3/04/2010

හා හා පුරා...

මොකක් හරි වැදගත් වැඩක් පටන් ගන්නකොට ලෙඩ දාන කෙනෙක් තමයි බහිරවය කියන්නෙ. එතුමා බලාගෙන හිටියොත් කරන කියන සුභ කටයුතු කිසිදෙයක් හරියන්නෙ නැහැලුනෙ. ඔන්න ඕකෙන් බේරෙන්න පොඩි උප්පරවැට්ටියක් හොයාගෙන තියෙනවා. මේක එක්තරා විදිහක බහිරවයව ‍රැවටීමට ලක් කිරීමක්.

බහිරවයගේ භාර්යාව ඉන්නවනෙ. එයාට මෙයා ආදරෙට කියන්නෙ "පුරා" කියල. ඉතින් මේ පුරා ටිකක් විතර බහිරවයට කොන්ට්‍රෝල් නැති ගානයි. ඒ නිසා එයා නිතරම වගේ සැකෙන් තමයි කාලය ගත කරන්නෙ. ඕක කොහොම හරි මනුස්ස ලෝකෙ කට්ටිය දැනගෙන තියෙනව.

ඔන්න සුභ කටයුත්තක් පටන් ගන්න වෙලාවට මෙයත් එතනට සෙට් වෙලා බලා ඉන්නවා හරියටම නැකැත් වෙලාවට බැල්ම දාල වැඩේ අල කරන්න. 

අපේ කට්ටියත් ඉතින් ලේසි නැහැනෙ, හරීයටම නැකැත් වෙලාවට කට්ටියම කතාවෙලා හය්යෙන් "හා හා පුරා...!" කියල කෑගහනව. එතකොට අර නිතරම සැකෙන් ඉන්න බහිරවය,
"මලා මම මේක දිහා බලා ඉන්න වෙලාවෙ ගෑණි පැන්නවද්ද??" 
කියල පුරා ඉන්න පැත්ත බලනවලු. එතකොට ඉතින් එයාගෙ බැල්ම වටෙන්නෙ නැහැනෙ, අපෙ අය නියමාකාරයෙන් තමන්ගෙ සුභ කටයුත්ට සාර්ථකව කරගන්නවා.
ඔන්න ඕක තමයි වැඩක් පටන් ගන්න කොට "හා හා පුරා...!" කියල පටන් ගන්න කියල කියන්නෙ.


කොහොමද මොලේ.


හැබැයි මේ වැඩේ හරියන්න ටිකක් කලබලෙන් වගේ "හා හා පුරා...!" කියල කියන්න ඔනි කියලත් මතක තියාගන්න.

4 comments:

  1. මේ කතාව නම් මාත් අහල තියෙනව. කහදගමගේ මිස් තමයි කියල දුන්නෙ.

    ReplyDelete
  2. මමත් ඕක කියවපු එකක්. මතක හැටියට වීර පොකුණෙ උපරතන හාමුදුරුවන්ගෙ "මං" පොතේ. (හරිද මන්දා)

    ReplyDelete
  3. හොදයි හොදයි තව ලියපංකො ‍

    ReplyDelete
  4. මමත් අහලා තියනවා වගේ යාන්තමින් මතකයි.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails