53. මේ සැරේ අවුරුද්ද
මේ සැරේ අවුරුද්ද
ඔහේ ඇවිදින් යාවි
"මෙමරි ෆුල්" වෙනකම්ම
සුබ පැතුම් නම් ඒවි
සුබ පැතුව උන් ඉතින්
කැවුම් කිරිබත් කාවි
මගේ කිරිබත් කැවුම්
කවුරු හරි කා දාවි...
සූරියා වටේ ගොස්
යළිත් මීනෙට ඒවි
ඔහොම යන එක නුඹට
කවද හරි ඇති වේවි
කොහෝ උඹටත් ඉතින්
කිව්වාට අහනවැයි...
නිකරුණේ කෑ නොගහ
උඹෙ වැඩක් බලාගන්!
අවුරුද්ද අපිව කා
ReplyDeleteදාසය ද යන්න යයි
ඊට පස්සේ ඉතින්
වෙනද වගේ තමයි
අම්මපා ඇත්ත බං!
Deleteවෙනද කලිසම් අදින
ReplyDeleteනිවේදක ගිරා තැන
ජොකා ඇද ඒ උඩින්
රෙදි සරං ඇද ගෙන
තෙපලයි දේසිය දේ ගැන
මාකටින් මාකටින්...
Deleteපුළුවන් උනොත් උන්
අමුඩෙකුත් ගහන් එයි
අමුඩෙ ගහනා විදිහ
දන්නෙ නැතුවා හැඩයි!
මේස රාසියක් පසුකර
ReplyDeleteසූරියා මීනා වෙත යන හදිස්සියක
(උදේ පාන්දරම ඇවිත් කොමන්ටුවක් කෙටුවා, අතුරුරහන් නෙවැ)
හදිස්සි වී යන අය යළි
Deleteගිය පාරෙම ආපසු එයි...
හැබෑටම කොමෙන්ටුවට මක් උනාද?