හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක.
දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ.

2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව.
ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි තැන් අමතක වෙන රෝගයක් තියෙනව. ඒ හේතුවෙන් සහ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වශයෙන් ඔවැනි කටයුතු වලට සහාය වීමේ යුතුකම ඉටු කිරීමක් හැටියටත් උන්නැහේ වැඩේට මැදිහත් වෙලා පොඩි උන්ට උපදෙස ටිකක් එහෙමත් දුන්නා. අපරදෙ කියන්න බෑ එතන හිටපු කොළු කෙල්ලන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.
ඒ වෙලාවෙ විනාඩි පහක් වහේ කාලයක් ඇතුළත ලියල දීපු පද රචනාවක් තමයි ඔය පහළින් තියෙන්නෙ. ක්ෂණිකව තනුවකුත් දාල සංගීතයත් නිර්මාණය කරළ දුන්න. කොහොම හරි අන්තිම දවසෙ ළමයි ටික ඒක හොඳට ගායනා කළා. උන්නැහේ තාමත් ඒ ගැන තෘප්තිමත්.
ඒක record කරපු mp3 file ටික තැටියක තිබුණා. අද රෑට ගෙදර ගියාම හොයළ බලන්න ඕනෙ. තිබුණොත් දාන්නම්.

...........................................
අවිදු අඳුරේ තැවෙන සත වෙත
ඉසින්නට අම පැන් පොදක්
සනහ සනහා දැවෙන මිහිකත
වඩිනු මැන සමිඳේ //
(සංගීතය)
හසර නොම දැන අයාලේ යන -
සතට බුදුමග හෙළි කරන්නට //
අමා බණ පදයක් දෙසන්නට
වඩිනු මැන සමිඳේ//
අවිදු අඳුරේ...
(සංගීතය)
සියල් දුසිරිත් හිසින් පිළිගෙන -
මිනිස්කම් සිඳ දමන දින දින //
මෙසත් වග බෝසත් කරන්නට
වඩිනු මැන සමිඳේ//
අවිදු අඳුරේ...
...........