9/19/2013

ආදරේ නැතුව ඇති...


නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට 
ආදරේ නැතුව ඇති





...............


7 comments:

  1. ආදරය කියන්නේ අයිතිකර ගැනීම ම නොවෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව්ව පණ්ඩිතයින්ගෙ කතා විතරයි කකා!

      Delete
  2. ඇත්තටම මම නුඹට ආදරේ නැතුව ඇති...:)

    ReplyDelete
    Replies
    1. වෙනස තේරුණා එහෙනම්
      ස්තූතියි පො.කු. ඔය මේ පැත්තෙ ආවමයි මයෙ හිතේ...

      Delete
  3. නුඹ මගෙන් වෙන්වෙලා
    දුරක ඉගිලෙන දාට
    හිනැහිලා ඉන්න එක
    නම් සැබෑ ආදරේ
    මම නුඹට ඇත්තටම
    ආදරේ නැතුව ඇති

    තුරුළු කරගෙන රැක්ක
    වැහි කඳුලු ගිලිහිලා
    කතර තෙත් කරන හැටි
    අහස උන්නද බලා
    එහෙම මට හිත හදා
    ගෙන ඉන්න බැරි නිසා
    මම නුඹට ඇත්තටම
    ආදරේ නැතුව ඇති

    නෙත් ඉමේ දඟ කෙරුව
    නිල් ගොයම හැර යද්දි
    හිත දරා උන් නමුදු
    ඉපනැල්ල තනිවෙලා
    එහෙම මට හිත හදා
    ගෙන ඉන්න බැරි නිසා
    මම නුඹට ඇත්තටම
    ආදරේ නැතුව ඇති

    නුඹ මගෙන් වෙන්වෙලා
    දුරක ඉගිලෙන දාට
    හිනැහිලා ඉන්න එක
    නම් සැබෑ ආදරේ
    ඇත්තටම මම නුඹට
    ආදරේ නැතුව ඇති
    ---------------
    ඔන්න ඔහොම පද ටික වෙන් කරහං.. නියම තාලයක් එනවා...

    ReplyDelete
    Replies
    1. මාර එඩිටින්....

      Delete
    2. ඔය දෙවිදිහටම තියෙන්නෙ දැන්
      තැන්කූ මාරෙ!

      Delete

LinkWithin

Related Posts with Thumbnails