2/24/2010

අත දුන්නට ස්තූතියි

පැදුර එලා ගත්තට මොකෝ, කතන්දරේ ලියාගන්න මාර ගේමක් නෙ දෙන්න උනේ. මොකෝ මට යුනිකෝඩ් මෙලෝ සන්සාරයක් බැහැනේ... වචන දහයක් ලියාගන්න පැය බාගයක් විතර ගියා. හැබැයි මලේ මම වැඩක් බැහැ කියලා අත් අරින ජාතියෙ කෙනෙක් නම් නෙවෙයි කරුමෙට වගේ හරිනොගියොත් මිසක්. පොඩ්ඩක් අන්තර් ජාලයෙ සර්ච් පාරක් දැම්ම... මේ තියෙන්න බඩු .... SINGREESI UNICODE 1.8 වැඩේ ගොඩ වගේ. කවුරු උනත් මේක හදාපු මහතුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. ස්තුතියි මේකට සම්මාදම් උන හැමෝටම. අපිත් එහෙනම් පුලු පුලුවන් විදිහට මොනමොනව හරි ලියන්න බලන්නම්කො. ඉපදිච්ච ගමන් ඇවිදින්න බැ කියල තමයි මේ පැත්තෙ ආරන්චිය තියෙන්නෙ...

හෝව් හෝව් තව චුට්ටෙන් මතක බැරි වෙනවා... මේ... බ්ලොගර් එකේ තියෙන templates මට අල්ලන්නෙම නැහැනෙ. කවුරුහරි මට කියනවද පොඩි ඔත්තුවක් මේක ලස්සන කරල ගන්න

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails