4/03/2010

Situation is under control සමග මළ කෑ මොළ

පහුගිය දවස් වල බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලා වෙන්න ගිය අකරතැබ්බය ගැන ලිව්වනේ. ඒක කියවලා අපේ සහෘදයන්ගේ හිත් උණුවෙලා හොඳ හොඳ උපදෙස් ටිකක් එහෙම දීල තිබුණ.

සමහරු දුක් වෙලා...

සමහරු මාව joke එකට අරන්...

එතකොට.. තවත් සමහරු කියළ තිබුණා ඒගොල්ලන්ටත් එහෙම තමයි කියළා..

 ඒ අතරින්  Grey, තරිඳු කියල තිබ්බ දේ දැකලා බඩ යට හරියෙන් ඇල්ලුවනේ මාර දැවිල්ලක්  ... (දැන් ඇවිල්ල බලද්දි පලාමල්ලත් ඕකම කියළ තිබුණා). ඒ පාර දවස් දෙකක් විතර දඟළලා වැඩේ එක පිළිවෙලකට ගත්තා... තේරෙන්න කිව්වොත් දැන් situation එක under control...
ඒ අතරෙම පෝස්ට් එකට බළි කුරුට්ටකුත් ඇඳලා එල්ලුවා... මෙතනින් ගියොත් බලතෑකි...   ඔයතියෙන්නේ මං කරකියාගන්න දෙයක් නැතිව හිටි හැටි තමයි...

කොහොමෙන් කොහොමෙන් හරි  බ්ලොග් කෙරුවාවෙන් මං ඇතුළේ හැංගිලා හිටපු මොකෙද්දෝ එකෙක් ආපහු ඔලුව උස්සගෙන එනව වගේ පේනවා.

නිකං... හරියට.. මැරිච්ච එකෙක් ආපහු නැගිටිනව වගේ...

හැබැයි ඌ ඔලුව උස්සල මාව නැතිකරයිද නැත්නම් ඌටම එපාවෙලා ආයෙත් සදහටම නිදාගනීද කියල දැන්ම කියන්න බෑ. බොහෝවිට ඔය දෙවෙනි එක වෙන්න ඉඩ තියෙනවා...

කාලයක් යකඩත් එක්ක ජීවත් වෙලා මොලේ මළකඩ කාල තියෙන්නේ...


 ...


4 comments:

  1. ඔය හැංගිලා ඉන්න එවුන් වැඩ පටන් ගත්තම ලෝකෙ හෙල්ලෙනවා. ඒක නිසා කවදාවත් එලියට ආපු එකාට නිදාගන්න දෙන්න එපා. ලෝක ඉතිහාසය දිහා බැලුවත් ඔය හැංගිලා හිටපු එවුන් කරපුව තමයි හැමදෙනාම බුක්ති විඳින්නේ. මට විශ්වාසය ඔය එලියට එන එකා කවදාවත් නරක එකෙක් වෙන්න බෑ.

    ReplyDelete
  2. එන්න දීපන් ඔය හැංගිලා ඉන්න එකාට. මමත් අර හැංගිලා ඉන්න එකා එලියට අරන් තමා ඉන්නෙ මේ දවස් වල. හැබැයි ඉතින් ගත්ත වගේ නෙමේ පරිස්සමෙන්. ඕක ආතක් පාතක් නැතුව කරන ඒවට අන්තිමට වග කියන්න වෙන්නෙත් උඹටම තමා

    ReplyDelete
  3. නැගිටින්න දීම හොඳයි කියල මමත් හිතනවා. කාලයට ඉඩදීල බලන් ඉන්න තමයි වෙන්නෙ ඉතින් එයාගෙ ක්‍රියාකලාපය. හැබැයි ඊට සම්පූර්ණයෙන්ම යටත් නොවී සිටීමට වග බලා ගැනීම වඩාත් යහපත් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  4. දයියා, තරිඳු, Raven
    පිං! ධෛර්යය දුන්නනට...
    උඹල ටික ඉන්න එක ලොකු හයියක්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails