2/02/2011

මගේ ලයිසොමට මොකද උනේ

දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ.  මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුප‍ටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ.  වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න.


මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. හදිසි අනතුරු , ධන හාණි විතරක් නං මදෑ නින්ද නොයෑම හිසරදය ආදී නොයෙකුත් අපල උපද්‍රව වලින් අඩුවක් නෑ. ඒ අස්සෙ අළුත්ම අලකලංචිය තමයි අළුත් කරන්න දීපු රියදුරු බලපත්‍රය තාම ලැබුණෙ නැති එක. 


අළුත් කරන්න කිව්වට ඒක අළුත් කිරීමක්ම නෙවෙයි. මොකෝ උන්නැහේට තිබුනෙ බරවාහන ලැයිසොමක්නෙ. ඒකත් උන්නෑහේගෙ ඕනකමට ගත්තු එකක් නෙවෙයි. උන්නැහේට ඔනෙ කරල තිබුණෙ හෑල්ලු වාහන ලයිසොමක්. ඔය එකදාස් නවසිය අනූ අටේ විතර මයෙ හිතේ... ඒ කියන්නෙ උන්නැහේ හොඳ කොල්ලා කාලේ. (දැන් නං එච්චර හොඳ කොල්ලෙක් නෙවෙයි.) ඔන්න ඒ කාලෙ උපෙ එහෙම කොරල ඉන්නකොට ලැයිසොං ගන්න කියල පොඩි ආසාවක් එනවනෙ කොල්ලන්ට. අන්න ඒ ආසාව ආපුවාම උන්නෑහෙත් ගියා හැමෝම හොඳයි කියන ලංගමේ රියදුරු පුහුණු පාසැලට කළුතර. ඕක තියෙන්නෙ කළුගඟ අයිනෙ හරිම ලස්සන තැනක .

ඔන්න ඉතින්  ඔය ස්තානෙට ගිහින් හිට ආපු කාරනාව එහෙම කියලා පෝරං කොල  පුරෝලා සල්ලි බඳින්න ගියාම එතන හිටපු මහත්තැන් කියපි

" ආ.. මේ උන්නැහේට උස එහෙමත් තියෙන එකේ දාන්න පුළුවන්නෙ බරවාහන... අපරාදෙනෙ මේ සැහැල්ලු වාහන ගන්නෙ"

ඕන්න එතකොට තමයි උන්නැහේට අර මොකාටද වගේ මොලේ පෑදුනේ. ඔය පුහුණු පාසලේ සැහැල්ලු වාහන පුරුදු කොරේ පරන ජීප් එකකින්. අර කොල පාට එව්ව තිබුනේ...අන්න එයින් එකක්. බර වාහන පුරුදු පුහුණු කොරන්නෙ ඉතින් තඩි බස් වලින් නෙව. ඒක නිසා උන්නැහේ ගොයියත්  කල්පනා කොරා බස් එකකිම්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ කියලා. කවද එලවන්න ලැබෙන බස් දෑ. ගාන මට මතක විදිහට රුපියල් හාරදාස් අටසීයක් විතර.  ඒ කිව්වෙ අනුමත නිල ගාස්තු.. තව ඉතින් පුහුණු කරන මහත්තුරුන්නෙ එදිනෙදා වියහිදම එහෙමත් බලා ගන්න වුනා පුහුණුව කොරගෙන යන අතරතුර. ඒ කාලෙ හරි හරි වැඩ තමයි සිද්ද උනේ වෙලාවක් ආවෙඔත් එව්ව ටිකක් ලියන්න බලන්නෝනෙ.

කොහොමෙන් කොහොම හරි උන්නෑහේ වැඩි අමාරුවක් නැතිව බර වාහන ලැයිසොම ලැබුනා කියමුකො. අනේ එදා ඉඳලා අද වෙනකං එකම එක බරවාහනයක්වත් එලවන්න ලැබුණෙ උන්නෑහේට නෙවෙයි. ඒ වුනාට මොකෝ තුන් හතර වතාවක්ම ඕක අලුත් කරන්න නං සිද්ධ උනා. ඒක මලම වදයක්. නිවාඩු  දාගෙන නුගේගොඩ ගිහින් මැඩිකල් ගන්නයි, පොටෝ ගන්නයි, වැඩ කෝටියයි. ඉතින් මීට කාලෙකට කලින් ඉඳන් උන්නැහේට ඔනෙ වෙලා තිබුනා ඔය බරවාහන ලැයිසොම සැහැල්ලු වාහන එකක් බවට පත්කොරගන්න. අන්න එහෙම කොරගන්න කියල හිතල වේරහැර ගෙහුන් බාරදීප ලැයිසොම තමයි තාමත් නැත්තෙ.


අපරාදෙ කියන බැහැ වේරහැර ආයත්නෙ වැඩ ටික නං පංකාදුයි පිළිවෙලයි. උදේ නවයට විතර ගියමට තාවකාලික බලපත්‍රය ලැබුණා දොලහ විතර වෙනකොට. ඒ වෙලාවෙත් සෑහෙන පෝලිම. ඔක්කොම හොඳයි අර මොන්කද්ද එක නරකයි කිව්ව වගේ, ඔක්කඔම වෙලාවට කලාවට සිද්ධ උනාට තාම ලයිසොං කාඩ් එක තැපෑලෙන් ආවෙ නම් නෑ.


බරපතලම ප්‍රශ්නය තමයි අර එදා මාසෙක කාලයකට දීපු තාවකාලික ලයිසොම තව දෙදොහකින් අවලංගු වෙන එක.  හෙට දිහාට ආපහු ගිහිල්ල බලන්නත් හිතයි වේරහැර පැත්තෙ.


මෙහෙම දේවල් වෙච්ච ඇත්තො ඉන්නවනං කියමු බ්ලන්න සාමන්‍යෙන් කොච්චර කාලෙකින් විත ලයිසොම ගෙදෙට්ට එනවද කියල.... උන්නෙහැගෙ හිත හැදෙන්නත් එක්ක.

25 comments:

  1. හි.. හි... ඔය ලැයිසොමේ කෑල්ලක් ඉරල විසිකොලානං ලේසියෙංම සැහැල්ලු කොරගන්ට තිබුණ නෙව උන්නැහේ...

    ReplyDelete
  2. හිහි කවුරු කවුරුත් බර තියා ගන්න වෙහෙසෙන එකේ හෑල්ලු වෙන්න හදන එකෙක් දැක්කමයි ඕං . . . .

    ලියුම් කඩදහි බෙදන රස්සෑවට යන්න නම් ඉතින් ඔය කියන එක ලැයිසමක් වත් ඕන්නැහැ මයෙ හිතේ...( මේකා කාර් එකෙන් ගිහින් ලියුම් බෙදන්න වත් හිතා ඉන්නව ද අම්මප )

    ReplyDelete
  3. මටත් ඔය බර වාහන ලෙඩේ දැම්මා. මම නං අහු උනේ නෑ. මම සහසුද්දෙන්ම දන්නවා දුන්නත් මමනං බර වාහන අතට ගන්නැ කියලා. ඒක හින්දා සැහැල්ලු ලයිසම හොඳටම ඇති.

    ඔය තැපැලෙන් එන වැඩ නං කොහොමත් ශුවර් නෑ.

    මගේ බයික් එකේ පොතේ එක අකුරක් අඩුවෙලා හදන්න යැව්වා. දැං අවුරුද්දකට වැඩියි. මෙදා පාර ආදායම් බලපත්‍රෙ ගත්තතෙත් කාර්යාලෙ එකෙක් අල්ලගෙන.

    ReplyDelete
  4. මාගේ යතුරු පැදි බලපත්‍රය වසර 3ක් යනතුරු මා හට ලබා නොදුන් අතර ඒ පිළිබඳ විමසූ සෑම අවස්ථාවකම ඡායාරූප පිටපත් නැතිවී ඇතැයි කියා නැවතත් ඡායාරූප පිටපත් ඉල්ලා සිටියේය.අවසානයේ 4 වැනි වතාවේ මගේ හිතවතකුගේ මාර්ගයෙන් ඔය කාලකණ්ණි දෙපාර්තමේන්තුවට ගොස් දවසක්ම කට්ටකා එය ලබාගතිමි.ඉන්පසු එය සැහැල්ලු වාහන සමඟ අළුත්කිරීමට ගොස් තවත් වසර එකහමාරක් ටැම්පරියෙන් දුවන්නට සිද්ධ වුණි.අවසානයේ එයද ගත්තේ මෙම කාලකණ්ණි දේවාලයේ දවසක්ම කට්ටකා වේලීමෙන් පසුවය.මෙයට දියහැකි හොඳම උදාහරණය නම් මළබද්ධය හැදුණු කෙනෙකුගෙන් වසුරු පිඬක් ඉල්ලා සිටිමයි.ලංකාවේ රියදුරු බලපත්‍රයක් ගැනීම එතරම්ම පහසුය.

    ReplyDelete
  5. කිව්වත් වගේ මේ උන්නැහේ සැහැල්ලු වාහනයක් වෙනුවට ගන්න සැහැල්ලු පා පැදියක්....කොකටත් තයිලේ--- :PPP

    ReplyDelete
  6. මොකක්ද බO අර අපි කොල්ලො නෙවෙයි කියලා තියෙන්නේ...කොහොමත් ඉතින් පොඩි කාලේ ඉදන් අපිට ලොකු අය කිව්වේ මුන් කොල්ලො නෙමෙයි ,කොලු තාත්තලා කියලානේ..

    ReplyDelete
  7. හික්..හොඳ වෙලාවට මං ඔක දන්න හින්දා තමයි මෙදා පාරත් ඔන්න ඔහේ සැහැල්ලු වාහන වලට විතරක් ලැයිසොම ඉල්ලන්ට තීන්දු කොලේ...
    ඔයිට කළින් හදිසියට ලැයිසොං ගන්න ගෙහුං තිරිවීල් වලට විතරක් ගත්තා..දැන් ඉතිං ඒකෙන් බයික් පදින්ට බැහැ නෙව..ඒ හින්දා මෙදා පාර බයික්වලටත් එක්කම සැහැල්ලු වාහන වලට ඇප්ලිකේසොමක් දැම්මා...
    මෙ නහින දෙහින කාලේ අපිට මොන බර වාහනද..?
    අනික නිකං ඉන්ට බැරුවට අවුරුදු තුනෙන් තුනට ඔක අළුත් කරන්ට ගිහින් නිකං කටු කන්නේ අහවල් එකටද..?

    කොහොම හරි මෙ 18 වෙනිදා මට ට්‍රයල් පෙන්නන්ටත් යන්ට තියෙනවා..

    හැබැයි රජෝ මම වාහනයක් අන්තිමට කැකෝලා තියෙන්නේ දෙදහස් දෙකේ අවුරුද්දේ..එයින් මෙහා තාම ආසාවට රෝද හතරක් කරකොවන්ට බැරි උනා..හිටි හැටියේ ගෙහුං ට්‍රයල් දෙන්ට ගියාම කොහොමට හිටීද..?

    ReplyDelete
    Replies
    1. තරහ ගන්ට කාරියක් නෑ මලයා.... ඇනෝලනං කියන්නේ ඔයා පදින්නේම බර වාහන කියලා..

      Delete
    2. නලින් අයියා බර වාහන වලට අකමැතිද..? මමනං සැහැල්ලු/බර ඔය ඕන එහෙකට ඔට්ටුයි... :P

      Delete
  8. මගේ බර වාහන ලංසොම නං යංතං මාසයක් යනකොට ගෙදරට ආව.

    ReplyDelete
  9. ගතමන්ට් එකක් විසි කළා නං බඩු අතේ එවෙලේම.

    ReplyDelete
  10. @ මාරයා,
    දැන් අර අලුතින් ආපු ලිමොසීන් එකක් ගත්තොත් එහෙම ඒක පදින්න බස් ලයිසොං එකක් එපැයි.

    ReplyDelete
  11. බොලව් ඔය හෑල්ලූ වාහන කියන එවුවත් පුදුම බරයි බං. බොරුනං උස්සලා බලාපල්ලකො.

    ReplyDelete
  12. මටත් හිතෙන්නේ Observer මාමගෙ උපදෙස තමයි හොදම ක්‍රමේ කියල.රට යන්න ඒ අතට.

    ReplyDelete
  13. @ JHOTHISHALANKA,
    අත්දුටුවය් සත්තය් පුතා.

    ReplyDelete
  14. බර වාහන පදවන්න ලයිසොන් ඕනැද? මගේ යාළුවෙක් හිටියා, ඌ නං තාමත් ඔය පදින්නෙ? දැන් නං හොඳට පලපුරුදුයි, මයෙ හිතේ!

    ReplyDelete
  15. කතන්දර, ඔය ජාතියෙ බර වාහන පදින්න ලයිසන් නොගත්තත් හැපෙන්නැතුව යන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන.

    ReplyDelete
  16. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  17. අඩේ අයියේ ඒ දවස් වල එක පාරින්ම බර වාහන දුන්නැයි බං? දැන් එහෙම නෑනේ... අවුරුදු තුනක් සැහැල්ලු පදින්නම ඕනේ...

    ReplyDelete
  18. ඉතින් අයියා මොකද වුණේ ?? මොකක් හරි එකකට ලැයිසොමක් හම්බුණාද ???

    ReplyDelete
  19. අලුතෙන් මක්කවත් ලියන්නේ නැතෙයි . . ?

    ReplyDelete
  20. මොකද උනේ?

    පේන්ඩ නැතෙයි

    ReplyDelete
  21. මොකක් ද කතන්දර ඒකෙ තේරුම ?

    ReplyDelete
  22. මටත් තේරෙන්නේ නෑ - අපූරුවට කවි කථා ලියාපු මේ මනුස්සය කෝ අප්ප.. :-(

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails