6/23/2010

පුංචිම පුංචි සටහනක්

කොරේ පිටට මරේ කිව්ව වගේ වයිරස් උණකුත් ආවනෙ. සතියක්ම හාන්සි. සනීප උනයි කිව්වට තාම ඇඟට හරි මදි.

ඔලුවෙ අමාරුව නං තාම ඔය තියෙන්නෙ. දොස්තරලා කියන්නෙ කාළයත් එක්ක ටික ටික ඇරිල යයි කියල තමයි. ඒ උනාට ඉවසන එක මමම එපෑ කරන්න. කොහොම උනත් මගේ වෛද්‍යවරයා මාව තවත් තැනකට යොමු කළා... බලමු.

බ්ලොග් සහෘදයො ටික කම්පාවෙලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කොරළ තිබුන. බොහොම ස්තූතියි. ඒ ඔක්කොටම වෙන වෙනම උත්තර දෙන්න අමාරුයි. කීප වරක්ම උත්සාහකළා තත්වය සමාලෝචනය කරල පොඩි සටහනක් දාන්න. ඒ උණාට ලිවිල්ල අප්පිරිය වෙලා තිබුණෙ.

Hasitha, මාතලන්, දිල්, ඉලංදාරියා, පිස්සා පලාමල්ල, මහසෙන්, සංගීත අඤ්ඤයා මලයා, මාරයා, හරී, දුකා,  Outsider, Sri manjula, වත් , ප්‍රියංගී

මගෙ අම්මෝ මේ ඔක්කොම ආවනෙ ලෙඩා බලන්න. 

ඒ විතරක් නම් මදෑ...
තවත් යාළුවො ගොඩාක් ආව...

ඒ විස්තරත් එක්ක ළඟදීම හමුවෙමු.

ආ මහසෙන් ... ඕන් profile picture  එක අයෙමත් දැම්මා...

7 comments:

  1. මම ඒත් බැලුවා මෙච්චර කල් මොකද කියලා. අපෝ ඔය උන ගැන නම් කියන්න එපා. මටත් හැදුනා අවුරුද්දකට විතර උඩදි මාසයක් විතර එවරයි.

    ඉක්මනට හොඳ වෙලා ලියන්න පටන් ගන්න...

    ReplyDelete
  2. හයියෝ..........උන්නැහේ අසනීප වෙලාද? කවුදෑ බොලේ දන්නේ දන්වනම් ස්කිරිඥ දෙක තුනක් වත් අරන් එනන තිබුනා. හයියෝ..........වරද්දන්නේ නැතිව ඔය කසාය කල්ක චූර්ණ ටික බොනවා හොදයි. උගුරට හොරා එහෙම බෙහෙත් බොනවා නෙවෙයි ඔං

    ReplyDelete
  3. බේත් බොන්න ඔන්න!

    ReplyDelete
  4. අපොයි අප්පේ.. උන්නැහෙ ලෙඩින් වැටුනැයි? දැනං උන්න නම් හොඳවැයිං මී පැණි මුලක් හෙම ඇන්න එන්න තිවුණ නොවැ. දැන් ඉතින් මක්ක කොරන්නැයි?
    හනික කෙළිං කටින් ඉන්න ඇහැක් වෙන්ටැයි කියල ඕං මං කන්දෙ දෙයියන්ට බාරෙකුත් උනා!

    ReplyDelete
  5. විහිළුවට නෙමේ ඇත්තටම හදවතින්මයි අහන්නේ...දැන් කොහොමද ?
    කීප විටක් මේ පැත්තෙ කැරකිලා ගියාට...කිසිම හෝඩුවාවක් තිබුනේ නෑනෙ.....

    පුළුවන්තරම් විවේකි සුවයෙන් ඉඳන් සනීප වෙන්න.....ලියන එක වදයක් උනත් ඔය වගේ වෙලාවක් මොනවා හරි ලියන එකත් හොඳ දෙයක්......

    තුණුරුවන්ගේ සරණින් ඉකමනින් හොඳ වෙන්නකො...උන්නැගේ එනකම් අපි බලං ඉන්නවා

    ReplyDelete
  6. පිස්සා පලාමල්ල..
    ඔවු බං කියල වැඩක් නෑ. මාරම උණක් තමයි. සනීප උනාට පස්සෙ නෙව අමාරුව.

    ගීත් (සහෘදයා)...
    ඉස්කිරිඥ්ඥ මං ආසම කෑමක් බාන්... කොහොමෙයි දැනගත්තෙ.

    බොස් ...
    තිත්ත බේයි වලට නං මං කැමතිම නෑ.

    freedom ...
    ඒකනෙව හොඳටම ඌවා උනානෙ
    මී පැණි නං ඉතින් කොයි වෙලාවෙ ගෙනා වත් මොකද...

    දිල්...
    උණකුත් හැදුනා ඒකනං දැන් හොඳයි.
    ප්‍රධාන කේස් එක එහෙමම තියෙනව.

    විවේකය කියන එක තමයි හොයා ගන්න අමාරු. පහු ගිය දවස් වල නිවාඩු දාපුවටත් එක්ක යමරෙට වැඩ.

    ReplyDelete
  7. ඉතින් උන්නැහේ ඔහේගෙ පිලේ පැදුරට ගොඩ වෙනකොට මම ටිකක් පරක්කු වෙලා නොවැ. ඒකනෙ කියන්නෙ. මූන තහඩුව තිබ්බනම් ෂෝයි කියලා.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails