ඔන්න එකමත් එක රටක වෙදරාළ කෙනෙක් හිටිය. උන්දා බොහෝම දස්ස ගුණයහපත් වෙද රාලකෙනෙක්. හැබැයි කෝකටත් තෛලෙ වගේ හිටපු ගෝලයනං අම්මපා බත් කන හරක් පැටිය. දුරින් නෑයෙක් වෙන ඒකව වෙද රාළ ළඟට පංගරාත්තු කොරල තිබුණෙ වෙදකම ඉගෙන ගන්නෙයි කියලා. ඉතිං මේකත් වෙදරාලගෙ පස්සෙන්ම වැටිල හිටියෙ. වෙද රාල ගමේ ලෙඩෙක් බලන්න යනකොට මේකත් පස්සෙන් වැටෙනව. අඩිය තියන්නෙත් වෙදරාළ අඩියතියන්නා වාගෙමයි, කතාවත් වෙදරාළ දොඩන්නා වාගෙමයි, මොකෝ ඉතින් වෙදෙක් වෙන්න ඉන්න මිනිහනෙව. හැමදේම පකාදු පහට තියෙන්න එපායෑ. නමුත් මිනිහගෙ හැටි දන්න නිසා වෙද රාළ සාස්තරේ දෙන්න ඒහැටි උනන්දු උනේ නෑ. ඉතින් මිනිහ කළේ වෙද රාළ කරන දේවල් බලා ඉඳලා සාස්තරේ ඉගෙන ගන්න එක තමයි.
දවසක් වෙද රාළ ගියා එක්තරා ලෙඩෙක් බලන්න, ගෝලයත් එක්කම.
ඒ ලෙඩාට තිබුණෙ බඩේ ගායක්. ඉතින් වෙදරාළ ලෙඩාගෙ විස්තර අහල කාරිය වෙද රාල තේරුම් ගත්තා මේක මොකක් නමුත් කෑමක් වැරදිලා හැදිච්ච ලෙඩක් විත්තිය. ලෙඩාගෙන් ඇහුවට ආයෙ කියන එකක් යෑ. මොකුත් ම නරක දෙයක් කෑවෙ නැතිලු. ඉතින් වෙදරාලත් කල්පනා කොරලා නහය හේම අකුලලා ඉව කරලා බලාල කාරිය එබුණ ඇඳ යටට.
හත්වලාමයි මේ තියෙන්නෙ. එහෙම්පිටින්ම වැලගෙඩියක් ඇදල ඇරල නෙව. කටුයි, ඇටයි, වහල්ලයි තාම ඇඳයට. ඉතින් බඩේ අමාරු නොහෑදි තියේද.
රෝගයට හේතුව ඉතාම නිවැරදිව සොයාගත්තු වෙදරාල ලෙඩේට සුස්දුසු බෙහෙත් නියමකරල ලෙඩාව ගොඩ දගත්තා.
ඔහොම කාලයක් ගත වෙලා ගියා....
ගෝලයා තාමත් වෙද රාල ලඟ සාස්තරේ ඉගෙන ගන්නව.
ලෙඩා ඉන්නව ඇඳේ පත බාල සිහියක් පතක් ඇත්තෙම නෑ. ගෝලයා උගුරෙ රැල් බුරුල් එහෙම ඇරල...
"කියමු බලන්න... මොකද්ද මේ ලෙඩේට හේතුව..."
" අනේ පොඩි වෙද මහත්තයෝ අපිට නං හිතා ගන්නවත් බෑ... "
"මොනවද ඊයෙ රෑ කෑවෙ... මුකුත් නරක දෙයක්... ගිනියම් කෑමක් හෙම...?
"එහෙමට කියන්න තරං දෙයක් නෑ වෙද මහත්තයෝ..."
ගෝලයට ටිකක් විතර හිතට හරි නෑ....වෙදරාල ලඟ ගත කරපු කාලයෙදි මෙහෙම ලෙඩෙක් දැකල තිබිනෙත් නැහැ...මිනිහ ටිකක් කල්පනා කලා... ආව ඔලුවට අදහසක්...
එබුණා ඇඳ යටට...
ඊට පස්සෙ බොහොම බැරෑරුම් පෙනුමක් එහෙම ආරූඩ කරගෙන කියාපි...
"මට නොකිව්වට මම හොයාගත්තා ලෙඩේට හේතුව... හුහ්.. මට හංගන්න බෑ ඕව හරිද.? මගේ ගුරුන්නාන්සේ මට ඔය සාස්තර හැම එකක්ම කියල දීල තියෙන්නෙ."
"අනේ...වෙදමහත්තයෝ අපිට සමාවෙලා කිව්වනං ලෙඩේටහේතුව..."
" ලෙඩේට හේතුව.... ! හේතුව තමයි මේ මනුස්සය සබන් කාලා! ටිකක් නෙමෙයි දුසිං දහයක පෙට්ටිට්යක්ම... ඔය ඇඳ යට තියෙන්නෙ. බොරුනං බලනවකො."
එක ඉලන්දාරියෙක් ඇඳයටට එබිල ඇදල ගත්ත ලොකු කඩදාසිපෙට්ටියක්.
අනේ ඒක සමාගං කඩෙන් ඉල්ලන් ආපු හිස් සබන් පෙට්ටියක් ඒ මනුස්සයගෙ අඩුමකුඩුම වගයක් දාල තිබුණු.
හොඳ වෙලාවට ඇඳ යට සපත්තු පෙට්ටියක් නොතිබුණේ.... කවුදෝ කියනව ඇහුණා.!
මේකට ප.ලි. එකක් ලියන්න වෙයිද මන්දා....
හෆොයි......නියම ගෝලයෙක් නෙව.......:D
ReplyDeleteවෙදරාල සපත්තු පාරක් නොකා යහතින් ගියානම් ලොකු දෙයක් හික් හික්
ReplyDeleteහික්ස්...මාර ගෝලයෙක් නෙ....
ReplyDeleteඅර මිනිස්සු ගහලා පැන්නුවෙන් නැති එක පුදුමයි... කාලෙකට පස්සෙ ලස්සන චිත්‍ර ටික උන්නැහේ
උන්නැහේ ....කතාවනම් අපූරු හතයි....
ReplyDeleteකිරිහාමි ගේ පිහියට කරපු බෙහෙතම කිරිහාමිගේ ආතට කරා වගේ කියලයි මට හිතුනේ....
මේ ..වෙදරාළඟෙ පස්සෙන් උන්නැහේ එහෙම ගියෙ නැහැ නේද...
ඉතින් උන්නැහේ කොහොම හරි උන්නැහේ අන්තිමට වෙදකම ඉගෙන ගත්තැයි..?
ReplyDeleteමරේ මරු චිත්තර ටික, අම්මප!
ReplyDeleteමේ දවස්වල අපේ රටේ මිනිස්සු කතාවෙන සමහර ගුරාලයි ගෝලයොයි ගැන කතා වලට ලොකු සමාන කමක් තියෙනව වගේ පෝස්ට් එකේ . . අනේ මංදා
ReplyDeleteමරු ගෝලයා..
ReplyDelete:D :D
Lassanata Blog eka maintain karanawa..mama dekapu...beautiful blog ekak...Mahansiwena bawanamm penawa.....
ReplyDeleteඑහෙමනම් ඒ කාලේත් එහෙමයි :) :) :)
ReplyDeleteමරු ගෝලේ පරාන ....
ReplyDeleteThawa duratath me Blog eka rasawath karanna Unneheta shakthiya, Dahiriya wagema wera weeriyath lebenna one. OHHHHHHH! amathaka unane, e hema deyakma wage Unnehege Kanthoruwe poddak ida paduwak lebbenna kiyalath prarthana karnawa
ReplyDeleteThawa duratath me Blog eka rasawath karanna Unneheta shakthiya, Dahiriya wagema wera weeriyath lebenna one. OHHHHHHH! amathaka unane, e hema deyakma wage Unnehege Kanthoruwe poddak ida paduwak lebbenna kiyalath prarthana karnawa
ReplyDeleteඑසේම වේවා.
ReplyDeleteඇත්තටම මොකද උන්නැහේ සද්ද වහලා?