4/11/2016

53. මේ සැරේ අවුරුද්ද





මේ සැරේ අවුරුද්ද
ඔහේ ඇවිදින් යාවි
"මෙමරි ෆුල්" වෙනකම්ම
සුබ පැතුම් නම් ඒවි

සුබ පැතුව උන් ඉතින්
කැවුම් කිරිබත් කාවි
මගේ කිරිබත්  කැවුම්
කවුරු හරි කා දාවි...

සූරියා වටේ ගොස්
යළිත් මීනෙට ඒවි
ඔහොම යන එක නුඹට
කවද හරි ඇති වේවි

කොහෝ උඹටත් ඉතින්
කිව්වාට අහනවැයි...
නිකරුණේ කෑ නොගහ
උඹෙ වැඩක් බලාගන්!




6 comments:

  1. අවුරුද්ද අපිව කා
    දාසය ද යන්න යයි
    ඊට පස්සේ ඉතින්
    වෙනද වගේ තමයි

    ReplyDelete
  2. වෙනද කලිසම් අදින
    නිවේදක ගිරා තැන
    ජොකා ඇද ඒ උඩින්
    රෙදි සරං ඇද ගෙන
    තෙපලයි දේසිය දේ ගැන

    ReplyDelete
    Replies
    1. මාකටින් මාකටින්...

      පුළුවන් උනොත් උන්
      අමුඩෙකුත් ගහන් එයි
      අමුඩෙ ගහනා විදිහ
      දන්නෙ නැතුවා හැඩයි!

      Delete
  3. මේස රාසියක් පසුකර
    සූරියා මීනා වෙත යන හදිස්සියක

    (උදේ පාන්දරම ඇවිත් කොමන්ටුවක් කෙටුවා, අතුරුරහන් නෙවැ)

    ReplyDelete
    Replies
    1. හදිස්සි වී යන අය යළි
      ගිය පාරෙම ආපසු එයි...

      හැබෑටම කොමෙන්ටුවට මක් උනාද?

      Delete

LinkWithin

Related Posts with Thumbnails