4/01/2010

මැතිවරණ සමයේ හොඳ සෞඛ්‍ය පුරුදු...

මැතිවරණ සමයේදී වැදගත් වන හොඳ සෞඛ්‍ය පුරුදු කීපයක් පහත පරිදි වේ. ඒවා පිළිපැදීමෙන් හුදී ජනතාවෝ තමන්ගේ යහපත සලසා ගනිත්වා...!!

1. හැමවිටම දේශපාලනය කතා කරන විට ප්‍රවේශම් වන්න. තමාගේ කතාවට සවන් දෙන අයගේ ඉරියවු පිළිඹඳ හොඳ අවධානයෙන් සිටින්න. මූඩ් අප්සෙට් වේගෙන එයි නම් කතාව වෙන අතකට හරවන්න. නැතිනම් හදිසි වැඩක් මතක් වූ බව අඟවා හිමීට මාරු වන්න.

2. මැතිවරණ දැන්වීම් අලවන හෝ ඒ හා සම්බන්ධ සැරසිලි කරන ස්ථාන වල නොගැවසෙන්න. කුමන මොහොතක හෝ එල්ලවන තුන්වන පාර්ශවයක ප්‍රහාරයට ඔබ ගොදුරු විය හැක.

3. ඔබ වෘත්තීය දැන්වීම් අලවන්නෙක් හෝ කොඩි වැල් ඇදීම ආදී සැරසිලි කරන්නෙක් නම් අදාල කාර්යයේ නිරත වන අතර ඔත්තු බැලීමට කීපදෙනෙක් යොදවන්න. තමන්ගේ පිළේ අනෙකුත් අපේක්ෂකයින්ගේ ආධාර කරුවන් ආසන්නයට එයි නම් ඔත්තු කරුවන් මගින් එය දැනගත හැකිවනු ඇත.

4.ඔබ වෘත්තීය දැන්වීම් ඉරන්නෙකු, කොඩි වැල් කැපීම හෝ කටවුට් වල කලුතෙල් ගෑම ආදී දේ කරන්නෙක් නම් ඉහත අංක 3 සඳහන් ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න

5. මගතොටේ යන විටදී හෝ ඉහත අංක 3 හෝ 4 යටතේ ඇති යම් කාර්යයක නිරත වීමේ දී පටි සෙරෙප්පු නොපළඳින්න. හදිසි අවස්ථාවකදී ක්ෂණිකව දුවගොස් පණ බේරාගැනීමට එමගින් බාධා ඇතිවිය හැකි බව තහවුරු කර ඇත.

6. පාරවල් හරස් කොට පැවැත්වෙන සංගීත සංදර්ශන වලට බාධා නොවන පරිදි පාරේ කාණුවට බැස ගමන් කරන්න. නැ‍ටුම් ශිල්පීන්ගේ චිත්තප්‍රීතියට හානි නොකරන්න. ඔවුන් ඇඟේ හැපුනද" තමන්ගේ නොවේ" ආකාරයට යෑම නුවණට හුරුය.

7. ඔබ වාහනයක් පදවන්නෙක් නම් අතුරු පාරවලට හැරවීමට පෙර ඒ ඒ මාර්ගයේ කිසියම් හෝ කැන්වසිං යාමක්, මීටිමක් හෝ සංගීතයක් ඇද්දැයි සොයා බලන්න. එසේ නොමැතිව අපරික්ෂාකාරීව පාරවල යාමෙන් ඔබත් ඔබේ වාහනයත් ඔබ විසින්ම අනතුරට පත් කරගනු ඇත. (අත්දු‍ටුවයි සත්තයි)

ඉහත කරුණු පිළිනොපැදීම තුළින් ඔබ කුමන පක්ෂයේ වුවද, කොයිතරම් භක්තිමත් චන්දදායකයෙක් වුවද, කඩේ යන්නකු වුවද තමන් අදහන පක්ෂයේ අයගෙන්ම ගුටි කෑමේ අභාග්‍යවන්ත සිද්ධියට මුහුණපෑමට බොහෝ දුරට ඉඩ ඈත.



4 comments:

  1. මැතිවරණ සමයේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් නීරෝගී දිවියක් උරුම කරගන්න. :) :) :)

    ReplyDelete
  2. හොඳ උපදෙස් ටිකක්...

    ReplyDelete
  3. මම නම් යන්නේ උඩින්නේ...
    ඒක හින්දා නෝ ප්‍රොබ්ස්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  4. ඕං... හසිත මලයට නං තේරුණා... ආරෝග්‍යා පරමා ලාභාලුනෙ..

    sameerausa තැන්කිවු මේ පැත්තෙ ආවට

    හැබෑටම බිඟුවෙක් නෙවෙයි... බත් කූරෙක් හරි වෙලා මේ දවස්වල උඩටම වෙලා ඉන්න ඇත්නම් උඹ වගේ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails