
ගොසින් සිටි පිට රටකට
මිතුරු සඳ සියරට
ආ පුවත සැලවුණිය මාහට
මිතුරු සඳ සියරට
ආ පුවත සැලවුණිය මාහට
සෙවනැල්ලක් ලෙසින්
කලෙක සිටි මා සකියන්
යළි දැක ගනු රිසින්
ගියෙමි පසුදින එදෙස විගසින්
කලෙකින් ආ නිසා
බොහෝ තොරතුරු විමසා
සිත සතුට ගවසා
එන්නෙමැයි යළි එදින සවසා
සිතමින් ඒ ලෙසට
ගියමුත් ඔහුගෙ නිවසට
මිතුරු සඳ වෙනුවට
බිරින්ඳෑ විත් සිනාසුණි මට
"සබඳ තොප මිතුරා
බිඳකට ගියෙන් බැහැරා
විගසින් එනතුරා
හිඳින්නැයි" කී මදක් කලැ'රා"
ඈ කී බස් අසා
සිටිය කල හිඳ ඉවසා
කුඩා පුතු " මනුසා "
දුටිමි කෙළිනා සතුටු විලසා
දුරු රටකින් රැගෙන
තෑගි විලසින් ආ ගෙන
තුවක්කුව වනමින
සරදියෙල් ලෙස රඟයි පැන පැන
එක් වරම කොළුවා
ආලින්දයට පිණුවා
ගිණි බටය ඔසවා
මවට වෙඩි වරුසාව හෙළුවා
මව් එය නොදත්තී
කිසිදු ගණනක් නැත්තී
මදහස මුවැත්තී
මා සමග තව කතා ඇත්තී
එවිට ඒ කොළුවා
මවු ඇඳි වතින් අදවා
අතක් ගෙන සොලවා
මහ හඬින් මේ විලස කීවා
අම්මේ මා දයා
මගෙ වෙඩි තැබුම අගයා
මැරෙන්නකො දැන් ඔයා
සෙල්ලමට මගෙ නැතිද සහයා
මෙබස අසමින්නේ
මවු පුතුට සැර වන්නේ
"මොකදෑ කරන්නේ
වද නොදී මට පසෙක යන්නේ"
මවු නොමැරුණ නිසා
පොළොවේ අත් ගසා
අඬයි දැන් කොළු ලෙසින් වලසා
දකිමින් මේ දසුන
දහසක් සිතුම් සැණෙකින
ඊයම් බරු ලෙසින
බර කළා මගෙ හිසමතට පැන
මල් වැනි ළමුන්නේ
පොඩි සිත් දරුණු වන්නේ
ඔවැනි මහ වුන්නේ
වැරදි වලිනිය මම සිතන්නේ
කෙළි බඩුවක් විලස
ගිනි අවිය නම් කිසිලෙස
නුසුදුසු බව මෙලෙස
කියා සිටියෙමි ඔවදනක් ලෙස
ඔවැනි දේ වෙනුවට
පුතුගෙ පාළුව මැකුමට
කෙළිදෙලෙන් සිටුමට
දෙන්ට කීවෙමි "මල්ලියෙක්" හෙට
http://www.sinhalasindiya.co.cc/ pls join me soon
ReplyDeleteඋන්නැහේගෙ අදහසනම් බොහෝම අපූරුයි. ලස්සනට ගලපල ලියල තියනව. ළමයෙකුට සෙල්ලම් බඩුවක් අරන් දෙද්දි ඒක ගැන සැලකිලිමත් වෙන්න, මේක හොඳ උදාහරනයක්.
ReplyDeleteහ්ම්..පොඩි අයට ගැලපෙන දේවල් දේන එක වැඩිහිටියන්ගෙ යුතුමකමක්...අපේ පොඩි එකාට අපි තුවක්කු දීලා නැ..එත් මිනිහා ඔය පොඩි ලී කැලි අරගෙන තුවක්කු කියලා සෙල්ලම් කරනවා...
ReplyDelete@ Ano-
ReplyDeleteඔය http://www.sinhalasindiya.co.cc කියන එක අපේ බ්ලොග්ස් බලෙන්මනෙ සින්ඩිකේට් කරන්නෙ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ...
@ Peter -
තැන්කූ ඉතාලියෙ ඉඳන් මේ පැත්තෙ ආවට.
@ Yasa..
පොඩි එකත් ඉතින් උඹ වගේම නැතෑ...
ඌටත් music උගන්නපන්.. එතකොට තුවක්කු සෙල්ලං එපා වෙයි..