Pages

4/30/2010

බෙදා හදා ගෙන කාපු හැටි




"අද පුතාලට මොනවද ටීචර් ඉගැන්නුවේ...?"

පළමු වසරේ ශනුක ගෙන් පාසැල ඇරී නිවසට යන අතරතුර  මව විමසුවාය.

"බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක් කියල ටීචර් කිව්වා..."

ශනුක තම සිත් ගත් පාඩම ගැන විස්තර මව වෙත ඉදිරිපත් කලේය..

"ඔවු පුතා... ඒක බොහොම හොඳ පුරුද්දක්.. "මව අනුමත කළාය..

"අපි ඉන්ටබල් එකේ කෑම කනකොට... හැමෝම ළඟ ඉන්න එක්කෙනාට කොටසක් දීල කන්න කියලා ටීචර් කිව්ව..."

" බොහොම හොඳයි..ඉතින් පුතාල එහෙම කළාද?"

"ඔවු අම්මා.. අපි ඔක්කෝම ටීචර් කියපු විදිහට බෙදාගෙනයි කෑවෙ...."

"ඉතින් පුතාට මොනවද හම්ම්බ උනේ...?

"සිතිජ... රස....ඉඳිආප්ප ගෙනත් තිබ්බා... එයා මට ඒවයින් දෙකක් දුන්නා..."

ඉතින් පුතත් සිතිජට ඔයගෙ කෑම වළින් ටිකක් දුන්නද...?"

"ඔවු අම්ම... මම ඒකට හරියන්න එයාට මගෙ මුං ඇට වලින් දෙකක් දුන්නා..."




...

8 Comments:

  1. මනේ අපොයි. :D :D :D සිතියට හිතෙන්නෙ ඇති මටත් ඉන්නවනෙ මේ වගේ ගොං යාළුවෙක් කියල.

    ReplyDelete
  2. මිනිහ සාධාරණයි... දෙකක් දුන්න.. දෙකක් ගත්ත. අනාගතයේදී බොහෝ දුරට දේශපාලනයට යොමු වේවි.........

    ReplyDelete
  3. හෙහෙ.

    ආදර්ශය- බත් සහ මුංඇට වැනිදෑ කන්නන් සමග බෙදාහදාගෙන කෑම බඩට ගුණ නැත.

    ReplyDelete
  4. හෙ හේ පට්ට :D

    ReplyDelete
  5. නියම කතාවක්

    ReplyDelete
  6. හික්ස්.. බි පෙ සි

    ReplyDelete

Related Posts with Thumbnails