මිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි.
ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා බැලුවොත් දකින්න පුළුවන්. මේකට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. මිනිසුන්ගේ ඇසීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම වගේම ඒ ඒ අයගෙ අධ්‍යාපන මට්ටම ආර්ථික තත්වය වගේ දේවලුත් මෙයට බලපානව ඇති සමහර විට.

බොහෝ විට ආර්ථික පැත්තෙන් දුෂ්කරතා ඇති හා ඒ හේතුවෙන් අඩු අධ්‍යාපනයක් ලැබූ අය අතර මෙලෙස විවිධ වචන සම්මත රූපයෙන් බැහැරව පාවිච්චි වෙනවා බොහෝ සෙයින් දකින්න පුළුවන්.
" මුදලාලි ... මට දෙන්නකො සත්ති පිටි එකක්."
දවසක් කඩයකට ගොඩවැදුණු අයෙක් කඩ හිමියාගෙන් යමක් ඉල්ලා සිටියේ එහෙමයි.
එහිදී සිදුවෙලා තිබුණෙ කිරි පිටි වල නම පැවසීමේදී ඒ තැනැත්තා "ර" යන්න වෙනුවට සයන්න භාවිත කර තිබීමයි. හොඳින් නිරීක්ෂණය කරනවා නම් මෙවැනි උදාහරණ ඕනෑ තරම්.
එහිදී සිදුවෙලා තිබුණෙ කිරි පිටි වල නම පැවසීමේදී ඒ තැනැත්තා "ර" යන්න වෙනුවට සයන්න භාවිත කර තිබීමයි. හොඳින් නිරීක්ෂණය කරනවා නම් මෙවැනි උදාහරණ ඕනෑ තරම්.
තවත් ප්‍රදීප් නම් වූ මා දැනසිටි අයෙක් තමන්ගේ නම පැවසුවේ "පොදීප්" ලෙස. කෙතරම් උත්සාහ කලත් ඔහුට "ප්‍ර" ශබ්දය උගන්වන්නට අපට නම් පුළුවන් වුණේ නැහැ. සමහරුන් නිතරම ඔහුගේ නම විමසා සමච්චල් කලා මට මතකයි.
ඉහත සිද්ධි දෙකම එතරම් උගත් කමක් නැති පුද්ගලයන් හා බැඳුණු ඒවා. නමුත් ඔවුන් අතරින් විතරක් නෙවෙයි මෙවැනි වචන අසන්නට ලැබෙන්නේ...
උදාහරණයක් හැටියට "ප්‍රජාතන්ත්‍රවාදය" කියන වචනය නිසි ආකාරයට උච්චාරණය නොකරන ඉහල සමාජයේ පුද්ගලයන් එමට අපි අතර ඉන්නවා. ඔවුන් නූගතුන් යැයි කියන්නත් බැහැ ඒ වගේම එම වෙනස් කම ප්‍රාදේශීය භාවිතයක් කියලා කියන්නත් බැහැ.
මෙ වගේ වැල් වටාරමක් ලියන්න පෙළඹීමක් ඇතිකළේ නිතරම ඇහෙන තවත් ඒ වගේ වචනයක්. ඔබ අසා ඇති "ඇමති තුමා" කියන වචනය. මෙය බොහෝ දෙනා - දේශපාලකයන් , සමහර මාධ්‍යවේදීන් පවා- උච්චාරණය කරන්නේ "ඇමයි තුමා" හැටියටනේ... ඔවුන් එහි එන "ති" යන්න හරියාකාරව ශබ්ද කරන්නෑ. එක අතකට " ඇමති තුමා" කියනවට වඩා "ඇමයි තුමා" කියන එක පහසුයි. කොහොම වෙතත් මෙවැනි භාවිතයන් දනවන්නේ හාස්‍යයක්.
මෙන්න මේ හා ඈඳිය හැකි රසවත් සිදුවීමක්.
ඒ දවස් අපි පහ වසර පන්තියේ හිටපු කාළය. විදුහලේ අපේ අංශ බාරව හිටිය මැතිණියත් ඔය "ඇමති තුමා" කියන එක "ඇමැයි තුමා" කියල කියන ජාතියෙ කෙනෙක්. සතියකට වරක් අඟහරුවාදාට පැවැත්වෙන උදය රැස්වීමේදි සමහර දාට එතුමිය පුංචි කතාවක් කරනවා. එහිදී විදුහල්පති තුමාගෙන් හා රැස්වෙලා ඉන්න ආචාර්ය මණ්ඩලයෙන් අවසර ගන්න එක අනිවාර්යයෙන්ම කරන දෙයක්.
" ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් ..." එහෙම කියල තමා සාමාන්‍යයෙන් අවසර ගන්නෙ.
හිතාගන්න පුළුවන් නේද මෙතුමිය අවසර ගන්න ඇත්තෙ කොහොමද කියලා....
............................