4/15/2016

54. නාරං කැවුම්




ඉස්කොලෙ නිවාඩුව දුන්නාම ඒ කාලෙ
දුවගෙන ගමේ යන්නෙ නාරං කැවුම් කන්න

තකහනියෙ මං එන්නෙ ඇයි දන්න කිරිඅම්ම
නාරං කැවුම් හැදුවෙ වතාවතකට වාගෙ

කහපාට පිටි එකේ තව මොනවදෝ දාල
හදපු ඒ කැවුම් ටික දිවිය ලොකේ රසයි

පැණි පොලුයි අත්ගුණෙයි පොඩි උන්ට ආදරෙයි
එක් වෙලා වෙන්න ඇති ඒ තරම් රස උනේ.

කිරිඅම්ම ගිහිල්ලත් අවුරුදුම හතක් දැන්
පුරුද්දට වගෙයි අපි මහගෙදර ගොඩ උනේ

මැද සාලෙ තේ මේසෙ කැවුම් අතිරස මැද්දෙ
දකින්නත් පුදුමයකි මෙන්න නාරං කැවුම්!

දෙක තුනක් කා දැම්ම නාරං කැවුම් හින්ද
කඩේ ඒවද මන්ද මේ තරම් හයි උනේ

හොරට පැණිපොල් දාල පදම වැරදිල වාගෙ
පුංචි දොඹ ඇට තරමෙ නමට නාරං කැවුම්

නුඹ උන්න නම් අද කියාවී" මේව නම්
හොඳයි නාරං කැවුම් දැකලවත් නැති උන්ට!"

14 comments:

  1. ගමේ අහල පහල හිතවතුන් ගෙනෙන ගෙදර හදන කැවිලි කන්න වාසනාව තවමත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්, කොච්චර එකක්ද ඒක...

      Delete
  2. ගොඩක් ගෙවල් වල දැන්
    ෆුඩ් සිටියෙ ගල් කැවුම්
    අනේ ඒ අතින් අපිටනං
    තවමත් එහෙම පවක් නෑ.

    ReplyDelete
    Replies
    1. තවත් ටික කාලෙකින්
      ඔක්කොටම කේටරිං
      නිව් ඉයර් පැකේජුත්
      නාවොතින් බලාපං

      Delete
  3. මාත් කැමතිම කෑමක්. ඒවා හදන්නේ කොහොමද කියලා නම් දැනන් උන්නේ නෑ හැබැයි

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් ඔය අනුන්ගෙ දේවල් වැඩිය හොයන්නෙ නැති හින්දා, හදන විදිය හරියටම හොයන්න ගියෙ නෑ.

      Delete
  4. මං හිතන්නේ අදයි අපි මේ පැත්තට ආවේ.... සින්ඩියට දා ගත්තා.. දැන් ඉතින් මගහරිනවා බොරු හරිද කොල්ලෝ..........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටනේ...
      සොඳුරු තර්ජනයක් වගේ....බයත් හිතෙනෝ...

      Delete
  5. කඩල ඇටයක් තරමේ එව්වා උනත් කමක් නෑ. මමත් හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තැන්ලා මේ පැත්තෙ ආවමයි මේ නෙවද?
      කෑව වගේ නෙවේ රජෝ සීනියි තෙලුයි ;-)

      Delete
  6. නාරන් කැවුම්. හා හා, මීනා කරන්නද දැන් ඉතින්, තියෙන කැවුමක් වත් කමු. අත්තම්මලගේ මතකයන් විතරයි දැන් ඉතුරු.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සොමියො අලුත් අවුරුද්දෙ බොහොමයක් පරණ මතක එක්ක ජීවත් වෙද්දි අත්තම්මවත් කොහොම අමතක කරන්නද?

      Delete
  7. නාරං කැවුම් හෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි...
      කිඹුලිට නම් එක කටටත් මදි වෙයි ඔන්න...

      Delete

LinkWithin

Related Posts with Thumbnails