11/15/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ආලෝක ප්‍රභවය / Let's Build a Projector - Light Source

මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන තවත් පුළුවන් තරම් අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරන හැටියටත් ඉල්ලා හිටින්න කැමතියි.

හරි එහෙනං ආලෝක ප්‍රභවයෙන් පටන් ගමු.

ප්‍රොජෙක්ටරයෙන් ලැබෙන පින්තූරය නිවැරදි වර්ණ සමඟ ප්‍රමාණවත් දීප්තියකින් ලබාගැනීමට එයට භාවිත වන ආලෝක ප්‍රභවය හරියාකාරව තෝරා ගැනීම හේතු වෙනව. ඒ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයේ උපාංග අතරින් සාපේක්ෂව වැඩිම ජවයකින් යුතු උපාංගය මෙය වන නිසා  කෙළින්ම විදුලි බිල් පතට මෙයින් විශාල බලපෑමක් ඇති කරනවා.

ලාම්පුවකින් එහෙමත් නැත්නම් බල්බයකින් නිකුත්වන සම්පූර්ණ දෘෂ්‍ය ආලෝක ප්‍රමාණය (luminous flux) මනින්නේ lumens වලින්. එය එම ආලෝක ප්‍රභවය විසින් යමක් අලෝකමත් කිරීමේ බලය පිළිබඳ අදහසක් දෙනවා.

ඒ වගේම ප්‍රොජෙක්ටරයකින් නිකුත් වන ආලෝක ප්‍රමාණය මනින්නෙත් lumens වලින්. අහවල් lumens ප්‍රමානයක ප්‍රොජෙක්ටරයක් කියල තමයි සාමන්‍යයෙන් මේව වර්ග කරන්නෙ. එතනදි අදහස් වෙන්නෙ ඒ උපකරණය මගින් මිනිස් ඇසින් ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමේ ආලෝකය ඒ කියන්නෙ දෘෂ්‍ය ආලෝකය කොපමණ නිකුත් කරනවාද කියන එකයි   ඒ සඳහා දැනට ANSI ආයතනය මගින් සම්මත මිනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීල තියෙනවා ප්‍රොජෙක්ටර සඳහාම විශේෂයෙන්. ඒ ක්‍රමයට යම්කිසි ප්‍රොජෙක්ටරයක ආලෝක ප්‍රමාණය එහි ANSI lumens ප්‍රමාණය විදිහට හඳුන්වනවා.
වැඩි lumens ප්‍රමාණයක් පිටකරන ප්‍රොජෙක්ටරයක පින්තූරවල දීප්තිය වැඩියි.

ඒ නිසා අපේ ප්‍රොජෙක්ටරයටත් හැකිතරම් ඉහල lumens  අගයක් ඇති බල්බයක් තෝරා ගත යුතුයි.

ඒ වගේම තමයි ඒ බල්බයේ color temperature එක. එමගින් නිකුත් වන ආලෝකයේ වර්ණය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටරයකට යොදාගන්න බල්බයේ ආලෝකය දහවල සූර්යාලෝකයට කිට්‍ටු වර්ණයක් තිබිය යතුයි. නැතිනම් පිතූරවල නියම පාට තිරයේ දිස් වෙන්නේ නැහැ.

ඒ සඳහා 5000K - 6000K අතර color temperature එකක් සුදුසුයි. මේ අගය අඩුවෙන කොට ආලෝකය කහ වර්ණයට හුරු වෙනවා. ඒ වගේම වැඩි වෙනකොට, නිල් පාටට හුරු ආලෝකයක් තමයි ලැබෙන්නෙ.


ඉහත කාරණා දෙක තමයි ආලෝක ප්‍රභවය තෝරා ගැනීමේදී මූළිකවම වැදගත් වෙන්නෙ.

දැන් බලමු අපිට සොයාගන්න පුළුවන් ආලෝක ප්‍රභවයන් වර්ග මොනවද කියා.

1.    Incandescent lamps - සාමාන්‍ය සූත්‍රිකා පහන්
2.    Fluorescent lamps - ප්‍රතිදීප්ත පහන්
3.    Halogen lamps - හැලජන් ලාම්පු
4.    Metal halide lamps
5.    LED

ඇත්තටම ඉහත ඕනෑම පහනක් ප්‍රොජෙක්ටරයේ ආලෝක ප්‍රභවය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. නමුත් ඒ සමහර ඒවාගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒව සැලකිල්ල ට ගත්තට පස්සෙ හොන්නදයි කියල ඉතුරු වෙන්නෙ අංක 4 සහ 5 විතරයි. (ඒ කාරණා මොනවද කියන එක කියන්න ගියොත් අද මේක පෝස්ට් කරන්න වෙන්නෙ නෑ)
එයිනුත් වඩාත්ම හොඳ එක තමයි metal halide පහන්. ඒව තමයි උසස් තත්ත්වයේ මිල අධික වාණිජ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ව ල පාවිච්චි වෙන්නෙ. ඉතාමත් ඉහල කාර්ය්‍යක්ෂමතාවකින් යුක්ත අති දැවැන්ත තිරයක් මතට ප්‍රක්ෂේපණය කළහැකි ප්‍රොජෙක්ටරයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් metal halide පහනක් තෝරා ගන්න එක සුදුසුයි.
නමුත් මේ පහන් වල ආයු කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම කාලයත් සමග lumens ප්‍රමාණය වගේම color temp එකත් අඩුවෙනව. ඒ කියන්නෙ කාලයක් ගියාම ආලෝකය අඩුවෙලා කහ පාට ගැහෙනව. ඒ වගේම පිටවන තාපය ඉවත් කරන එකත් ලේසි නෑ. ලොකුම ප්‍රශ්න තමයි ඒව ප්‍රමාණයෙන් විශාල වීම සහ පහසුවෙන් කැඩෙන්න බි‍ඳෙන්න පුළුවන් වීම.

මේව සැලකිල්ලට ගත් උන්නැහේ තොරා ගත්තෙ LED පහන්.

ඔය පහල පින්තූරෙ තියෙන්නෙ ඒ LED එක තමයි. මේක 30W , 2000 lumens ප්‍රමාණයේ එකක්. මිළදී ගත්තේ e bay  එකෙන්. සමහරවිට මේ LED දේශීය වෙළඳපොලෙත් තියෙන්න පුළුවන්. වැඩ වැඩි කම හින්දා පිටකො‍ටුවෙ රස්තියාදු ගහන්න අමාරු නිසා හොයා බලන්න පුළුවන් වුනේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න.





මේකෙ ලොකුම වාසිය තමයි පහසුවෙන් හීට්  සින්ක් එකකට සවිකර ගත හැකිවීම. ඒ වගේම එක පැත්තකට එල්ල වුණු අලෝක කදම්භයක් ලැබෙන නිසා අපතේ යන ආලෝක ප්‍රමාණය අඩුයි. කාලයත් සමග ගතිගුණ වෙනසවීමකුත් මේවයේ නැහැ.
මේ පින්තූරෙ තියෙන්නෙ CPU cooler එකක heat sink එකකට සවිකල පසු පෙනෙන විදිහ. heat sink compound ටිකකුත් යොදාගන්න අමතක කලේ නෑ.







ඔය LED එකත් එක්කම තියෙන අනෙක් පරිපථ කොටස තමයි ඒකේ driver එක. ඒක මිළදී ගන්න අවශ්‍යමයි කියන්න බැහැ. driver  එකක් තමන්ටම හදාගන්න වුනත්  පුළුවන්. ඒත් පහසුව තකා LED ත් එක්කම ඒකත් මිළදී ගත්තා. දෙකටම ගියෙ US$ 32.88. හැබැයි Chinese.

16 comments:

  1. ඇයි අද ඉවසන්න කියල නැත්තෙ. :D
    මොනව උනත් සෑහෙන්න විස්තරයක් කරල තියෙනව.

    ඊළග කොටසත් ලියමු.

    ReplyDelete
  2. නියම මාතෘකාව වැඩිය කවුරුත් දන්නැති දෙයක්. මම අනිවා මේක කියවනවා.දිගටම ලියන්න ඔන්න. ඉතිං නැත්තං බලා ගමු හරිද.(විහිලුවක්)

    ReplyDelete
  3. මේ මේක කරන්න බෑ....අවාරෙට අඹ වැටෙනවා වගේ ඇවිත් ‍පෝස්ට් එකක් දාලා යනවා...ඊට පස්සේ මතු සම්බන්ධයි කියලා දානවා අර මෙගා නාට්‍යවල වගේ හොදම හරියෙදි.....
    හරිම අසාධාරණයි...!!!

    ReplyDelete
  4. මේ LED එකේ link එකත් දැම්මා නං වටිනවා :)

    ReplyDelete
  5. මේ උන්නැහේ මොනවද අප්පා ඔයා හරිම සොලෝ විදිහටනේ මේක දාන්නේ. අනේ උන්නැහේ තව අවුරුදු 20 මට හතලිස් ඇදිරිය එනවා අනේ ඊට කලින් මේ හෝල් එකෙන් එක පික්ර් එකක්වත් බලන්න ඕන.
    ඕන් උන්නැහේට පික්චර් හෝල් එකට පළවැනි Addon එක මගෙන්. කොම්පීටරේට රිමෝට් එක. දැන් හදාගෙන යනවා තව සතියකින් විතර හදන හැටි විස්තර සමඟ දෙන්න බැරියැ.

    ReplyDelete
  6. පේනව නේද හොඳට හුස්මක් අරං හැමෝම බලන්න. හැමෝටම අත වනාගෙන නැගිටින කොට ලෝකෙම නැගිටිනව. ඒක නවත්තන්න බෑ. ඕං හිච්චි මල්ලිත් වැඩ පටන් අරං. දන්න දේ බෙදාගන්න එක තරං පිනක් තවත් නෑ. හොයා ගන්න දේවල් ඉනේ ගහල හංග ගෙන ඉන්න අයට හොඳ පාඩං මේව. උන්නැහේ දන්නවද ඒ උන්දැලගෙ ඉනේම ඒවා වේලිල යනව ලෝකෙ ඉස්සරහට යද්දි. උඹලට ජය වේවා.

    ReplyDelete
  7. ෂා මාර project එකක්.. ජය වේවා කිව්වා.. අර මඟ එනවා කියපු එක තාම මගද?
    මට ඔබතුමාගෙ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම පොයින්ට් එක තමයි ෆ්‍රේනල් කාච යොදාගැනීම.
    ඔබතුමාගේ කලින් ලිපියේ ෆ්‍රේනල් කාච දාල ඇඳපු රූපය එතන තියන විස්තරෙත් එක්ක ගැලපෙන්නෑ කියල හිතෙනවා. එතන ටිකක් අපැහැදිලියි වගේ. පොඩ්ඩක් ඒකත් බැලුවනම්.
    ෆ්‍රේනල් කාච දෙකක් යොදාගැනීට හේතුව නම් මට ටිකක් තේරුණා මදි වගේ. ආලොක කිරණ කිහිපයක් ඇතුලත් රූපයක් එකතු කරොත් අගෙයි.

    ReplyDelete
  8. Praසන්ன
    හොඳ ළමයින්ට හැමදාම ඉවසන්න කියන්න ඔනෙ නැහැනෙ.
    ඉක්මණින්ම ඊළඟ කොටස ලියනවා

    කි.අප්පුහාමි
    අම්මෝ.. මෙන්න මෙයා බය කරනෝ...
    මේ පැත්තෙ ආවට ස්තූති වේවා!

    ෴ හසියා ෴
    තියෙන රාජකාරි එක්ක මේකත් ලියනකොට ඔහොමතමයි හසියෝ. තරහ අවසර.

    Kanishka කණියා
    ඔය LED එක ‍තෝරගැනීම මට වැරදුණු එක තැනක්
    item number එක - 380276524158
    මේ LED එකේ colour temperature එක අඩුයි. ඒක නිසා මේකම ගන්න යන්න එපා. Color temp එක 6000K විතර ඒව තියෙනව ගොඩක් sellers ල ළඟ.
    මම දෙවෙනි පාර order කරපු එකෙ item number එක 220692559664
    ඒක 100W එකක්. තාම ලැබුණෙ නැහැ.

    හිංචි මල්ලි
    ජය වේවා! හිංචි මල්ලිගෙ වැඩේට මගෙන් සුබ පැතුම්.
    ආ... ඔය පටන් අරන් තියෙන්නෙ සෝක් එකට බ්ලොග් එකක්. මුකුත් ලියල නැති වුනාට ඔන්න මම මුලින්ම එකතු වුණා. එල ඈ...

    දයියා
    සහතික ඇත්ත කතාව. බොහොම ඉස්තූතියි දිරි ගැන්වීමට.

    සහන් මල්ලි
    තැන්කූ මල්ලි...

    කාංචන දිනූක
    ඔබතුමා මට "ඔබතුමා" කියනවට මං මනාප නෑ ඕං... හරිය! එතකොට නිකං ‍ෆිට් එකක් නෑ වාගෙ.
    හැබෑටම ඒ ෆ්‍රේනල් (fresnel) කාච දාල ඇඳපු රූපෙ පොඩි අවුලක් තියෙනව තමයි. ඇත්තටම ගොඩාක් දේවල් කියන්න තියෙද්දි කෙටි කරන්න ගිහිල්ල තමයි ඒක වෙලා තියෙන්නෙ. ඉක්මණින්ම ඒක පැහැදිළි කරන්නම්.
    බොහොම ඉස්තූතියි ඒ ගැන අවධානය යොමුකළාට.

    ReplyDelete
  9. එල එල ඉතුරු ටිකත් ඉක්මනට දාන්න
    ජය වේවා !!!!!!

    ReplyDelete
  10. harsha hettiarachchi
    ස්තූතියි
    ඉතිරිය පුළුවන් ඉක්මනට දානවා.

    ReplyDelete
  11. එල එල. මරේ මරැ වැඩේ. දිගටම ලියන්න...

    ReplyDelete
  12. aiya,
    api me projector eka hadanna yanne,
    e gana thawa upades tikak ganna oni, oyage skype ID eka hari naththam mail addres ekak hari denna puluwanda?

    ReplyDelete
  13. @ Anonymous
    උදවු කරන්න පුළුවන්
    ලියන්න profile එකේ e mail address එකට
    නම ගම එක්ක ආවා නම් තමා වඩා හොඳ.

    ReplyDelete
  14. bro,mama lcd ekak ganna balauwa ebay eke bt godak sellers la kiyanwa lankawata ewanna ba nathi wenwa kiyala,e nisa man gatta sellers la dennekma msg ekak ewala apuhu refund kara sorry kiyala,oya gatta seller ge link ekak denna puluwanm loku udawwak,man A4 size fresenl lense dekak gatta $6.9kata,light source eka 30W 6000K wage unama athida?lankawen mata hambuna 3W ewa Rs90 gane,but ewa 2V walin wada karanne man hithe,e nisa loku current ekak dennwa wenwa 30W ganna nm Rs900k giyata gana

    ReplyDelete
  15. මම 3.5" ප්‍රමාණයේ LCD displays දෙකක් ගෙනාවා එකක් නම් සාර්ථක වුණේ නෑ පිච්චුනා. දැනට වැඩකරන එකේ item number එක 280561533944. e bay එකේ මේ අංකය ගහලා බලන්න. දැනට මේ සෙලර් ගාව සමහර විට බඩු නැතිවෙන්නත් පුළුවන්.

    මම අද search කරාම දැකපු දේ තමයි කලින්ට වඩා වැඩි වෙලෙන්දෝ පිරිසක් ලංකාවට බඩු එවන්න අකමැත්ත ප්‍රකාශ කරලා තිබීම. ඉතාම කණගා‍ටුදායක දෙයක් මේක.

    කොහොමවෙතත් කීපදෙනෙක් ලඟ හොඳ LCD තිබුණා මෙන්න මේ item nos සහිතව.
    270674397486
    110619201772
    330503474035
    උත්සාහ කරලා බලන්න.

    (http://shop.ebay.com/?_from=R40&_trksid=p5197.m570.l1313&_nkw=+3.5+inch+car+lcd&_sacat=See-All-Categories)

    30W හදා ගන්න 3W ලාම්පු 10ක් යොදා ගැනීම එච්චර සුදුසු නෑ. මොකද එතකොට
    ආලෝක ප්‍රභවයේ ප්‍රමාණය ගොඩක් විශාල වෙයි.
    LED අතර පරතරය වැඩි නිසා එකාකර ආලෝක කදම්බයක් ලැබෙන එකක් නෑ. LED අතර අඳුරු කලාපයන් තිරයේ පෙනේවි.

    30W 6000K ලාම්පුව වැඩේට ප්‍රමාණවත්. ඒත් හැකියාවක් තියෙනවනම් ඊට වඩා වැඩි බලයකින් යුත් පහනක් පාවිච්චි කරන්න පුළුවන්. තවත් දෙයක් ලාම්පුවක් එක්ක condensor lens එකක් යොදාගත්තාම හුඟක් හොඳ ප්‍රතිපල ගන්න පුළුවන්.

    ජය වේවා!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails