11/24/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lens

දැන් අමාරුම ටික අවසන්.
LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්‍රභවය ‍තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ.

ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික.

මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැති නිසා මිළ අධික Fresnel lens මිළදී ගන්න හිත හදාගන්න අමාරු වුණා. නමුත් මේ ළඟදී  e bey එකේ අහම්බෙන් දැක්ක මිළ අඩු ප්ලාස්ටික් වර්ගයකින් හදපු කාච වගයක් තියෙන බව. ඒව කුඩා අකුරු ලොකු කරල බලන්න පාවිච්චි කරන magnifying lens වර්ගයක්. හදල තියෙන්නෙ Fresnel lens ආකාරයටම තමයි. මේවා ප්‍රමාණ කීපයකින් තියෙනවා. කුඩාම ප්‍රමාණය හඳුන්වන්නෙ  Credit Card Magnifier Fresnel Lens කියලා. මේව සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයේ. ඊට වඩා තරමක් විශාල, ඒ කියන්නෙ අඟල් 7 x 10 ප්‍රමාණයේ ඒව තියෙනවා Full Page Magnifying Sheet කියලා හඳුන්වන. වැඩේට හරියයිද කියලා වැඩි විශ්වාසයක් නොතිබුණා උනත් අත් හදා බැලීමක් හැටියට කුඩා ප්‍රමාණයේ කාච 2ක් e bay එකෙන් ඇණවුම් කළා. මිල වුණේ (තැපැල් ගාස්තු සමග) US $4.28 යි.

මේ තියෙන්නෙ ඒවැයින් එකක් තමයි.



මූළික අත්හදා බැලීමේදී මේ කාච වැඩේට සුදුසුයි කියල වැටහුනත් ඒව ප්‍රමාණයෙන් කුඩා නිසා සම්පුර්ණ LCD එක ආවරණය නොවීමේ ගැටළුව තිබුණා. ඒ නිසා නැවතත් ඊට වඩා ලොකු ප්‍රමාණයේ Full Page Magnifying Sheet 4 ක් ගෙනාව US $14.95 කට. මේව 4ක් ම එකපාර ගෙනාවෙ මතු ප්‍රොයෝජනේ තකා. දෙකක් තිබුණාම වැඩේට ඇති.






මේ විදියට ලොකු සහ කුඩා Fresnel lens ජාති දෙක ගැනම කිව්වෙ, කවුරු හරි ඉතා කුඩා ප්‍රමාණයේ LCD එකක් පාවිච්චි කරන්න හිතං ඉන්නවනම් එයාට සුදුසු  කුඩා ප්‍රමාණයේ credit card size කාච වුණත් තියෙන බව සටහන් කරන්න ඕන නිසයි.

දැන් මේ magnifying sheet එක LCD එකට වඩා තරමක් විශාල ප්‍රමාණයකට කපා ගන්න ඕනෙ . මිලි මීටර 10 බැගින් වටේට තිබ්බහම ඇති. කාච කපන කොට ඒකේ හරි මැද ඉඳන් සමමිතිකව කපා ගන්න අමතක කරන්න එපා. එහෙම කිව්වම තේරුනා මයෙ හිතේ.



ඊට පස්සෙ මෙන්න මේ වගේ කාඩ් බෝඩ් එකක මැදින් LCDඑකට වඩා ලොකු ප්‍රමාණයේ විවරයක් කපලා ඒකට කාච කැබලි දෙකම අලව ගන්න ඕනෙ.



අලවන කොටත් කාච කොටස් දෙකේම මධ්‍ය ලක්ෂ්‍ය එකට සමපාත වෙන විදිහට අලවගන්න.
මෙහෙම අලවගත්තම මූලික සීරුමාරු කිරීම වලට පහසුයි.

දැන් තියෙන්නෙ ප්‍රොජෙක්ටරය අත්හදා බලන එක තමයි. තව එක දෙයක්. මේ වැඩේට ප්‍රක්ශේපණ කාචයකුත් ඕන වෙනවනෙ. උන්නැහේ ඒ වැඩේට යොදා ගත්තෙ සාමාන්‍ය අත් කාචයක්. අතින් අල්ලන කොටස කපා දාලා රවුම් කොටස බටයකට හයි කර ගත්තාම හරි. ඒකෙන් ඉතාම හොඳ නොවුණත් සතු‍ටුදායක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. ඔය පල්ලැහින් තියෙන්නෙ අත් කාචයෙන් ලැබුණු ප්‍රක්ශේපනයන්. විකර්ණය අඟල් 52යි.

කාච විවරය ලොකු වැඩි නිසා ප්‍රශ්න කීපයක් තියෙනවා. වෙළඳපොලේ සාමන්‍ය ප්‍රක්ශේපණ කාචයක් සැහෙන මිළයි. කොහොම උණත් උන්නැහේ අඩු මිළ එකක් හොයළ ඇණවුම් කරළයි ඉන්නෙ. බළමු ඒක ආවම.

මේ වැඩේ ගැන දිගටම ලියාගෙන යන්න වෙලාව හොයා ගන්න එක දැන් නම් ඉතාම අපහසු කාරියක් වෙලා.
ලැබුණ සුළු ඉසිඹුවකදී ලියපු මේ සටහනේ අපැහැදිළි තැනක් තියෙනවනං අනේ හිත හිතා ඉන්න එපා අහන්න ඕනෙ හොඳේ.

දැනට ඒ ඇති.!




8 comments:

  1. Fresnel lens දෙකකුත් ගෙන්නගෙනම වැඩේට බහිමු. හදල ඉවරවෙලා උන්නැහේටත් කියන්නම්කෝ. ඕන උනොත් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්ද?. thank you අපිට මේවා කියල දුන්නට.....

    ReplyDelete
  2. Thank you වේවා උන්නැහේ වෙලාව අඩුවෙන් තියෙද්දින් හරි මේ වගේ දැනුමක් දෙනවට. ඇත්තටම මට නහ් හොදටම තේරුණා ඕන්

    ReplyDelete
  3. සු...
    අනිවා... ඕන සපෝර්ට් එකක් දෙනවා!

    ReplyDelete
  4. දැන් තියෙන්නෙ ඉතිං වැඩේට බහින එක තමයි....

    ReplyDelete
  5. එළ එළ.. මාරයි.. මාත් දවසක කරල බලන්න ඕන මේ ප්‍රොජෙක්ට් එක. :)
    -කාංචන

    ReplyDelete
  6. aiya man me dan meka hadana gaman ahanne,fresnel lense wala ekata alawanna one mona pathi 2kda?flat pathi 2kda ekata alawanna one?lcd eka ehema dan galawala tiyenne,backl8 eka ain kara,thamanm lcd eka wada ;)

    ReplyDelete
  7. ප්‍රමාදයගැන කණගා‍ටුයි

    Fresnel lens වල ඉරි තියෙන පැති තමා එකට තියාගන්න ඕනෙ.
    රවුම් වල center එක ගැන සැලකිලිමත් වෙන්න. ඒවා හරියටම සමපාතවෙන තරමට හොඳයි.

    සුබ පැතුම්!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails