2/02/2011

මගේ ලයිසොමට මොකද උනේ

දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ.  මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුප‍ටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ.  වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න.


මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. හදිසි අනතුරු , ධන හාණි විතරක් නං මදෑ නින්ද නොයෑම හිසරදය ආදී නොයෙකුත් අපල උපද්‍රව වලින් අඩුවක් නෑ. ඒ අස්සෙ අළුත්ම අලකලංචිය තමයි අළුත් කරන්න දීපු රියදුරු බලපත්‍රය තාම ලැබුණෙ නැති එක. 


අළුත් කරන්න කිව්වට ඒක අළුත් කිරීමක්ම නෙවෙයි. මොකෝ උන්නැහේට තිබුනෙ බරවාහන ලැයිසොමක්නෙ. ඒකත් උන්නෑහේගෙ ඕනකමට ගත්තු එකක් නෙවෙයි. උන්නැහේට ඔනෙ කරල තිබුණෙ හෑල්ලු වාහන ලයිසොමක්. ඔය එකදාස් නවසිය අනූ අටේ විතර මයෙ හිතේ... ඒ කියන්නෙ උන්නැහේ හොඳ කොල්ලා කාලේ. (දැන් නං එච්චර හොඳ කොල්ලෙක් නෙවෙයි.) ඔන්න ඒ කාලෙ උපෙ එහෙම කොරල ඉන්නකොට ලැයිසොං ගන්න කියල පොඩි ආසාවක් එනවනෙ කොල්ලන්ට. අන්න ඒ ආසාව ආපුවාම උන්නෑහෙත් ගියා හැමෝම හොඳයි කියන ලංගමේ රියදුරු පුහුණු පාසැලට කළුතර. ඕක තියෙන්නෙ කළුගඟ අයිනෙ හරිම ලස්සන තැනක .

ඔන්න ඉතින්  ඔය ස්තානෙට ගිහින් හිට ආපු කාරනාව එහෙම කියලා පෝරං කොල  පුරෝලා සල්ලි බඳින්න ගියාම එතන හිටපු මහත්තැන් කියපි

" ආ.. මේ උන්නැහේට උස එහෙමත් තියෙන එකේ දාන්න පුළුවන්නෙ බරවාහන... අපරාදෙනෙ මේ සැහැල්ලු වාහන ගන්නෙ"

ඕන්න එතකොට තමයි උන්නැහේට අර මොකාටද වගේ මොලේ පෑදුනේ. ඔය පුහුණු පාසලේ සැහැල්ලු වාහන පුරුදු කොරේ පරන ජීප් එකකින්. අර කොල පාට එව්ව තිබුනේ...අන්න එයින් එකක්. බර වාහන පුරුදු පුහුණු කොරන්නෙ ඉතින් තඩි බස් වලින් නෙව. ඒක නිසා උන්නැහේ ගොයියත්  කල්පනා කොරා බස් එකකිම්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ කියලා. කවද එලවන්න ලැබෙන බස් දෑ. ගාන මට මතක විදිහට රුපියල් හාරදාස් අටසීයක් විතර.  ඒ කිව්වෙ අනුමත නිල ගාස්තු.. තව ඉතින් පුහුණු කරන මහත්තුරුන්නෙ එදිනෙදා වියහිදම එහෙමත් බලා ගන්න වුනා පුහුණුව කොරගෙන යන අතරතුර. ඒ කාලෙ හරි හරි වැඩ තමයි සිද්ද උනේ වෙලාවක් ආවෙඔත් එව්ව ටිකක් ලියන්න බලන්නෝනෙ.

කොහොමෙන් කොහොම හරි උන්නෑහේ වැඩි අමාරුවක් නැතිව බර වාහන ලැයිසොම ලැබුනා කියමුකො. අනේ එදා ඉඳලා අද වෙනකං එකම එක බරවාහනයක්වත් එලවන්න ලැබුණෙ උන්නෑහේට නෙවෙයි. ඒ වුනාට මොකෝ තුන් හතර වතාවක්ම ඕක අලුත් කරන්න නං සිද්ධ උනා. ඒක මලම වදයක්. නිවාඩු  දාගෙන නුගේගොඩ ගිහින් මැඩිකල් ගන්නයි, පොටෝ ගන්නයි, වැඩ කෝටියයි. ඉතින් මීට කාලෙකට කලින් ඉඳන් උන්නැහේට ඔනෙ වෙලා තිබුනා ඔය බරවාහන ලැයිසොම සැහැල්ලු වාහන එකක් බවට පත්කොරගන්න. අන්න එහෙම කොරගන්න කියල හිතල වේරහැර ගෙහුන් බාරදීප ලැයිසොම තමයි තාමත් නැත්තෙ.


අපරාදෙ කියන බැහැ වේරහැර ආයත්නෙ වැඩ ටික නං පංකාදුයි පිළිවෙලයි. උදේ නවයට විතර ගියමට තාවකාලික බලපත්‍රය ලැබුණා දොලහ විතර වෙනකොට. ඒ වෙලාවෙත් සෑහෙන පෝලිම. ඔක්කොම හොඳයි අර මොන්කද්ද එක නරකයි කිව්ව වගේ, ඔක්කඔම වෙලාවට කලාවට සිද්ධ උනාට තාම ලයිසොං කාඩ් එක තැපෑලෙන් ආවෙ නම් නෑ.


බරපතලම ප්‍රශ්නය තමයි අර එදා මාසෙක කාලයකට දීපු තාවකාලික ලයිසොම තව දෙදොහකින් අවලංගු වෙන එක.  හෙට දිහාට ආපහු ගිහිල්ල බලන්නත් හිතයි වේරහැර පැත්තෙ.


මෙහෙම දේවල් වෙච්ච ඇත්තො ඉන්නවනං කියමු බ්ලන්න සාමන්‍යෙන් කොච්චර කාලෙකින් විත ලයිසොම ගෙදෙට්ට එනවද කියල.... උන්නෙහැගෙ හිත හැදෙන්නත් එක්ක.

LinkWithin

Related Posts with Thumbnails