4/19/2016

55. වීදියේ අපි...


ගූගල් ස්ට්‍රීට් එකෙන්
ඔයාලාගෙ ගෙදර ඇවිත්
ඇතුලට යාගන්න බැරුව
කැරකි කැරකි උන්නා මං

ඉස්සර නම් බයෙන් උනත්
කෙළිම්ම ගිය හැකි ඇතුලට
අවුරුදු කීයක් උනාද
හිතා ගන්න බෑ ඇත්තට... 

මිදුලෙ තිබුණු රන් තැඹිලිය
කපා දාල වගේ නේද? 
ඇඹරැල්ලා ගහනම් ඔය
තියෙන්නෙ තව අපූරුවට. 

මතකද අපි උන්නු විදිහ
සිමෙන්ති බංකුවෙ හවසට
කාලේ ඒකෙ තිබුනෙ
සුදු පාටද කොහෙද නේද..? 

මල් ගස් නම් හරි පුදුමයි
තාමත් පණ තියෙනා රඟ
තණ කොල ටික මැරිල ගියේ
වාහනයක් වත් එනවද?
 


ගේට්ටුවත් ඇරල දාල
තාප්පෙ කොලපාට ගාල
කාගෙද අර පුංචි ඇඳුම්
ඇනෙක්සියේ බබාලගෙද..?



16 comments:

  1. අවුරුදු ගානක් ගෙදරට
    නොගිහින් හිටියානං තව
    මොකට හොයන්නට යනවද
    පුංචි උංගෙ රෙද්දක් ගැන.

    ReplyDelete
    Replies
    1. හිත හීලෑ නෑ
      හරිම මුරණ්ඩුයි
      තැන තැන රිංගනවා...
      :(

      Delete
  2. ගූගල් බැලූනය උඩ පාවෙවි ලයිව් ස්ට්‍රීමිං ආවොත්...

    ReplyDelete
  3. වීදියේ අපිට පෙනෙන්නේ මේ වගේ අවුරුදු හීන තමා.

    ReplyDelete
    Replies
    1. මේක අවුරුදු හීනයක් මත් නෙවේ... තුමණි!

      Delete
  4. ගූගල් වලිං ඕපාදූප සෙවීම..
    ඉස්සරහට මේවගේ වෙන්නත් බැරි නෑ...
    හැක්
    පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. අබිලිං ගොයියලගෙ පරම්පරාවෙ අය පවු නේ...
      ස්තුතියි මහේෂ්!

      Delete
  5. පිලේ පිලේ මේ අහන්න
    ඈ ගැන දැන් නොසොයා ඉන්න
    හිතේ රිදුම් අඩු කරන්න
    ස්ටිුට් වේ නොබලා ඉන්න

    මීට

    කිඹුලී

    ReplyDelete
    Replies
    1. අර පු‍ටුව උඩට නැගල බලපු කතාව දන්නව නේද කිඹුලී...
      :)

      Delete
  6. මේ මඟුල සමහර ෆෝන් වලට වැඩ නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. එහෙමද?
      අර ජිල්මාට් ෆෝන් ද මොනාද ඒවට වෙන්න ඇති.
      එවා පාවිච්චියක් නැති හින්දා දන්නෙ නෑ...

      හෝව් හෝව් "මේ මඟුල" කිව්වෙ බ්ලොග් එකද? ගූගල ස්ට්‍රීට් වීව් එකද?

      Delete
  7. වැදුනා සැරටම

    ReplyDelete
    Replies
    1. එහෙමනම් හොඳා වෙඩික්කාරයෝ...
      වෙඩිල්ලක් තියන්නෙ වදින්ට නොවැ.

      Delete
  8. මරු! සන්තෝෂයි ආයෙ ලියන එකට‍

    ReplyDelete
    Replies
    1. :)
      තැන්කියු මේ පැත්තෙ ආවට...

      Delete

LinkWithin

Related Posts with Thumbnails