4/07/2016

52. පුංචි පුළුං වලස් රාල...







පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ

පුංචි උනත් ඔහේට දැන් තියෙනව ලොකු වැඩක්...
මං දන්නව ඔහේ ඒක කරාවි හරි අපූරුවට...!

දඟ කරන්නෙ එහෙම නැතුව...  
බොරු කියන්නෙ එහෙම නැතුව
බයි ටික ඔක්කොම කාලා
කුක්කු ඩිංගකුත් බීලා

මූදු හතෙන් එතෙර වෙලා  
කඳු අතරින් පියාඹලා..
කවදා හරි එනකං මම
උණුහුමටම තුරුල් වෙලා  
සැපට නිදන්  ඉන්න ඕන...

කවදා හරි ආපු දාක
සිද්ද වෙච්ච හැම දෙයක්ම
අහන තුරා ඉන්නෙ නැතුව
මගේ ඔඩොක්කුවට වෙලා
ගිරවෙක් වගේ කියන්නෝන

පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ

කවදාවත් ආයෙ එන්න
බැරි වී ගියොතින් හෙම මට
කලිං කියපු රාජකාරි
අකුරට ටු කරන්නෝන

දඟ කරන්නෙ එහෙම නැතුව...
බොරු කියන්නෙ එහෙම නැතුව
කඳුළක් වත් වැටෙන්නොදී
බලා ගෙනම ඉන්න ඕනෙ...

මං දන්නව ඔහේ ඒක කරාවි හරි අපූරුවට..!

පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ







7 comments:

  1. කාලෙකින් ආව එක ගැන සතුටුයි පිලේ පැදුර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බූරු...
      තාමත් අපිව මතක කට්ටිය ඉන්නව එහෙනම්....

      Delete
  2. අහිංසක පැතුම ගොඩාක් දැනුනා, දුකකුත් නොදැනුනා ම නෙවේ. ඒ මුහුදු හතින් එතෙරවෙලා උන්න පුරුද්දට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ල සටහනක් තිබ්බට...
      මනුස්සයෙකුට කරන්න බැරිදේ පුළුං වලහෙකුට කරන්න පුලුවන් කියලා ගල්මල් කවදාවත් හිතල තිබුණද?

      Delete
  3. උන්නැහේ කාලකි‍න්.
    නරකද දැංවත් දිගටම ලිවුවොත්.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ එන විදිහක් :)
      මට කියන්නෙ උඹලත් ලියහල්ලකෝ ඉතින්..

      Delete
  4. ගොඩක් හිත රිදෙන කථාවක්
    අත් විඳල තියෙන හින්දා ආයෙත් හිත පෑරෙනව
    :-(

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails