9/03/2010

හැක‍රැල්ලා ...බේරපාං ...!

වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා.

තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ.

ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම එපෑ යන්න. පදින එකාට ඉහලින් ගිහින් පොල්ලෙ යන එකා කලබලේට හැඬල් එක හරවන්න ගියොත් හෙම දෙන්නම දෙරි ගැහෙන්න බැරි නෑ.

ඔන්න ඉතින් ඔහොම දෙන්න එනකොට පොල්ලෙ හිටපු අජිත් දැක්ක යමෙක් හිමින් සැරේ කිසීම කලබොලයක් නැතිව පාර හරහා මාරුවෙනව. මෙච්චර මේ සයිකලයක් කඩාගෙන බිඳගෙන එනකොට කවුද බොලං හෙමි හෙමීට පාර මාරුවෙන්නෙ. නමුත් මේකා බොහොම සීරුවට පාඩුවෙ ගමන. මොකෙක් වත් නෙවෙයි මේකා හැක‍රැල්ලෙක්. මිනිස්සු දහයක් පාලොහක් හැපුනත් නොපෙනුනාට පාරෙ අයිනෙ ඉන්න බල්ලො පූසො බොහොම අපූරුවට පේන සමහරුන්ට වගේ අජියටත් මේකව බොහොම දුර තියාම පෙනුනා.

පෙනුන විතරක් නං මදෑ... මහපාර මැද්දෙ මහදවල් වල් අලියෙක් දැක්ක වගේ මේකා බෙරිහං දෙන්න පටන් ගත්තා...

"හැක‍රැල්ලෙක්...හැක‍රැල්ලෙක්... ඔන්න වසන්තයෝ හැක‍රැල්ලා...බේරපාං බේරපාං"





කෑගහල නිකං හිටියනං ඒත් මදෑ...අර රූං ගාල එන සයිකලේ හැඬල් එක දෑතින්ම බදාගෙන දෙපැත්තට කරකවන්න ගත්තා... හැක‍රැල්ලව බේරන්න. හිතපු නැති වෙලාවක සිද්ද වෙච්ච මේ වැඩෙන් වසන්තට බයිසිකලේ පාලනය කොරගන්න බැරිවේලා... ආයෙ ඉතින් මොන කතාද දෙන්නම බිම!



 මූණ කටවල් සමතලා කොරගෙන, පස්ස බිම ඇණගෙන බිමවැටිල හිටපු යාලුවො දෙන්න ඉස්සරහින් හැක‍රැලි යාලුවත් ඔහේ පාර මාරුවෙනව. තමන් වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු මනුස්ස පරාණ දෙකක් ලේ පෙරාගෙන කෙඳිරි ගගා පාර මැද්දෑවෙ වැටිල ඉන්නව කියලා ඌට වගේ වගක් නෑ.

අපේ යාළුවො දෙන්නත් යන්තං දනිපනි ගහගෙන නැගිටගන්න උත්සාහ කරට ඒක එච්චර ලේසි උනේ නෑ වැටිච්ච වැටිල්ලෙ හැටියට. ඒ උණාට හිතේ දුකක් නෑ... හැක‍රැල්ල බේරුණානෙ.

"උගෙත් හොඳ වෙලාව කියන්නෙ අපිව උගෙ ඇඟ උඩට වැ‍ටුන්නැති එකම කොච්චර දෙයක්ද නේදබං."
" හ්ම්හ්... උහ්"
දෙන්න තාම වැටිච්ච ගමං

ඔන්න ඔය වෙලාවෙ තමයි දැක්කෙ පාරෙ එහා කෙලවරෙන් මතුවෙලා දූලි වලා මතුකරමින් වේගයෙන් එන වෑන් එකක්.

හපොයි දෙය්යනේ... හනිකට පාර අයිනට පැන ගත්තෙ නැත්තං මේකා එන විදිහට දෙන්නව යට කොර ගෙන තමයි යන්නෙ. ඒ විතරක් නං මදෑ... ඇයි බං හැක‍රැල්ලා... ඌ තාම පාරෙ මැද හරියෙනෙ. අනිවාර්යයෙන්ම උන්දැව වෑන් එකට අහු වෙනවමයි. දැන් මොකද කරන්නෙ. මෙච්චර අමාරුවෙන් බේරගත්ත සතා තප්පර කීපයක් ඇතුළෙදි වාහනේකට යටවෙන්න අරින්න පුළුවන්ද?

බෑ.. කොහොමටවත් බෑ!!

වසන්ත නැගිට්ටා ...

කොන්ද රිදෙනවා, දනිස්ස වැලමිට තුවාල වෙලා ඒත් මොනවා කරන්නද?!

වේදනාව ඉවසගෙන පැන්න හැක‍රැල්ල ඉන්න තැනට.

ම්ම්ම්... අතින් අල්ලන්නත් මොකද්ද වගේ... අනික හැක‍රැල්ලො කියන්නෙ හරියට කිචි තියෙන සත්තු ජාතියක්නෙ උන් කැමති නෑ උන්ව කවුරුවත් අල්ලනවට.

කාලේ නාස්ති කර කර ඉන්න හැටියක් නෑ ...කරන්න තියෙන්නෙ එකම දෙයයි.

තිබ්බ වම් පාදය පෙරට... දුන්න දකුණු කකුලෙන් පාපන්දු පහරක් හැක‍රැල්ලව පාරෙන් අයිනට වීසි වෙන්න.





අනේ අනිච්චං!!! මොන හැක‍රැල්ලෙක්ද අප්පා... උන්දෑ කෑලි දෙකකට කැඩිලා එක කෑල්ලක් කාණුවෙ අනෙක් කෑල්ල ගුවන් ගත උණේ වැටටත් උඩින්!


ඊට පස්සෙ දෙන්න එක්ක සයිකලෙත් තල්ලු කරං ගෙදර ගියා කියළා තමයි ආරංචිය. මම තාම කල්පනා කරන්නෙ ඔය කතාව පිටට ආරංචි උණේ කොහොමද කියලා. මොකද තුන්වෙනි පාර්ශවයක් හැටියට එතන හිටියෙ හැක‍රැල්ල විතරයිනෙ.

කොහොම උනත් හැක‍රැල්ලට උගෙ හැක‍රැලි ආත්මයෙන් මිදෙන්න උදවු කරපු එකම මදෑ!!

11 comments:

  1. කොහොමද අප්පේ ඔය හැකරැල්ලව දැකලා තියෙන්නේ......නියම ඇස් දෙකක් නෙව තිබිලා තියෙන්නේ....:)

    ReplyDelete
  2. ඇත්තම කියපං උන්නැහේ.... කොහොමද උඹට ඔච්චර දුර හිටපු හැකරැල්ලෙක් පෙනුණේ කියලා...?
    හික් හික්...

    ReplyDelete
  3. අයියෝ.............. ඒ කියන්නේ හැකරැල්ලව බේරන්න ගිහින් තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නව.....හික්ස්....

    අර කිව්වත් වගේ අලියෙක් තරම් ලොකූ හැකරැල්ලෙක් වෙන්නැති. නැත්තම් ඌව දකින්නෙ කොහොමද...නේද උන්නැගේ ? :P

    ReplyDelete
  4. කකුල් කීයෙ හැකරැල්ලේක්ද හැබෑට හිටියේ?

    ReplyDelete
  5. මදැයි ඔයින් ගියා. පවු අසරණ හැකරැල්ලා..

    ReplyDelete
  6. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  7. උන්නෑහේ ගෙ ඇස් පෙනීම ගැන මම මේ කල්පනා කොරේ.... හි හි... පව් හැකරැල්ල...

    ReplyDelete
  8. අමුණලා කරලා මටත් ඔය කේස් එක වෙලා තියනවා.බේරන්න ගිහින් දෙකඩ වුන අවස්ථා

    ReplyDelete
  9. ඔහොම හැකරැල්ලට ගහලා හරියන්නෙ නැහැ. මම කියලා දෙන්න කරමේ. හැකරැල්ලට අගල් එකහාමාරක් මෙහායින් සෙරෙප්පුව කකුලෙ තියෙද්දිම නමලා දුන්නවගේ එක පාරම අතඅරින්න. එතකොට කුට්ටි පිටින්ම ඌව ගුවන් ගත කොලෑකි.

    අනික උන්නැහේගේ සිත්තර නං අපි පොඩි කාලේ කියෝපු කතන්දර පොත් වල තිබුනා වගේ සිත්තර. ඒවා හරිම ලස්සනයි!!!!

    ReplyDelete
  10. යාළුවෝ දෙන්නා පරම අවිහිංසාවාදියෝ දෙන්නෙක් නේ. ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමාත් දවසක් ගමනක් යද්දී පාර හරහා කූඹි යනවා දැකලා වාහනේ උන් උඩින් අරන යද්දී මැරෙන නිසා වාහනේ පාර අයිනේ නවත්තලා පයින්ම ඉස්කෝලේ ගියාලු

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails