පිලේ පැදුර පටන් ගන්න කොට හීනෙකින් වත් හිතුවෙ නෑ මේකෙ කයි කතන්දර ලියන්න. අදහස තිබුණෙ ඔය මොන මොනවා හරි තාක්ෂණික ලිපියක් දෙකක් ලියාගෙන ඉන්නව කියල. ඒ වුණාට ඉතින් අන්තිමට බලද්දී තාක්ෂණික ලිපියි කියළා ලියලා තියෙන්නෙ ලිපි දෙකක් විතරයි.
ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි තාක්ෂණ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න පුළුවන් එකක් නොවන බව මා විසින් තරයේ ඇදහීම. නිවැරදි බව වගේම ප්‍රමාණවත් තරම් සාරවත් එකක් වෙන විදිහට ලියන්න ගියාම ආපහු අර පළමුවෙන කරුණ හරස් වෙනව.
ඔය දෙකටම අමතර කරුණක් විදිහට සිංහල බ්ලොග් අවකාශයෙ ඇති තරම් තාක්ෂණ ලිපි රචකයො ඉන්නවය යන හැඟීමත් මා තුල තියෙනව. සමහර විට බහුතරයකගෙ අවධානයට යොමු නොවෙච්ච යම් යම් දේවල් ගැන ඉදිරියේදී යමක් ලියවෙන්නත් ඉඩ තියෙනව. ඒ දැනට පර්යේෂණ මට්ටමේ තියෙන දේවල් සාර්ථක උණොත් පමණයි.
ඔන්න ඔච්චරයි අද බ්ලොග් සටහන...
ඒ උණාට ඔය පහළින් තියෙන් එකත් කියවලම යන්න...
මේක මම "සොඳුරු සිත" බ්ලොග් එකට ලියපු කොමෙන්‍ටුවක රූපාන්තරනයක්. අදහස මගේ හිත ඇතුළේ බිහි උණේ "සොඳුරු සිත" දාල තිබුණ පින්තූරෙ දැකලයි.
හැබැයි ඉතින් බොළඳයි කියල නෝන්ඩි කරන්න ඔට්‍ටු නෑ... හරිය....
ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි තාක්ෂණ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න පුළුවන් එකක් නොවන බව මා විසින් තරයේ ඇදහීම. නිවැරදි බව වගේම ප්‍රමාණවත් තරම් සාරවත් එකක් වෙන විදිහට ලියන්න ගියාම ආපහු අර පළමුවෙන කරුණ හරස් වෙනව.
ඔය දෙකටම අමතර කරුණක් විදිහට සිංහල බ්ලොග් අවකාශයෙ ඇති තරම් තාක්ෂණ ලිපි රචකයො ඉන්නවය යන හැඟීමත් මා තුල තියෙනව. සමහර විට බහුතරයකගෙ අවධානයට යොමු නොවෙච්ච යම් යම් දේවල් ගැන ඉදිරියේදී යමක් ලියවෙන්නත් ඉඩ තියෙනව. ඒ දැනට පර්යේෂණ මට්ටමේ තියෙන දේවල් සාර්ථක උණොත් පමණයි.
ඔන්න ඔච්චරයි අද බ්ලොග් සටහන...
ඒ උණාට ඔය පහළින් තියෙන් එකත් කියවලම යන්න...
මේක මම "සොඳුරු සිත" බ්ලොග් එකට ලියපු කොමෙන්‍ටුවක රූපාන්තරනයක්. අදහස මගේ හිත ඇතුළේ බිහි උණේ "සොඳුරු සිත" දාල තිබුණ පින්තූරෙ දැකලයි.
හැබැයි ඉතින් බොළඳයි කියල නෝන්ඩි කරන්න ඔට්‍ටු නෑ... හරිය....
රිදුම් දෙන නෙත නැගෙන සීතල
කඳුළු බිඳු වළකා මකා
සුසුම් ස්වරයෙන් ඉකිලමින් යළි
නොඑන ලෙස කීවද සදා
දෙනෝදාහක් අතර හැංගී
සිටින විට නුඹ දෙස බලා
දකින්නෙමි නුඹෙ නොඉවසිලි නෙතු
සොයයි කිසිවෙකු මග බලා
නුඹෙන් ඈතට ඉගිලිලා මා
තුටින් යැයි සිතනට එපා
විසල් බැමි පියමං කරන්නට
කඳුළු බිඳු වළකා මකා
සුසුම් ස්වරයෙන් ඉකිලමින් යළි
නොඑන ලෙස කීවද සදා
දෙනෝදාහක් අතර හැංගී
සිටින විට නුඹ දෙස බලා
දකින්නෙමි නුඹෙ නොඉවසිලි නෙතු
සොයයි කිසිවෙකු මග බලා
නුඹෙන් ඈතට ඉගිලිලා මා
තුටින් යැයි සිතනට එපා
විසල් බැමි පියමං කරන්නට
සවිය නැත අසරණ දෙපා
සිටිය ලෙස එක් සොඳුරු යුගයක
ඉන්න මිස තුරුළට වෙලා
කවරදාවත් යළි නොඑන්නෙමි
යන්න නුඹෙ කඳුලැලි බලා
සිටිය ලෙස එක් සොඳුරු යුගයක
ඉන්න මිස තුරුළට වෙලා
කවරදාවත් යළි නොඑන්නෙමි
යන්න නුඹෙ කඳුලැලි බලා
ප.ලි.: "සොඳුරු සිත" හිමිකාරි " වත්" ගේ අගය කිරීම නොවන්නට මේ පද පෙල මෙතනට එන්නෙ නැතිවෙන්න තිබුණා!
කතාව පැත්තකින් තියන්නකෝ. කතා නම් කාට ලියන්න බැරිද. ඒත් හිතක තියෙන කතාව පද වලට පෙරලනවා කියන්නේ නම් ඉතින් ලේසි පාසු වැඩක් නෙමේ කියලා දිල් නම් දන්නවා ඉතින්. මේ පඳවල මොනාද තියෙන බොළද බව කියලා මම ඇහුවොත් උන්නැගේ මට දෙන උත්තරය මොකද්ද ?
ReplyDeleteතමන්ගේ හිතේ මහ පෙරක් තරමට තියෙන ආදරය බොළදයි කියන වචන වලින් නොකියා වෙන කොහොම කියන්නද ?
හිත ඇතුලට දැනුන වචන අහුරක්...මට ඒක දැනුනා. අනිත් අයටත් ඒ විදියට දැනේවී
මෙච්චර අපූරුවට පෙලගස්වපු පදපෙලක් බොලඳයි කියන්න නම් බොලඳ කියන දේ නොතේරෙන කෙනෙක් වෙන්න ඕන. හරිම අපූරුයි, ලස්ස්නයි. ඒ වගේම ඒ වෙනුවෙන් නිර්මානය කරපු (ෆොටෝ ශොප් හරි පේන්ට් වලින් හරි වලින් වෙන්න ඕන ) පින්තූරෙත් ඊට එහා. නියමයි බන්. මට නම් කියන්න තියෙන්නේ "මාරයි" කියලා.
ReplyDeleteදිල් ...
ReplyDeleteස්තූතියි දිල් හැරෙන තැපෑලෙන් දාපු කොමෙන්‍ටුවට...
අහල තියෙන ප්‍රශ්නෙට නං උත්තර නෑ
දුකා...
ReplyDeleteඅප්‍රමාණ සතුටුයි මචං මේ පැත්තෙ ආවට.
අගය කිරීමට ස්තූතියි.
පින්තූරෙ පේන්ට් වළින් තමයි කුරුටු ගෑවෙ.
ඕන්න ඕවට තමා උන්නැහේ මට තද වෙන්නෙ. අපේ ඇත්තන්ට බැහැ නෙව තමංගෙ හැකියාව අඳුනගන්න. මගේ ප්‍රොෆා හැමදාම කියන්නෙ ලංකාවෙ මිනිස්සුංගෙ මාකටිං නැතිලු. හොඳට වැඩ පුළුවංලු. ඒත් ඒක කියන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හරිම පාඩුලු.
ReplyDeleteදැන් කියමුකො මේකෙ කොතනද බොළඳ කියල අර දිල් කියන්නැහෙ. උන්නැහෙගෙ කවි කාරකම ඉතින් උපරිමයි නෙවැ. සඳැස් වගේමනෙ නිසඳැසුත්.
මේ ඈට හිතෙන හැටි වෙන්නැති කියල මට හිතුණ හැටි හැබැයි හුඟ කාලෙකට ඉස්සර...
"පිටමං කරනට ඔබෙ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්"
ah . . mama hituwa paint wenna ona kiyalaa . . ela ela . . .!
ReplyDelete@ freedom
ReplyDeleteඅම්මෝ මෙන්න මෙයා බනිනෝ....
(හැබැයි කතාව ටිකක් විතර ඇත්ත වගේ.)
බනිනව විතරක් නම් මදෑ ගහෙත් නග්ගනවනෙ මෙයා...
මේන්න මං මුරුංග ගහේ උඩම අත්තෙ.... මේ ඇතිනේද? :D
කාරි නෑ බොහොම තැන්ක්යු.
ඔයාගෙ කවියත් හරියටම කතාවට ගැලපෙනව...
තව තව ගොඩක් ලියන්න. අර මට කියපු ටික ඔයත් පිලිපදිනවනං හොඳයි වගේ.
මම ප්‍රසිද්ධ කවියෙක් නූනට
ReplyDeleteරස විඳින්න පුලුවන් හොඳට, ලස්සනයි,, රහයි...
පින්තූරේ ඊට වැඩියෙන් රහයි ..
නමක් හදාගන්නකම් හොඳ දෙයක් ලිව්වත අගය කරන්නෙ නෑ.
හොඳ නමක් තියෙන එකෙක් ජරාවක් ලිව්වත් විචාරයට ඕනතරම් කෂ්ඨිය..
මේ රටේ දෙයක් අගයන්නෙ එහෙමයි. නමුත් වෙන රටවල එහෙම නෙමෙයි.. උදාහරනයක් ළඟදීම මගේ සංගීතා බ්ලොග් එකේ දාන්නම්.
මාතලන් හොඳ රසවතෙක් බව මීටරේට අහුවෙලා තිබුණෙ.
ReplyDeleteස්තූතියි..
යමක් පිළිඹඳ හොඳක් කියන්න වගේම සද්භාවයෙන් වැරැද්දක් පෙන්නා දෙන එකත් හැමෝටම කරන්න බෑ. ඒකට නොකිලිටි හදවතක් තියෙන්න ඕන.
සැලෙන්න නරකයි
හෙමි හෙමීට අපේ ගමන යන එකයි ඇත්තෙ.
ආපහු මේ පැත්තෙ ඇවිත් යන්න වරෙන්.
පිස්සු... කොහෙද මොනවද බොලද ??? ආදරය කරන්න ඒ ගැන කතා කරන්න බැහ බොලද නොවී. නිර්මානය ලස්සනයි.
ReplyDeleteමට අර පින්තූරේ හිතට ඇල්ලුවා. උබද ඇන්දෙ ???
කවිකාරයට සුභ පැතුම්. තව කවි ලියන්න.
ReplyDeleteපිස්සා පලාමල්ල...
ReplyDeleteතැන්කූ මචං
පින්තූරෙත් ඉතින් මගේම තමයි
:-D
Hasitha...
ReplyDeleteස්තූතියි හසිත
උත්සාහයක් දාල බලන්නංකෝ
සිතූ දෙය නොම වේය නිතරම තවත් වින්නැහියක් වෙලා
ReplyDeleteපතූ පැතුමන් සේම බොල් වී බැතේ සුළඟට විසිරිලා
රතූ වෙනතුරු දැස් දල්වා නුඹේ රුව හා ගලපලා
ගෙතූ සිත්තම කදුළු බොදවී පිලේ පැදුරට එක්වෙලා
විහඟ ගීතයට...
ReplyDeleteසිදුවූ දේට කුමටද පල නැත හඬලා
එනමුදු හදේ පැතුමන් නැත මියැදීලා
හසුනක් යවන්නට තනි වුන ඇය සොයලා
විහඟ ගීය එනු මදනළ හා එතිලා
ස්තූතියි මිත්‍රයා අදහස් බෙදා හදා ගත්තට
උන්නැහෙත් බලාන ගියාම සිරා සිත්තරෙක් නොවැ. ඒ මදිවට තව කවිත් ලියනවා. මාත් ඉතිං කවිද මොනාද එකක් ලිවුව එච්චරම තමයි ඊට පස්සෙ ලියන්න හම්බුනේ නෑනේ බොලං
ReplyDeleteආයිම කියනවා මරු..
@ ගයාන් තාරක
ReplyDeleteහික් හික්... වදෙන් පොරෙන් ඔය මොකක් හරි කුරුටු ගාගන්න පුළුවන් ඩිංගක් විතර.
ඉස්කෝලෙ අට නවය වසරවලදි කවි ලිව්වට පස්සෙ ආයෙ ලියන්න ගත්තෙ බ්ලොග් වල තමයි. මුළින්ම අනුන්ගෙ බ්ලොග් වල තමයි ලිව්වෙ.
උඹත් ලියන්න හම්බුනේ නෑ කියකිය ඉඳල හරියන්නෙ නෑ ලියපං. නැත්තං කොහොමෙයි පුළුවන් වෙන්නෙ.
ස්තූතියි ප්‍රතිචාරයට.