Pages

5/26/2010

වඩිනු මැන සමිඳේ...


හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක.
දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ.
 
2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව.

ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි තැන් අමතක වෙන රෝගයක් තියෙනව. ඒ හේතුවෙන් සහ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වශයෙන් ඔවැනි කටයුතු වලට සහාය වීමේ යුතුකම ඉ‍ටු කිරීමක් හැටියටත් උන්නැහේ වැඩේට මැදිහත් වෙලා පොඩි උන්ට උපදෙස ටිකක් එහෙමත් දුන්නා. අපරදෙ කියන්න බෑ එතන හිටපු කොළු කෙල්ලන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.

ඒ වෙලාවෙ විනාඩි පහක් වහේ කාලයක් ඇතුළත ලියල දීපු පද රචනාවක් තමයි ඔය පහළින් තියෙන්නෙ. ක්ෂණිකව තනුවකුත් දාල සංගීතයත් නිර්මාණය කරළ දුන්න. කොහොම හරි අන්තිම දවසෙ ළමයි ටික ඒක හොඳට ගායනා කළා.
උන්නැහේ තාමත් ඒ ගැන තෘප්තිමත්.

ඒක record කරපු mp3 file ටික තැටියක තිබුණා. අද රෑට ගෙදර ගියාම හොයළ බලන්න ඕනෙ. තිබුණොත් දාන්නම්.
 



 ...........................................


අවිදු අඳුරේ තැවෙන සත වෙත
ඉසින්නට අම පැන් පොදක්
සනහ සනහා දැවෙන මිහිකත
වඩිනු මැන සමිඳේ //

(සංගීතය)

හසර නොම දැන අයාලේ යන -
                          සතට බුදුමග හෙළි කරන්නට //
අමා බණ පදයක් දෙසන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...

(සංගීතය)

සියල් දුසිරිත් හිසින් පිළිගෙන -
                       මිනිස්කම් සිඳ දමන දින දින  //
මෙසත් වග බෝසත් කරන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...


...........

11 Comments:

  1. ෂාහ් පට්ට!

    ReplyDelete
  2. lassana padha tikak...lassanai hitha niwilaa yanawa......

    ReplyDelete
  3. පුහ්.. උන්නැහේට මේවත් පුලුවන් එහෙනම් ඈ ?

    ReplyDelete
  4. ෂා..නියම වචන ටික උන්නැහේ..අර කිව්වත් වගේ අහන්නත් තිබුන නම් කියලා වැඩක් නෑ..හොයලා ඒක දාමුද බලන්න

    ReplyDelete
  5. මෙතෙ බුදුන් බුදු වන තුරු
    මනු සත් කැල නොවී නපුරු
    බුදුන් ගේ දහමට කර ගරු
    මඟ පෙන්වන්නේ ද කවුරු

    ReplyDelete
  6. කුසුම් පිපේවා පිපී සැලේවා සුවද දිදී දෙරණේ
    මෙත් පැතිරේවා සිත් සැනසේවා එළියෙන් සද කිරණේ,,,

    ReplyDelete
  7. කලින් සිංදුවට වැඩිය මට මේ සිංදුව ලස්සනයි.

    ReplyDelete
  8. උන්නැහේ බෞද්ධ විරෝධී ගීතයක් නොවැ ලියල තියෙන්නේ....

    හෙහ්... හෙහ්... එහෙනම් හොඳ ගීත රචකයෙක් ඈ..........

    ReplyDelete
  9. අඩේ අපි උන්නැහේට සලකනවා මදි නොවැ . .

    එකපාරටම ආපු හිතුවිල්ලකින් විනාඩි පහකින් මෙහෙම ලස්සන පද පෙලක් ලියලා තනුවකුත් දාන්න ඇහැකි නම් උඹ බුදු කලාකාරයෙක් වෙන්ට ඕන ගොයියෝ . . .

    හරිම සතුටුයි ඒ ගැන නම් . . . උඹට ජය . .

    ReplyDelete
  10. අජපල් නුග මුලදි කාමුක ඇස මානා
    ලෝනා වෙත පැමිණ රැව් නගමින් වීණා
    රඟ දුන් මර දූන් පැරදුව හැටි පානා
    වෙස‍‍ඟේ ඔකඳ වෙමු සදහම් ගඟ පීනා

    ReplyDelete
  11. හැමෝටම ස්තූතියි - වෙනවෙනම උත්තර දුන්නෙ නැතුවට තරහ වෙන්න එපා. මේ comments දකිනකොට සියලු රෝග සුව වෙලා මාර ‍ෆිට් එකක් එනවා අප්පා!

    අර කියපු mp3 එක හොයා ගන්න නං බැරිඋණා. දැන් ගොඩක් කල් නෙ. ආපහු රෙකෝඩ් කරන්න හිතාගෙන ඉන්නව.

    ReplyDelete

Related Posts with Thumbnails