Showing posts with label මගේ මතය. Show all posts
Showing posts with label මගේ මතය. Show all posts

3/13/2010

පුංචි පහහේ මං...

සිංහල ලේඛණ වල, වචන අතර ඉලක්කම් භාවිතා වන තැන් වලදී දැන හෝ නොදැන සිදුකරන විප්‍රකාරයක්  ගැන කෙටි සටහනක් ලියා තබන්නට සිත් විය.

එදිනෙදා අප දකින සිංහල වැකි අතර බහුලව දැකිය හැකි මෙය හොඳින් විමසා බැලූ විට කෙතරම් හාස්‍ය ජනකද යන්න ඔබටම වැටහේවි.

"පුංචි 5හේ මං"

මෙය බහුතරයක් දෙනා කියවූයේ "පුන්චි පහේ මං" කියා වුවත් නිවැරදිව එය කිව යුත්තේ "පුංචි පහහේ මං කියා නොවේද"?...

"5" ලෙස ලියන රූපය ශබ්ධයට නැගෙන්නේ "පහ" යනුවෙනි. එහි අගට හේ යන්න යෙදූ පමණින් එය "පහේ" ලෙස කියවිය හැකිද?. නැත ඒවිට එය කිව යුත්තේ "පහහේ" ලෙසමය. එසේ නැතහොත් "5" යන්න කියවීමෙදී නැගෙන ශබ්ධය "ප" යන්නෙන් නැගෙන ශබ්ධයට සම විය යුතුය.

මා සිතන ලෙසට නම් ඉහත වැකිය නිවැරදි වන්නේ සම්පූර්ණ වැකියම අකුරෙන් ලිවීමෙන් පමණි.

එලෙසම, එකේ, දෙකේ තුනේ ආදී වචන සඳහා "1කේ", "2කේ", "3නේ" ලෙස ලියනු කොතෙකුත් දැකිය හැක. මේවාද සම්පූර්ණ අකුරෙන් ලිවියයුතු වදන්ය.

නමුත් එකක් දෙකක් තුනක් යනාදී වශයෙන් ලිවීමට "1ක්", "2ක්" , "3ක්" ලෙස යෙදීම කළ හැකි බව පෙනේ.

බ්ලොග් අවකාශයේද මෙවැනි යෙදුම්  සමහර අවස්ථා වල හමුවේ.

මෙය කිසිවෙකුගේ හිත් රිදවීමට කළ විවේච්නයක් නොවේ හුදෙක් මට සිතෙන දෙයයි

ඔබගේ අදහස් ද දක්වන්න.

LinkWithin

Related Posts with Thumbnails