6/05/2010

අසනීපෙන් - මල් වඩම් අනවශ්‍යයි














පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය
ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය
තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය
කිසිවක් නොලිය ඉන්නට සිත නැත රුතිය

හරියට දොලොස් මසකට පෙර මැයි මාසේ
සිදුවූ හදිසි අනතුරකින් වුනු දෝසේ
තවමත් විටින් විට හිස ඔසවයි රහසේ
වදදෙයි කෙලින් සිටිනට බැරි ලෙස බෝසේ

නමගිය වෙදුන් දොස්තරවරු මෙලක තුර
වෙහෙසුන නමුත් තුළ පසුගිය මුළු වසර
සුවකරලනු තබා කුම් වීදැයි සැකැ'ර
කියනට නොහැකි වී ඇති කරුමය කවර

සොලවනු තබා බලනට හරවා දෙපස
නොහැකිව තියේ කකියයි හිස දකුණුපස
නිදියනු පිණිස තැබුවද කොට්ටයට හිස
ගතවෙයි ‍රැයම මොහොතක් නොපියා දෙ ඇස


ඊ ඊ ජී ගොඩකි එක්ස් -රේ තව ගොඩකී
දිග පෙති රවුම් පෙති කරලුත් මහ ගොඩකී
කුමක් කරත් නිසි සුවයක් නැති හැඩකී
බීපු වෙලාවට පමණක් සුවය දකී


කොතරම් ඇති නමුත් ඔලුවේ අමාරුව
සිහි කල්පනාවෙන් අඩුවක් නොමැත තව
එබැවින් ඉවසමින් තද වේදනා බව
පසුවෙමි පුරුදු ලෙස කරමින් රස්සාව


මේ ලෙස ගෙවෙන්නේ සැම දිනයම වාගේ
බියකුත් පවතීය සිත පතුලෙහි මාගේ
මා මලහොතින් වැඩිවීලා මේ රෝගේ
කවුරුද අදින්නේ පවුලේ බර බාගේ



.........................


17 comments:

  1. ආරෝග්‍යා පරමා ලාභා නේ නීරෝගීකම පරම ලාභයනේ උන්නැහේ. ඔබට ඉක්මන් සුවය ලැබේවා.....

    තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  2. කොහොම හරි ඒලියන්තව මින ගැසෙන්න...

    ReplyDelete
  3. අනේ දෙයියනේ...මේ මොකද මේ උනේ ? පරිස්සමෙන් උන්නැහේ..හැමදේම හොඳින් සිද්ධවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........

    බුදු සර්ණයි !

    ReplyDelete
  4. ඔබට ඉක්මන් සුවය පතනවා...ඉක්මනින්ම සුවවෙන්න් අලැබෙන්න......

    දළදාසමිදු පිහිටයි..!

    ReplyDelete
  5. ඒක තම දැක්කෙ නැත්තේ කාලෙකින්...

    ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  6. උන්නැහේට මොකද උනේ ? අවුරුද්දකට කලින් සිද්ධ උන දෙයක්ද ? ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. ඒක තමයි මම බැලුවේ.
    ඒක නෙමෙයි. PROFILE PIC. එකට මොකද උනේ? ඒක නැහැ නොවැ.

    ReplyDelete
  7. ඔබට ඉක්මන් සුවය පතනවා...
    -සංගීත අඤ්ඤයා-

    ReplyDelete
  8. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  9. කවියටත් පබැඳුමට යහපත් උන්නැහේ අපෙ මිතුරු මිනිසා..
    දුකට පත් වී ඇතද නැවතත් විලස පෙර ලෙස සුවය පිණිසා..
    යදින්නෙමි කතරගමට අධිපති දෙවිඳු මයුරාසනය සරසා..
    විගස සාදා දුන මැනවි සුව එන්න අප වෙත නැවත නොලසා..

    ReplyDelete
  10. නිරෝගී සුව පතමි!!!!!!!!!!

    ReplyDelete
  11. බොහෝම කනගාටුයි උන්නැහේ ඔබ තුමාගේ රෝගී තත්වය ගැන. බොහෝම ඉක්මනින් සුව වෙන්න කියලා පතනන්ම් හදවතින්ම . .

    මායි අපේ මයියයි දෙන්නත් දැන් දවස් දෙකක් තිස්සේ අසනීපෙන් . . . ලොකු දෙයක් නෙමෙයි උණ හෙම්බිස්සාව.

    ඒත් ඔබ තුමාගේ අසනීපේ ගොඩක් වේදනාකාරීයි වගේ . . . හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ උන්නැහේ . . .

    ඉක්මනට සනීප වෙයි . .

    අපි එහෙම ප්‍රාර්ථනා කරමු . . . !!

    ReplyDelete
  12. උන්නැහේ ඉක්මණින් සුවපත් වෙත්වා!

    ReplyDelete
  13. මට නම් හිතෙන්නේ හේතුව ඔය රෝගේ
    ස්නායුවක් පොඩ්ඩක් තැලිලා වාගේ
    සිංහල බෙහෙත්වල නම් සුව වන වේගේ
    සෑහෙන වැඩියි අත් දැකුමක් ඇත මාගේ

    කොපමණ ගොඩ වෙලා තිබුණත් ගමක වැඩ
    නිතරම ඇවිත් යමි මෙහි ලද විටක ඉඩ
    පසු ගිය දින ටිකේ හිස් වී නුඹගෙ ඉඩ
    සයිබර් අවකාශයම වීලා වගෙයි ලෙඩ

    ReplyDelete
  14. රෝගය නුඹේ ඉක්මනටම සුව වේවා
    නිරෝගි බල සුව සහනය ලැබ දේවා
    පවුලේ බරක් ගැන තැවුලක් නොම වේවා
    උන්නැහෙ නැවත සුපුරුදු ලෙස වැජඹේවා

    ReplyDelete
  15. ගොඩ දවසකින් ආවේ මේ පැත්තේ. තුරුනුවන් සරණයි!

    ප්‍රියංගී

    ReplyDelete
  16. දැන් උන්නැහේට සනීපද ?

    ReplyDelete
  17. හැම දෙනාටම පින් හොයල බැළුවට
    ඉක්මනටම ආයෙ හම්බ වෙමු

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails