මේ පැත්තෙ ආවට.

    විස්තරයේ තියෙන item එකේ auction එක ඉවර වෙලා. re list කරලත් නෑ.
    ඊට සමාන ඒව ඕන තරම් තව තියෙනවා...
    3.5" car rearview lcd කියල e bay එකේ search කරල බලන්න.

    වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය LCD ප්‍රොජෙක්ටරයක ඩිස්ප්ලේ තුනක් තියෙන්නෙ පින්තූරයේ රතු, කොළ සහ නිල් පාට තුන (R,G,B) වෙන් කරල අරගන්න නිසා.

    ReplyDelete
  7. හෙන බෑරැරුම් කේසයක් වේගෙන ෆැමිනෙයි!

    ReplyDelete
  8. අමාරු කේසයකට ඇත්තේ LCD කේසය පමණි.

    ReplyDelete
  9. elama thama machn,man phn eke lcd eke ohoma backl8 eka ta wenama kapala pwr dunna sarayk connection wada kranne nathuwa,man e wele pitipassen eliyak allala baluwa me wage ;) man mekak hadanna sahena kaaleka indala try kare eth mata lcd ekata ganne mokakda kiyala hitha ganna baruwa hitiye(thawa tiken parana lapak galawanna giye :P),3.5" car rearview lcd oththuwata godak pin macho,mata eka godak wadagath man car pc ekak hadannath hithan htyata dispaly ekak e kale hoya ganna bari una :( me tiyenne badu $23kata patta labai ne machn,math try ekak dala wisthre kiyannam,mehema projector ebay ekema gannath tibbath ithn gana wadi ne,$50kata thama man sarayk dakke aduma eka,godak pin macho oththu tikata :)

    ReplyDelete
  10. yeah nice post man congrats from ElaKiri.com

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails