නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක
නම් සැබෑ ආදරේ
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
ආදරේ නැතුව ඇති
තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
ආදරේ නැතුව ඇති
නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
ආදරේ නැතුව ඇති
නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක
නම් සැබෑ ආදරේ
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට
ආදරේ නැතුව ඇති
...............
ආදරේ නැතුව ඇති
...............
ආදරය කියන්නේ අයිතිකර ගැනීම ම නොවෙයි!
ReplyDeleteඔව්ව පණ්ඩිතයින්ගෙ කතා විතරයි කකා!
Deleteඇත්තටම මම නුඹට ආදරේ නැතුව ඇති...:)
ReplyDeleteවෙනස තේරුණා එහෙනම්
Deleteස්තූතියි පො.කු. ඔය මේ පැත්තෙ ආවමයි මයෙ හිතේ...
නුඹ මගෙන් වෙන්වෙලා
ReplyDeleteදුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට
ආදරේ නැතුව ඇති
---------------
ඔන්න ඔහොම පද ටික වෙන් කරහං.. නියම තාලයක් එනවා...
මාර එඩිටින්....
Deleteඔය දෙවිදිහටම තියෙන්නෙ දැන්
Deleteතැන්කූ මාරෙ!