පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය
ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය
තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය
කිසිවක් නොලිය ඉන්නට සිත නැත රුතිය
හරියට දොලොස් මසකට පෙර මැයි මාසේ
සිදුවූ හදිසි අනතුරකින් වුනු දෝසේ
තවමත් විටින් විට හිස ඔසවයි රහසේ
වදදෙයි කෙලින් සිටිනට බැරි ලෙස බෝසේ
නමගිය වෙදුන් දොස්තරවරු මෙලක තුර
වෙහෙසුන නමුත් තුළ පසුගිය මුළු වසර
සුවකරලනු තබා කුම් වීදැයි සැකැ'ර
කියනට නොහැකි වී ඇති කරුමය කවර
සොලවනු තබා බලනට හරවා දෙපස
නොහැකිව තියේ කකියයි හිස දකුණුපස
නිදියනු පිණිස තැබුවද කොට්ටයට හිස
ගතවෙයි රැයම මොහොතක් නොපියා දෙ ඇස
ඊ ඊ ජී ගොඩකි එක්ස් -රේ තව ගොඩකී
දිග පෙති රවුම් පෙති කරලුත් මහ ගොඩකී
කුමක් කරත් නිසි සුවයක් නැති හැඩකී
බීපු වෙලාවට පමණක් සුවය දකී
කොතරම් ඇති නමුත් ඔලුවේ අමාරුව
සිහි කල්පනාවෙන් අඩුවක් නොමැත තව
එබැවින් ඉවසමින් තද වේදනා බව
පසුවෙමි පුරුදු ලෙස කරමින් රස්සාව
මේ ලෙස ගෙවෙන්නේ සැම දිනයම වාගේ
බියකුත් පවතීය සිත පතුලෙහි මාගේ
මා මලහොතින් වැඩිවීලා මේ රෝගේ
කවුරුද අදින්නේ පවුලේ බර බාගේ
.........................
ආරෝග්‍යා පරමා ලාභා නේ නීරෝගීකම පරම ලාභයනේ උන්නැහේ. ඔබට ඉක්මන් සුවය ලැබේවා.....
ReplyDeleteතෙරුවන් සරණයි !!!
කොහොම හරි ඒලියන්තව මින ගැසෙන්න...
ReplyDeleteඅනේ දෙයියනේ...මේ මොකද මේ උනේ ? පරිස්සමෙන් උන්නැහේ..හැමදේම හොඳින් සිද්ධවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........
ReplyDeleteබුදු සර්ණයි !
ඔබට ඉක්මන් සුවය පතනවා...ඉක්මනින්ම සුවවෙන්න් අලැබෙන්න......
ReplyDeleteදළදාසමිදු පිහිටයි..!
ඒක තම දැක්කෙ නැත්තේ කාලෙකින්...
ReplyDeleteඉක්මනට සනීප වෙන්න ප්‍රාර්තනා කරනවා...
උන්නැහේට මොකද උනේ ? අවුරුද්දකට කලින් සිද්ධ උන දෙයක්ද ? ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. ඒක තමයි මම බැලුවේ.
ReplyDeleteඒක නෙමෙයි. PROFILE PIC. එකට මොකද උනේ? ඒක නැහැ නොවැ.
ඔබට ඉක්මන් සුවය පතනවා...
ReplyDelete-සංගීත අඤ්ඤයා-
We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
කවියටත් පබැඳුමට යහපත් උන්නැහේ අපෙ මිතුරු මිනිසා..
ReplyDeleteදුකට පත් වී ඇතද නැවතත් විලස පෙර ලෙස සුවය පිණිසා..
යදින්නෙමි කතරගමට අධිපති දෙවිඳු මයුරාසනය සරසා..
විගස සාදා දුන මැනවි සුව එන්න අප වෙත නැවත නොලසා..
නිරෝගී සුව පතමි!!!!!!!!!!
ReplyDeleteබොහෝම කනගාටුයි උන්නැහේ ඔබ තුමාගේ රෝගී තත්වය ගැන. බොහෝම ඉක්මනින් සුව වෙන්න කියලා පතනන්ම් හදවතින්ම . .
ReplyDeleteමායි අපේ මයියයි දෙන්නත් දැන් දවස් දෙකක් තිස්සේ අසනීපෙන් . . . ලොකු දෙයක් නෙමෙයි උණ හෙම්බිස්සාව.
ඒත් ඔබ තුමාගේ අසනීපේ ගොඩක් වේදනාකාරීයි වගේ . . . හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ උන්නැහේ . . .
ඉක්මනට සනීප වෙයි . .
අපි එහෙම ප්‍රාර්ථනා කරමු . . . !!
උන්නැහේ ඉක්මණින් සුවපත් වෙත්වා!
ReplyDeleteමට නම් හිතෙන්නේ හේතුව ඔය රෝගේ
ReplyDeleteස්නායුවක් පොඩ්ඩක් තැලිලා වාගේ
සිංහල බෙහෙත්වල නම් සුව වන වේගේ
සෑහෙන වැඩියි අත් දැකුමක් ඇත මාගේ
කොපමණ ගොඩ වෙලා තිබුණත් ගමක වැඩ
නිතරම ඇවිත් යමි මෙහි ලද විටක ඉඩ
පසු ගිය දින ටිකේ හිස් වී නුඹගෙ ඉඩ
සයිබර් අවකාශයම වීලා වගෙයි ලෙඩ
රෝගය නුඹේ ඉක්මනටම සුව වේවා
ReplyDeleteනිරෝගි බල සුව සහනය ලැබ දේවා
පවුලේ බරක් ගැන තැවුලක් නොම වේවා
උන්නැහෙ නැවත සුපුරුදු ලෙස වැජඹේවා
ගොඩ දවසකින් ආවේ මේ පැත්තේ. තුරුනුවන් සරණයි!
ReplyDeleteප්‍රියංගී
දැන් උන්නැහේට සනීපද ?
ReplyDeleteහැම දෙනාටම පින් හොයල බැළුවට
ReplyDeleteඉක්මනටම ආයෙ හම්බ වෙමු