11/09/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - Let's Build a Projector


කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ඒක පහසුයි. හැබැයි පිච්චර් හෝල් එක ඉවරවෙනකම්ම ලියාවිද කියල කියන්න කාටවත්, උන්නැහේටවත් බැහැ. ඒ කොහොම වුනත් ඉස්සෙල්ල කලබල නොවී ප්‍රොජෙක්ටරයක් හදාගෙන ඉම්මු.

මේං සරල ප්‍රොජෙක්ටරය.



ඔය ඉහල පින්තූරෙ පෙනෙන විදිහට උත්තල කාචයක් භාවිත කරළා ආලෝක ප්‍රභවයක් ඉස්සරහින් තියපු පාරදෘෂ්‍ය පටලයක තාත්වික ප්‍රතිබිම්බයක් ඒ ඉදිරියෙන් තියෙන තිරයක ලබා ගන්න පුළුවන් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉස්සර ඉස්කෝලෙ ඉස්සරහ ඉස්ටිකර් කාරය ගාව විකුණන්න තිබුණු චිත්‍රපට කෑලි අරන් ගිහින් ඒකට ටෝච් එක ගහලා ඊට ඉස්සරහින් ලොකුකරල බලන කන්නාඩියක් අල්ලලා සරල ප්‍රොජෙක්ටරයක් හදපු හැටි උන්නැහේට තාමත් මතකයි.

ඒ කාලේ ඕක ලොකු වැඩක් උනාට මොකෝ, ඒ විදිහට හදන ප්‍රොජෙක්ටරයක අඩුපාඩු ගොඩක් තිබුනා. මේ ඒ අතරින් ප්‍රධාන එක තමයි සම්පූර්ණ රූපරාමුවම ඒකාකාරව ආලෝකමත් නොවීම. ඒ ඇරුනාම චලනය වන රූප ලබාගැනීමට නොහැකිවීමත් එකක් (එසේ කිරීමට නම් සංකීර්ණ යාන්ත්‍රික පටල ධාවන යන්ත්‍රයක් අවශ්‍යයි). ඒ වගේම ඒවායින් වීඩියෝ ප්ලේයරයකින් එහෙමත් නැත්තන් පරිගනකයකින් වාදනය කරන රූප රාමු කෙසේවත් බලන්න බැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.

ඊට විසඳුම තමයි ඔය පහල රූපයේ තියෙන්නෙ.


 
කාචය හා ආලෝක ප්‍රහවය අතර පාරදෘෂ්‍ය පටලය ඇති තැනට LCD පැනලයක් තැබීම. මේ LCD එකට වීඩියෝ හා VGA පහසුකම් පවතින එකක් නම්, අපිට පරිගනකයකින් හෝ වීඩියෝ ප්ලේයරයකින් වාදනය වන රූප රාමු බලන්න පුළුවන්.

මේක තමයි සරල LCD ප්‍රොජෙක්ටරයක මූලධර්මය.

නමුත් මෙවැනි සරල ප්‍රොජෙක්ටරයකත් අර මුලින් කියපු, රූපරාමුව ඒකාකාරව ආලෝකමත් නොවීමේ ගැටලුව තියෙනවා. ඊට විසඳුමක් විදිහට අපිට සිද්ධවෙනවා fresnel කාච භාවිත කරන්න. ෆ්‍රෙස්නල් කාච කියන්නෙ පැතලි කාච විශේෂයක්.  ඒකෙ එක පැත්තක මධ්‍යයක සිට ඒක කේන්ද්‍රීයව පිටතට විහිදෙන ආකාරයට වෘත්තාකාර ඇලි (grooves) කපල තියෙනව තල උත්තල කාචයක (plano-convex lens) හැසිරීම ලැබෙන විදිහට. වැඩිපුර යමක් විකිපීඩියාවෙන් දැන ගන්න පුළුවන්.

මෙන්න මෙහෙමයි ෆ්‍රෙස්නල් කාච යොදා වැඩිදියුණු කරගත්තු ප්‍රොජෙක්ටරය. මේක තමයි අපි හදාගන්න ඕන එක.

 

මේ රූපසටහනේ ෆ්‍රෙස්නෙල් කාච දෙකක් යොදලා තියෙනවා. ඉන් එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්බය සාදා ගැනීමටත් දෙවැන්න LCD එක හරහා ගිය ආලෝකය නැවත එකතුකර ප්‍රක්ෂේපණ කාචයට යොමුකිරීමටත් භාවිත වෙනවා. ඒ බව රූප සටහනෙන් පැහැදිළි වෙයි.

ඔන්න දැන් කාටත් තේරෙන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික මෙන්න මේවයි.

1. ප්‍රමාණවත් දීප්තියකින් යුතු සුදුසු ආලෝක ප්‍රභවයක් (Light source)
2. ෆ්‍රෙස්නෙල් කාච දෙකක් (Fresnel lense) 
3. LCD පැනලයක් (LCD panel)
4. ප්‍රක්ෂේපණ කාචයක් (Projection Lense)
5. තිරයක් (Screen)
6. සුදුසු ආවරණයක් (Housing)


ඉවසීම පුරුදු නොකර මේ වගේ වැඩක් කරන්න අමාරු නිසා ඉතිරිය ඉදිරියට.... එතෙක් ඉවසන්න.

11 comments:

  1. ඉවසන්න කිව්වට ඉවසන්නම බෑනේ.... ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
  2. ELA ELA..NIYAMAI..digatama liyanna. pai iwasagena innawa

    ReplyDelete
  3. එල අනික එනකන් තමා ඉන්න බැරි :D

    ReplyDelete
  4. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද කියලත් තියෙන එකේ මම නම් ඉවසන් ඉන්නවා ඕං ඊ ගාව එක දානකම්... කල් ගියාට කමක් නෑ කොහොමහරි පිච්චර් හෝල් එක හදනකල් දාන්ට බලන්ට ඈ...

    ReplyDelete
  5. නියමායි....හා හා දැම්මනම් ඉක්මණට ඉතුරු ටිකත්....

    ReplyDelete
  6. Praසන්ன
    ස්තුතියි දිගටම ‍රැඳී සිටියාට....

    Sameera
    අන්න හොඳ ළමයෙක් ... ඉවසීමේ අගය දන්නව.

    Kanishka කණියා
    ඉවසන්න කණියා ... වෙන විකල්පයක් නෑ... :D

    පුතා
    හොඳ පුතා..

    ෴ හසියා ෴
    ඉක්මනටම දාන්නම්

    හිංචි මල්ලි
    මොකෝ මේ කොමෙන්ට් එක මකලා???
    නාසා එකෙන් තගක් වත් දැම්මද?
    තේරෙන්නෑ කිය කියා ඉන්නෙ නැතුව බ්ලොග් එකක් පටන් ගත්තනං හොඳයි. පුළුවන් උදවුවක් අපිත් දෙන්නෙ නැතෑ.

    ReplyDelete
  7. ‍නියමයි. වැදගත් ලිපියක් ඔය lcd PANEL එක කියන එක ගෙන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද.?

    ReplyDelete
  8. කසුන් නදීශන...
    සෑම උපාංගයක් ගැනම ප්‍රමාණවත් පැහැදිළි විස්තරයක් කරන්න තමයි බලාපොරොත්තුව.
    දිගටම ‍රැඳී ඉන්න...

    ReplyDelete
  9. උන්නැහේ ඉක්මන් කරනවානම් හොදා
    http://harshagemathakayan.blogspot.com/

    ReplyDelete
  10. ඒක මැකුවට උන්නැහේට මේල් එක ආවනේ. අනේ උන්නැහේ ඒ වගේ ගැජට් ගොඩක් තියෙනවනේ. ඉතින් අයෙත් ඕක හදලා වැඩක් වෙයිද කියලා මේ බැලුවේ. හොදා හොදා ඔය කෑලි ටික එහෙම හොයගෙන හදන්න සතියක් විතර යයි. එතකොට දාන්නම්කෝ.

    ඔය රිමෝට් කතාව කොපියක් කියලා කාට හරි කියන්න පුළුවන්නේ ඒකයි මැකුවේ.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails