5/09/2010

අරුම පුදුම මෝබියස් පටිය - Mobius Strip



 මීට අවුරුදු විසි පහකට විතර කලින් විජය ළමා පත්තරේ තිබුණ ලිපියක් "අරුම පුදුම මෝබියස් පටිය කියලා". ඒකෙ විස්තර කරළා තිබුණේ එක්තරා විශේෂිත ආකාරයකට සකස් කරගත්  පටියක් ගැන. අරුම පුදුම හැසිරීමක් තියෙන මේ පටිය ඔයගොල්ලන්ටත් හදල බලන්න පුලුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක්.
ඔයා පුංචි එවුන්ට මැජික් පෙන්නන්න කැමති කෙනෙක් නං මේක නියම වැඩක්.

අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙන්න මේවයි.

සෙන්ටි මීටර දෙකක් පමණ පලලින් යුත් මීටරයක් පමණ දිග කඩදාසි පටියක්
මැලියම් ටිකක්
කතුරක්

කරන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි.
කඩදාසි පටියෙ කෙරවලවල් දෙක එකට අලවගන්න.අලවද්දි මතක ඇතුව කඩදාසි පටියෙ එක දඟරයක් දමාගන්න. පහල තියෙන ඡායාරූපයේ ආකාරයෙ දෙයක් තමයි හැදෙන්න ඕනෙ.





පැහැදිළි කිරීමේ පහසුවට මෙතන පෙන්නල තියෙන්නේ පටිය තරමක් කෙටියි. මීටරයක් විතර දිග පටියක් ගත්තොත් තමයි වඩා හොඳ. එතකොට බලන අයට පටියෙ දඟරයක් දාලා තියෙන බව එච්චර පේන්නේ නැහැ.
දැන් කරන්න තියෙන්නෙ මේ පටිය කතුරෙන් හරියට දෙකට පලන එක. පටිය කැපිල වෙන්වෙන්නෙ නැති වෙන්න ප්‍රවේශමෙන් ඒ වැඩේ කරන්න ඕන. අන්තිමට ඔබට රවුම් දෙකක් ලැබෙන්න ඕන. එහෙම නේද ..? කරලම බලන්නකෝ.

........

ඔන්න ඕක තමයි මෝබියස් පටිය කියන්නේ. මේ සංසිද්ධිය සොයාගෙන ඉදිරිපත් කල ගණිත‍‌ඥයා වන මෝබියස් ගේ නමින් තමයි මේ පටිය හඳුන්වන්නේ.  වැඩේ තියෙන්නේ එක දඟරයක් දාල හදාගන්න මේ රවුමට තියෙන්නෙ එක දාරයක් සහ එක මතුපිටක් පමණයි. පාට කූරක් අරන් දාරය දිගේ පාට කරන් ගියොත් ඒක වැටහේවි.

මෝබියස් පටිය දෙකට පැලීමෙන් ලැබෙන ප්‍රතිඵලය නැවතත් දෙකට පැලීමෙන් ලැබෙන්නේ කුමකද කියලත් හොයල බලන්න අමතක කරන්න එපා...

මේ ගැන ගණිතමය පැහැදිලි කිරීමක් මෙන්න මෙතනින් බලාගන්න

9 comments:

  1. මට මෝල් වගේ !!
    තාම මේක මැජික් එක තේරෙන්නේ නෑෑෑ

    ReplyDelete
  2. අපූරුයි. මැක්සා වැඩක් නෙව මේක . ස්තුතියි .

    ReplyDelete
  3. ප්‍රභෘෂ්වර ...

    "මට මෝල් වගේ !! " :D :D :D :D

    මහ ලොකු මැජික් එකක් නෙවෙයි මේක... හැබැයි හරියට කලොත් මැජික් එකක් විදියට පෙන්නනත් බැරිනෑ.
    (Google search එකක් දාලා බලන්න)

    Danfun ...
    යු ආර් වෙල්කම් මිත්‍රයා

    ReplyDelete
  4. වෙලාවක් ලැබුනොත් උත්සහයක් දාන්න ඔනි... හිහි... වෙලාවක් නැති එක තමා ගැටලුව... බ්ලොග් කීපයක් බලල කොමෙන්ට් කරන්න ආවෙත් හුඟ දවසකින්

    ReplyDelete
  5. @ පිස්සා පලාමල්ල

    එක තමයි උඹව කාලෙකින් තමයි දැක්කෙ.
    පුළුවන් වෙලාවක කොරල බලංකෝ...

    ReplyDelete
  6. රස බර තොරතුරක් මේ දැන් කියවූවේ
    අමුතුම blog එකකි අද මට හමු වූවේ
    ඉස්සර නිතර විහසිත වෙත ගොඩ වූවේ
    ඇයි උන්නැහේ ඒ පැත්තට වත් නාවේ????

    ReplyDelete
  7. නිතරම ගොඩ වෙලා මං විහසිත පැත්තේ
    රසබර කවි කතා සැම රස විඳ ගත්තේ
    තැබුමට සටහනක් අමතක වී ඇත්තේ
    එපමණි මිතුර එහි වෙන කිසිවක් නැත්තේ

    ReplyDelete
  8. උන්නෙහැ බලන්නට
    ආවා මම මේ පැත්තට
    ගෙදර නැති බව දැක
    කියෙවුවා තිබු සියලු විස්තර
    දැනුම හොරකම් කරා
    සියල්ලට තුති පිදුවා
    ආයෙමත් එනවා
    සංතෘප්ත වී යන්න යනවා෴

    ReplyDelete
  9. මා ගෙදර නැති මුත්
    දොර අගුළු දමලා නැත්
    සොඳුරු සිත් ඇති වත්
    සිතුණු විට එන අවසරය ඇත්...


    තබා ගිය සටහන
    දු‍ටුවා කරන තු‍ටු මන
    ඔබ සතු‍ටු වී යන
    එකයි මාගේ පැතුම සැමදින...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails