3/13/2010

පුංචි පහහේ මං...

සිංහල ලේඛණ වල, වචන අතර ඉලක්කම් භාවිතා වන තැන් වලදී දැන හෝ නොදැන සිදුකරන විප්‍රකාරයක්  ගැන කෙටි සටහනක් ලියා තබන්නට සිත් විය.

එදිනෙදා අප දකින සිංහල වැකි අතර බහුලව දැකිය හැකි මෙය හොඳින් විමසා බැලූ විට කෙතරම් හාස්‍ය ජනකද යන්න ඔබටම වැටහේවි.

"පුංචි 5හේ මං"

මෙය බහුතරයක් දෙනා කියවූයේ "පුන්චි පහේ මං" කියා වුවත් නිවැරදිව එය කිව යුත්තේ "පුංචි පහහේ මං කියා නොවේද"?...

"5" ලෙස ලියන රූපය ශබ්ධයට නැගෙන්නේ "පහ" යනුවෙනි. එහි අගට හේ යන්න යෙදූ පමණින් එය "පහේ" ලෙස කියවිය හැකිද?. නැත ඒවිට එය කිව යුත්තේ "පහහේ" ලෙසමය. එසේ නැතහොත් "5" යන්න කියවීමෙදී නැගෙන ශබ්ධය "ප" යන්නෙන් නැගෙන ශබ්ධයට සම විය යුතුය.

මා සිතන ලෙසට නම් ඉහත වැකිය නිවැරදි වන්නේ සම්පූර්ණ වැකියම අකුරෙන් ලිවීමෙන් පමණි.

එලෙසම, එකේ, දෙකේ තුනේ ආදී වචන සඳහා "1කේ", "2කේ", "3නේ" ලෙස ලියනු කොතෙකුත් දැකිය හැක. මේවාද සම්පූර්ණ අකුරෙන් ලිවියයුතු වදන්ය.

නමුත් එකක් දෙකක් තුනක් යනාදී වශයෙන් ලිවීමට "1ක්", "2ක්" , "3ක්" ලෙස යෙදීම කළ හැකි බව පෙනේ.

බ්ලොග් අවකාශයේද මෙවැනි යෙදුම්  සමහර අවස්ථා වල හමුවේ.

මෙය කිසිවෙකුගේ හිත් රිදවීමට කළ විවේච්නයක් නොවේ හුදෙක් මට සිතෙන දෙයයි

ඔබගේ අදහස් ද දක්වන්න.

7 comments:

  1. ඔයත් පුංචි 5 හේ කොළුගැටයෙක් වගෙයි මටනම් පේන්නේ.. සංහල පන්තියකට රහෙම ගියෝත් ගොඩක් වටිනව.

    ReplyDelete
  2. "බස් එක" වෙනුවට "බස්1" හා "බෑග් එක" වෙනුවට "බෑග්1" ලෙස ලිවීමත් මම ගොඩත් තැන්වල දැක ඇති වරදක්.

    මේවා හදාගත්තොත් තමන්ටමයි හොඳ.

    ReplyDelete
  3. ඇත්ත කතාව, මෙහෙම ලියල තියෙන තැන් දැක්කම දුක හිතෙනවා. මේක කියවලවත් හදාගත්තොත් ලොකු දෙයක්.

    ReplyDelete
  4. බෑග් එක කීමම වැරදියිනෙ. බෑගය, බසය වෙන්න ඕනෙ. මොකෝ අපි දොර එක, ගේ එක කියන්නෙ නෑනෙ. වෙනත් භාෂාවකින් ගන්න වචන ඒ විදියට අනුරූප කරගන්න ඕනෙ. සින්හලට ගත්ත පාලි සඟිස්කුරුතත් මේ වගේ කර ගත්තනම් අපිට අද මරු සින්හල භාෂාවක් තියෙයි. මේ වචන අනුරූප කරන එක ගැන ඉගැන්නුව පිරිවෙනේදි. මට මුකුත් මතක නෑ. කොහෙද ඉතින් මම කට්ටි පැන්නනෙ.

    ReplyDelete
  5. @තරිඳු:
    ඔවු ඔවු, "බස් එක","බෑග් එක" කීමම වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒක වුනත් ලියනකොට "බස්1","බෑග්1" කියල ලීවම මහ අප්‍රසන්න ගතියක් එන්නේ.

    ReplyDelete
  6. මේක සිද්ධ වෙන්නේ කෙටියෙන් ලියන්න ගියාම.
    අපි කෙටි පණිවුඩ ගහල ගහලා දැන් ඔක්කොම කෙටියෙන්.

    /බිඟුවා...!

    ReplyDelete
  7. ස්තූතියි අදහස් දක්වපු සියල්ලන්ටම...
    අපිට පුලුවන් විදිහට අපි අපේ භාෂාව හරියට පාවිච්චි කරන්න උත්සාහ කරමු.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails