4/25/2010

MIDI Composer - සංගීත කාරයින්ට පුංචි ඔත්තුවක්...



සංගීතෙට කවුද අකමැති. හැම කෙනෙකම කැමතියි මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න. ගිටාරයක් කී බෝර්ඩ් එකක්  ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන්න හැමෝම කැමතියි. ඒත් මේ සංගීත භාණ්ඩ හැම එකක්ම හැමෝටම නැහැනෙ. X-Ray කොල වලින් ඩ්‍රම් සෙට් හදන එක ලේසි උනාට අනිත් instruments ගෙදර හදන එක ඒ තරම්ම ලේසි නෑ. ඒ වුණාට අපි හැම කෙනෙක්ම instruments සිය ගාණක් තියෙන වාදක මණ්ඩලයක් ඉස්සරහ උදේ හවා වාඩි වෙලා ඉන්නබව කාටවත්ම මතක් වෙන්නෙ නැහැ. ඒ තමයි කොම්පියුටරේ ඇතුලෙ තියෙන MIDI Wavetable එක.  තරමක programming සහ electronic දැනුමක් එයාව පොඩ්ඩක් එහාට මෙහාට හරෝලා ලස්සන වැඩකරන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න.

මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ MIDI උපයෝගී කරගෙන සංගීත නිර්මාණ කරන්න පුළුවන් මෘදුකාංගයක්. මම කාලෙකට ඉස්සර පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරපු එකක්. සමහරවිට මේක කළින් පාවිච්චි කරලත් ඇති. නම තමයි Noteworthy composer. දැන් 2.1 සංස්කරණයකුත් තියෙනව.  ඒක බටහිර සංගීත notations ඇතුල් කරල මිඩි මගින් වාදනය කරවන්න පුළුවන්. සම්පූර්ණ ගීතයක සංගීතය Multi tracks වලින් හදන්නත් පුළුවන්. trial version  ඒකක් දෙන්නෙ ඒක ඇති සෑහෙන දෙයක් කරගන්න. බටහිර සංගීතය හදාරණ අයටත් මේක චුට්ටක් හරි ප්‍රොයෝජනවත් වෙයි.

වැඩි විස්තර  http://en.wikipedia.org/wiki/NoteWorthy_Composer වෙතින් බලාගන්න
බා ගන්න නම් http://www.noteworthysoftware.com/ මෙතෙනට යන්න.
(ලිපිනය කොපි කරල ගන්න)

MIDI ගැනයි programming ගැනයි වැඩිපුර ටිකක් පස්සෙ ලියන්නම්.
ප්‍රශ්න තියෙනව නම් අහන්න. දන්න විදියට සහයෝගයක් දෙන්න බලන්නම්.

එහෙනම් ඉතින් පරිගණකයේ සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරල බලන්නකෝ

 NOTE : Please adhere to the software dealer's terms and regulations.

4 comments:

  1. machan eke demo version ekane denne...mukuth kara ganna be eken

    ReplyDelete
  2. evaluation version එකේ කරන්න බැරි sheet music ප්‍රින්ට් කරන කොට footer එකක් insert වෙන එක, *.NWC format එකෙන් වාර 10ට වඩා save කරන්න බැරි එක වගේ දේවල් කීපයක් නේ මචං...
    score editing සෑහෙන දුරකට කරන්න පුළුවන්.
    multi track compose කරන්න පුළුවන්. මේකෙන් කරපු එක track එකක්වත් දැන් මං ගාව නැහැ හොයා ගන්න....හොඳ වෙලාවට :)

    ReplyDelete
  3. මිඩි හදන software එනන් තියෙනවා නම් link දාන්න
    පොඩක් පු‍යෝජනවත්...

    ReplyDelete
  4. @Mangala
    මේකෙන් MIDI files හදන්න, වාදනය කරන්න, edit කරන්න පුළුවන්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails