11/05/2010

උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය 2... ප්‍රොජෙක්ටරය

ගෘහස්ත සිනමා පද්ධතියක් යන්න බොහෝ දෙනෙකුගෙ සිහිනයක්. මූලිකව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන  උපකරණ කට්ටලයකින් සමන්විත වන මෙවැනි පද්ධතියක මිල සාමාන්‍යයෙන් ඉහල මට්ටමකයි පවතින්නෙ. එම මිළ මට්ටම පද්ධතියේ ප්‍රතිදානයේ (output) ගුණාත්මක භාවය, නිෂ්පාදන නාමය වැනි කාරනා මත රඳා පවතින අතර සමහර විටෙක එය මිලියන කිහිපයක් වුවද විය හැකියි. අධික මුදලක් වැයකොට උසස් තත්ත්වයේ පද්ධතියක් මිලදී ගත්තද එයින් නියම ප්‍රතිඵල ලැබීමට නම් ඒවා ස්ථාපනය කිරීමට සිනමා ශාලාවකට ඔබින අයුරින් විද්‍යානුකූලව සකස් කළ කාමරයක් හෝ ශාලාවක් අවශ්‍ය වෙනවා. මේ සඳහාද තරමක් ඉහල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. මේ ආකාරයේ අංග සම්පූර්ණ සිනමා නැරඹුම් පහසු කමක් තමන්ගේ නිවසට එකතු කර ගන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට සිහිනයක්ම වන්නට ඒ සඳහා දැරීමට සිදුවෙන අධික පිරිවැය මෙන්ම පාවිච්චියේදී හා නඩත්තුව සඳහා වැයවන අධික මුදලත් හේතුවක්.

නමුත් තාක්ෂණික දැනුමක් ඇත්තෙකුට තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙළඳපොලේ ඇති පද්ධතියකට නොදෙවෙනි නැතහොත් ඊටත් වඩා  උසස් තත්ත්වයේ සිනමා පද්ධතියක් අඩු මුදලක් වැය වන ලෙස, තමා විසින්ම සකස් කර ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සඳහා සම්පූර්ණයෙන්ම නොවුනත් යම් පමනකට අත්වැලක් සැපයීමට මා බලාපොරොත්තුවන අතර කාල වේලා ඇති ආකාරයට ලියැවෙන මීලඟ ලිපි කිහිපය ඒ වෙනුවෙන් වෙන් වනු ඇති.

මා මුලින් පැවසූ පරිදි, ගෘහස්ථ සිනමාවකට ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් හා දෘෂ්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් අවශ්‍ය වනවා. මේ පද්ධති දෙකම එකිනෙකට නොදෙවෙනි කාර්ය භාරයක් ඉ‍ටුකරනවා වුවද දෘෂ්‍ය පද්ධතිය මින් මූලික වන බවට විවාදයක් නැහැ.

තැටි හෝ පටි වාදන යන්ත්‍රයක් සමඟ ඈඳා ගත් දෘෂ්‍ය ප්‍රතිදානයක් ලබා ගත හැකි උපකරණයක් එනම් විශාල ප්‍රමාණයේ රූපවාහිනියක් හෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (projector) දෘෂ්‍ය පද්ධතියට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙයිනුත් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තමන්ගේ සිනමා ශාලාවට එක්කරගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. විශාල ප්‍රමාණයේ රූප රාමු සමඟ නියම සිනමා ශාලාවක අත්දැකීමකට සමීප වීමට එමගින් හැකියි.

මා විසින් සකස් කිරීමට නිම කිරීමට අදහස් කල පද්ධතිය සඳහාද යොදා ගැනීමට මා අදහස් කලේ ප්‍රක්ශේපන යන්ත්‍රයක් එසේත් නැතහොත් ප්‍රොජෙක්ටරයක්. වෙනසකට ඇත්තේ එම ප්‍රොජෙක්ටරය මාවිසින් නිවසේදීම සාදාගත්තක් වීමයි.

එය බහුමාධ්‍ය (multi media) ප්‍රොජෙක්ටර සඳහා භාවිත කෙරෙන ජනප්‍රිය LCD තාක්ෂණය මත පදනම් වූවක්. තවමත් විවිධ වෙනස්කම් සිදු කරමින් අත්හදා බැලීමේ මට්ටමේ පැවතුනද මේ වනවිටත් එයින් සතු‍ටුවිය හැකි මට්ටමේ සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

වෙළඳපොලේ ඇති ප්‍රොජෙක්ටරයන්ගේ මිළ අධික වීමත් ඒවා හදිසියකදී අළුත්වැඩියා කර ගැනීමට ඇති දුෂ්කරතාවත් නිසා පමනක් නොව මෙවන්නක් තමා විසින්ම එකලස් කර ගැනීමෙන් ලැබෙන තෘප්තියද හේතුවක් කරගෙන අතගැසූ මේ ව්‍යාපෘතියේ අද්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගන්නේ අවශ්‍යතාව ඇත්තෙකුට තමාටද එවැන්නකට අතගැසීමට පෙලඹවීමක් ඇති කරමිනුයි.

මීළඟ ලිපියෙන් අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ, ඒවා සොයා ගත් ආකාරය වැයවන මුදල පිළිඹඳව මෙන්ම මෙහි මූලධර්මය පිළිඹඳවද කතාකිරීමට බලාපොරොත්තු වෙනවා.

28 comments:

  1. වටිනා අදහසක්... ලිපි පෙල සරලව ඉදිරිපත් කරන්න පුලුවන් තරම්...

    ReplyDelete
  2. එල එක උන්නැහේ...දිගටම ලියමු...

    ReplyDelete
  3. උන්නැහේ,
    ඔය වැඩේ පුදුම වටිනවා අපිට. මැරියන් පොඩි උන්ට උගන්වන පන්ති කාමරේ​ටත් ප්‍රොජෙක්ටර් එකක් වගේම හොද සවුන්ඩ් සිස්ටම් එකකත් දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. ප්‍රොජෙක්ටරයක් සාමාන්‍යයෙන් 1ක් විතර වෙනවා නේද? පුලුවන් නම් ඔය ගෙදරදී හදා ගන්න එක ගැන මුලින් කියන්නකෝ...... එතකොට මුලින් අපිට ඒක හදාගෙන සවුන්ඩ් පැත්ත හීන්සීරුවෙ දෙවනුව හදා ගත්තැකි. අපි හිතන්නෙ හොඳ මට්ටමේ පන්තිකාමරයක ඒ පහසුකම් තියෙන්න ඕනැ කියලා.

    ලොකු තාක්ෂණික දැණුමක් නැති අයටත් ඕක ගෙදරදි හදා ගත්තැකිද?

    කොහොමත් වැඩේට උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  4. පිස්සා පලාමල්ල ...
    පුළුවන් තරම් සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

    රත්ගමයා...
    අනිවාර්යයෙන්ම දිගටම ලියාවි

    බුද්ධි...
    මෙහෙමයි... දැනට වෙලඳපොලේ US$ 250-300 කට විතර ගන්න පුළුවන් ප්‍රොජෙක්ටර් තියෙනවා. (e bay හි සොයා බලන්න) ඒවයේ ප්‍රශ්නය තියෙන්නෙ හොඳින් අඳුරු කළ කාමරයක මිසක් බාහිර ආලෝකය පවතිද්දී නැරඹීමට අසීරු වීමයි. එය රඳා පවතින්නේ ප්‍රතිදානය කරන lumens ප්‍රමානය මත. මේ ගැන ඉදිරියේදී විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. අඳුරු නොකල වට පිටාවක් පවතිද්දී පවා නැරඹිය හැකි ඒවා තරමක් මිළෙන් වැඩියි.
    ඇත්තටම ප්‍රොජෙක්ටරයක් සෑදීමට මහා ලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ.

    ReplyDelete
  5. මාත් කාලෙකට කලින් ඔය පරණ LCD monitor කෑල්ලකුයි පරණ OHP(Over head Projector) එකකුයි එකුතු කරලා ඔය වගේ වැඩක් කළා ඒත් වැඩේ එච්චරම සාර්ථක වුනේ නෑ. උන්නැහේ ඕක පුළුවන් තරම් ඉක්මනට දානවනම් හොදයි. මොකෝ අයෙත් ප්‍රෙජෙක්ටරයක් අටවන්න ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
  6. හිංචි මල්ලී...
    LCD එකක් සහ OHP එකක් එකතු කරල ඔයවැඩේ කරන්න පුළුවන් හැබැයි ටිකක් උෂ්ණත්වය පාලනය කිරීම වගේ දේවල් කරදරයි. ඇත්තටම හිංචිමල්ලිගෙ වැඩේ අසාර්ථක වුන හේතුව මොකක්ද කියල දැනගන්න කැමතියි.

    ReplyDelete
  7. මේ ගැන දිගටම ලියනකම් අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  8. අද හෙට නැතත් කවදා හරි මේක අම්බානක් වැදගත් වෙනවා... ලියන්නකෝ දිගටම!

    ReplyDelete
  9. එල ඔහොම ‍යO...
    මයියා උන්නැහෙව අදුනගන්න ට්‍රයි කොරන එක ඇතැරලා දැම්මා..මයියා ගේ පලමු අදහස උනේ උන්නැහේ වරායේ බවයි...ඒක හරි ඇති..

    ReplyDelete
  10. මම ලඟත් පැනසොනික් ප්‍රොජෙක්ටර් එකක් තියනවා.ඒකෙන් පුලුවන් වෙයිද ඔය වැඩේ කරන්න.කොහොමත් ඉක්මනට,සරලව,වැඩේ ඉවරවෙනතුරුම ලියමු.අපි දිගටම ඉන්නවා.

    ReplyDelete
  11. මේ ගැන දිගටම ලියන්න මාත් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  12. මන් ළග තිබ්බ පරණ Power supply unit ටිකක ෆෑන් අරගෙන උෂ්ණත්වය නම් පාලනය කරගත්තා. මෙන්න මේවා තමා විසඳගන්න බැරි වුන ප්‍රශ්න.

    01. දවසක්ම කොටුවේ කට්ට කාලා හොයාගත්ත හොදම බල්බ් දෙකත් එළිය දෙන්නේ කහ පාටට ඉතින් පේන රූප නිකන් පරණ ෆිල්ම් එකක් බලනා වගේ.

    02. ඒ දවස් වල මං ලඟ Dual VGA තිබුණේ නෑ ඉතින් සාමාන්‍ය විදිහට වැඩකරගන්න ඕන වෙනකොට කේබල් මාරු කරන එක කරදරයක්

    03. රූප වල බොදවීම් ගතිය ගොක් තිබුණා.

    ඔය ප්‍රශ්න ටික නම් කොහොම හරි විසදගත්තා කියමුකෝ මේන් මේ ප්‍රශ්න දෙක තමා විසගන්න අමාරුම වුනේ.

    01. ඒ දවස් වල අපේ විදුලි මීටරේ හොඳට තිතට වැඩ (දැන් වැඩ නෑ) ඉතින් ඔය ප්‍රොජෙක්ටරෙන් ෆිල්ම් එකක් බලනවට වඩා ලාබායි හෝල් එකෙන් බලන එක.

    02. Head phone දෙක නැතුව බැලුවොත් ගෙදර අයගෙන් සද්දේ අඩු කරන්න කියලා එන ඉල්ලීම්(මේවා හරියට අපේ සහෝදර වරු ඉල්ලන ටිකක් සැර වැඩි ඉල්ලීම් වගේ)

    අනේ උන්නැහේ ඉක්මනටම දැම්මොත් තමා හොඳ කාමරේ Sound proof කරන විදිහකුත් දෙනවා නම් වඩා හොඳයි වගේ

    ReplyDelete
  13. ඉතිං කියා දියං ඉක්මන් කොරලා. මුලින්ම මොනාද ඕනැ බෝතල් අඩිද? කාච හැටියට ගන්න.......!:D

    ReplyDelete
  14. sithuwilimandiya
    ස්තූතියි දිරිමත් කළාට
    h
    දිගටම ලියන්න තමයි හිතං ඉන්නෙ, වෙලාව තමයි ප්‍රශ්නෙ.

    මයියා
    උත්සාහය අත අරින්න එපා බං. ළඟදීම මයියාට උන්නැහේ අඳුන ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මයියා 99/00 Mech ද?

    dinesh
    ස්තූතියි මේ පැත්තෙ ආවට...
    වැඩකරන ප්‍රොජෙක්ටරයක් තියෙනවනං ආයෙ ඉතින් වෙන මොනාද ?

    Praසන්ன
    සාදරයෙන් පිලිගනිමි. ස්තූතියි කොමෙන්‍ටුවට.

    ReplyDelete
  15. හිංචි මල්ලි
    සෑහෙන හොඳ අද්දැකීමක් ලබලා තියෙන පාටයි.

    1. projected image එකේ නිවැරදි පාට පේන්න බලපාන්නේ මූලිකවම බල්බ් එකේ colour temperature එක. projection සඳහා 5000K -6000K විතර color temperature එකක් තමයි සුදුසු. තිරයෙ (screen) වර්ණයත් බලපානව.

    2. විසඳුම ඔබ සතුයි

    3. OHP එකක් එක්ක වැඩකරල අදදැකීමක් නැති නිසා යමක් කියන්න අමාරුයි. කොහොම උනත් සීරුමාරු කිරීම් මදින් හොඳ ප්‍රතිඵල ලැබෙන්න ඕනෙ.

    අමාරුම ප්‍රශ්න ටික...
    1. OHP එක 500W වත් ඇති. ඉතින් හිතාගත්තෑකිනෙ වියදම. කොහොම වුනත් projector රාජකාරිය තරමක් වියදම් සහගත වැඩක් තමයි. ඉදිරියේදී බලමු මොනවද තියෙන විකල්ප කියලා.

    2. :D :D අඩු මුදලකට ear plags හදාගන්න ක්‍රමයකුත් කියන්නම් එහෙනං.

    ReplyDelete
  16. බුද්ධි...
    බලහල්ලකෝ මේකාට තියෙන හදිස්සියක්...
    දෙවැනි ලිපිය ලියමින් පවතී...

    ReplyDelete
  17. අනේ ලොකු දෙයක් උන්නැහේ. දැන් ෆේස් බුක් එකටත් වඩා එන්නේ පැදුරට අලුත් පොස්ට් එක දැන්වත් දාලා ඇති කියලා බලන්න. ඇත්තම කියනවා නම් color temperature කතාව මම දැන් තමා දැන්නේ. මම දැනන් හිටියේ ඔරිජිනල් එකේ පාට හොදයි පස්සේ දාන එව්වා වල පාට කහ පාටට හුරුයි කියලයි විතරයි. ඕන් දැනුමෙ තරම.

    උන්නැහේට පිං සිද්ද වේවා ඕන්

    ReplyDelete
  18. එල... උන්නැහෙගේ ඉදිරි ලිපි මගේ ව්‍යාපෘතියටද බොහෝ බලපෑම් ඇති කරනු ඇත... ( අහවල් මගෙ ව්‍යාපෘතිය... උඹව ගෙඩි පිටින් කොපි කොරන්ට තමා හිතන් ඉන්නේ... හිකිස්...) පොඩි ඡායාවක් වගෙ අදහසක් තියෙනවා... කොහොම හරි තව අවුරුද්දකටත් එහා යයි මගෙ වැඩේ පටාන් ගද්දි....

    ReplyDelete
  19. හා එහෙනම් දැන් ඔයා අල්ලන්න ..මම දුවන්නම්

    ReplyDelete
  20. මයියා
    අල්ලන සෙල්ලම පටන් ගැනීමට නම් අහපු ප්‍රශ්නයට උත්තර අවශ්‍ය වේ.
    මයියා 99/00 Mech (නේ)ද?

    ReplyDelete
  21. අහස උසට නැග ගියාට නැනේ අහසේ රැදෙන්නේ...99/00 තමා

    ReplyDelete
  22. වං අතින් ගිටාර් ගහන කෙනෙක්ද?

    ReplyDelete
  23. මයියා පරාදයි..

    ReplyDelete
  24. ඔන්න මයියා ආයේ අල්ලනවා.....ච_න නේද?

    ReplyDelete
  25. නැත! නැත!! තොප සිහිනෙනුදු නොසිතන්නෙකි.

    ReplyDelete
  26. හපොයි තුන් වෙනි පාර මේ ආපු... තාම නැනේ අම්මපල්ලා උන්නැහේ මේක කියලා දෙන්නෙ!

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. මයියා දිනුම්ය....
    මයියාගේ එම කොමෙන්‍ටුව ඉවත් කිරීම ගැන අමනාප නොවනු ඇතැයි සිතමි.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails