උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය කාර්යය බහුල වෙලා ඉන්නවැයි කීවෙ. ඒ විතරක්යෑ, අර ප්‍රොජෙක්ටර් ව්‍යාපෘතිය... ඒක ඉවරකොරන්නත් තියෙනව. ඒ වුනාට ඒ දිහා බලන්නවත් වෙලාවක් හම්බවුණේ නෑ මේටිකේ. කොහොම හරි ඒ වැඩෙන් අළුත් කියවන්නන් පිරිසක් "පිලේ පැදුර"ට එකතු වුණා. ඒ අතරෙ පරණ යාලුවො ටික මේ පැත්තෙ එන එක අත ඇරලද මන්දා.
ඉතිං මං කියන්න හිටියෙ ... අර අලුත් ප්‍රොජෙක්ට් එකේ මූලික වටයේ සාකච්ඡා එහෙම මේදවස් වල බරටම පැවැත්වෙනවා. සේවා දායකයින් එක්ක, තව... සැපයුම් කරුවො එක්ක ඒ වගේම සැලසුම් ශිල්පීන් එක්ක එහෙම. මේ ගොඩක් දෙනෙක් විදේශිකයින්. ඒ අය ආවම අඩුම තරමේ දවස් දෙකක් නම් මෙහෙ ඉන්නවමයි. එතකොට ඒ දවස් දෙකේම, උදේ ඉඳන් රෑ වෙනකං මීටින් මීටින්.
ඔන්න ඔය විදිහට ජපානෙන් ආපු සැපයුම් කරුවො පිරිසක් එක්ක ඊයෙ පෙරේද තිබුණා මීටිමක්. ඒක තිබුණෙ ආයතනයෙම වෙන දෙපාර්තමේන්තුවක. ඉතින් උන්නැහේත් මේ ව්‍යාපෘතියෙ කොටස් කාරයෙක් හින්දා මීටිමට සහභාගී වෙන්න කියලා කැඳවීමක් ලැබුණා. ජපන් මහත්තුරු දෙන්නයි අර දෙපාර්තමේන්තුවෙ ලොකු මහත්තයයි එක්ක අපි ඔක්කොම හතරයි. උදෙන්ම පටන්ගත්තු මීටිම බොහොම සාර්තකව සාමකාමීව දහයාමාර විතර වෙනකං පැවැත්තුනා. මෙන්න මෙහෙම.
අපි ප්‍රශ්න අහනව ඒගොල්ල උත්තර දෙනවා...ඒ ගොල්ල අහනවා ඒතකොට අපි උත්තර දෙනවා...ඒ කියන ඒවා කොලවල ලියා ගන්නවා. සමහර උපකරණ වගේ ඒව ඒ ගොල්ල දෙන්න බෑ කියනවා... එතකොට අපි ඒවා ඕනෙමයි කියනවා. ඒ ගොල්ල ඊටපස්සෙ කල්පනා කොරනවා... ජපං බාසාවෙන් මොනවදෝ කතා වෙලා ... හා එහෙනං දෙන්නං කියනවා. ඔන්න ඔහොම වැඩේ නැගලම ගියා.
දහයාමාර විතර උනා... කම්මැලිත් වගේ... එතකොට තමයි දෙය්යනේ ඔන්න ඔය විපැත්තිය සිද්ධ වුනේ.
හොඳට මීටිමට අවධානය යොමු කරගෙන හිටපු උන්නැහේ හදිස්සියෙම අමුත්තක් තේරිලා වටපිට බලන කොට තමයි දැක්කෙ වාඩිවෙලා හිටපු පුටුව කෑලි දෙකයි...පුටුවෙ හිටපු එකා බිම.
කවුද දෙය්යනේ පුටුවක වාඩිවෙනකොට ඒක කඩං වටෙයි කියලා හිතාගෙන වාඩිවෙලා ඉන්නෙ. හොඳට බරදාලා පහසුවෙන් වාඩිවෙනව මිසක්. ඉතින් එහෙම වාඩිවෙලා ඉන්න වෙලාවක ඒ ඉරියවුවෙන්ම බිම පතබෑවුනාම ... හිතාගත්තෑකි නේද?
දැන් ඉතින් මොනා කොරන්නද, වැටුනනං නැගිටිනවා මිසක්. මගෙ කරුමෙට ඒ පුටුව කලින් කැඩිලා රෙපයාර් කල එකක් වෙච්චි! සෝක් රෙපයාර් කෙරිල්ල හැබෑට. ඉතින් උන්නැහේත් මොකුත් නොවිච්ච ගානට නැගිටලා හිටං අලුත් පුටුවක වාඩිවෙලා මීටිම දිගටම කොරගෙන ගියා.
හැමෝටම හරි සතුටුයි ...මොකෝ ...බැරිවෙලාවත් අර ජපන් මහත්තයෙක් වැටුනානං හේම ගිනි විජ්ජුම්බරයයි නෙව. එහෙම උනානං ඉතින් කට්ටිය ලංකාව ආපහු අර අනතුරු දායක කලාපයක් කියල නම් කොරල හිටං මේ පැත්තෙ පස් පාගන්නෙ නැතුව ඉඳීවි. උන්නැහේට මොනව උනත් මොකෝ ඌ ගෙදර එකානෙ.
උන්නැහේටත් සතුටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ...
ඒ වෙලාවෙ එච්චර අමාරුවක් නොවුණාට මොකෝ දැන් නම් කොන්ද හොල්ලන්නවත් බෑ රිදෙනවා....
උන්නැහේ කාටවත් වැරැද්දක් කියන්නෙ නෑ. පුටුව රෙපයාර් කල එකත් හරි ... නැතිබැරි කමටනෙ දෙය්යනේ එහෙම කලේ. වාඩිවෙන එකාගේ වගකීම තමයි තමුන් කොහෙද වාඩිවෙන්නෙ කියල හොයල බලල වාඩිවෙන එක. නැද්ද මං අහන්නේ...?? දැන් ඉතින් විඳවපං.. සාදු හොඳ වැඩේ.!! හූ හූ...!!!
පවු අප්පා !
ජපානෙං පුටු ටිකකුත් ඉල්ලගත්තනං හොදයි මං හිතන්නෙ.
ReplyDelete"උන්නැහේටත් සතුටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ..."
ReplyDeleteහි හි... කොහොම හරි මොකක් හරි කියල හිත සැහැල්ලු කොරගන්න එපැයි...
මොනව වුණත් මාර අපහසුවකට පත්වෙනව ඔහොම වුණාම... ඒක තේරෙන කට්ටියක් එක්ක වුණානම් අවුලක් නෑ.. ගොඩක් විට වටේ කට්ටිය ඉවක් බවක් නැතිව හිනා වෙනවනේ එහොම වුණාම!
වැඩි වැඩියෙන් වැටුනොත් අපිට වැඩි වැඩියෙන් සිත්තම් බලාගන්න පුළුවනි.
ReplyDeleteකොන්දට බෙහෙත් තෙල් ටිකක් වත් ගෑවනං
පරිස්සමට ඉතුරු වෑඩ ටික කරගන්න ජයවෙව බුදුසරණයි
ReplyDeleteහපොයි උන්නැහේ.....හැට පැනලා හොට බින ඇනගත්තා නේද? අයියෝ..........ජපනෙක් වැටුන නැති එක ගැනලවත් හිතලා සතුටු වෙමු.
ReplyDeleteඅම්මපා උන්නැහේ..මාර අකරතැබ්බයක් නෙව ඔයි..
ReplyDeleteහිහ් හිහ්...
ඔය ලොකු ලොකු ඒවා සැලසුං කොරන්ට කළියෙන් තමුංගේ ආයතනයේ නඩත්තු කටයුතු එහෙම කෙරෙන ආකාරය ගැනත් හීනියට වගේ සැලසුං කොළානං..
[ඉතිං ඉතිං මොළෙත් තැළුනයි..?]
ඉදලා හිටලා හරි ඔය වගේ මොලේට මසාජ් එකක් ලැබෙන එක කොච්චර ශෝක්ද?
ReplyDeleteමොකද මචන් අර පලවෙනි පින්තූරෙ තිබුනු මල් පොච්ච්චියට උනේ,. වැටුනු සද්දේට ඒකත් විසි උනාද?
මාරයා කිව්වා වගේ ලොකු ලොකු එව්වා සැලසුම් කොරන්ඩ කලිං ඔය වගේ සුලු එව්වා සැලසුං කොලානං නේද?
ReplyDeleteආ..හ්.... අමතක උනා. වඩුවගේ ගෙදර පුටුව නැහැල්ලුනේ නේද?
ඔන්න ජප්පන්ට එහෙම මොනාවත් කියනව නෙමෙයි.අයියගෙ ප්‍රොජෙක්ටර් වැඩෙත් ඉක්මනට ඉවර කොරල දාන්ඩකො.මගෙ තියන එකනම් වැඩ.ඒත් දිගටම පාඩම බැලුවා.
ReplyDeleteජපානෙන් පුටු ටිකක් එවයි අනිවාර්යෙන් ඊලග පාර හික් හික්... දැන් ඔන්ද හොඳෙයි... ?
ReplyDeleteඔයා නොවැටි ඉදියිද අපි සාකච්චා කරනකොට ඔයා නිදාගෙනනෙ හිටියේ
ReplyDeleteඅනිවා ජප්පෝ ටික ඔයාල ඉල්ලුව උපකරණ ටික දෙන ගමන් විශේෂයෙන්ම හොඳ පුටු ටිකකුත් දෙයි ඔයාලට. හැමදයෙක්ම වෙන්නේ හොඳට කියන්නේ ඒකනේ
ReplyDeleteඋන්නැහේ,
ReplyDeleteවැඩක් නෑ උන්හැහේ කියලා. සිත්තර ටිකනං ඉස්ම යන්ට ඈඳලා තියෙනවා. අර තට්ට රාලගේ ඈක්සන් ටික නං මල් පහයි. බලපංකෝ දෙවැනි සිත්තරේ කණ්නාඩිය අත තියං බලං ඉන්නහැටි.
ඒක නෙමේ ඒ ගොල්ලං දෙන්න බෑ කිව්වෙ සිංහලෙන් ද, ජපං බාසාවෙන්ද? ඒ කියන්නෙ ජපං බාසාවෙනුත්, දෙන්න බැ කියනවට කියන්නෙ දෙන්න බෑමද!!!?
......................
මය්යෝ,
වැටුනු සද්දෙට මල්පෝච්චිය නෙමේ අන්න ජනේලෙත් ගැලවිලා ගිහිල්ලා. වැඩේ කියන්නෙ උන්නැහේගේ මොලේ තැලෙන්නම එපැයි සිත්තරයක් අඳින්න හිතක් පහල වෙන්න.
..........................
ආ පොඩ්ඩක් ඉන්ඩකො උන්නැහේගේ කොන්ද කෙසේ වෙතත් මේ මොලේට වෙච්ච අලකලංචිය ගැන නං මුණුපොතේ දැම්ම දැන්ට වටිනවා.
ReplyDeleteමේ උන්නැහේ උඔගේ මේල් පරෙය්යා මට එවහංකෝ තරහා නැතුව
ReplyDeleteමෙන්න මේ කූඩුවට,
cyberlipi@gmail.com
ඔයාගෙ පරන ලිපි ඔක්කොම වගේ කියෙව්වා.දැන් අළුත් ලිපි ලියන්නැද්ද?
ReplyDelete