4/15/2016
54. නාරං කැවුම්
ඉස්කොලෙ නිවාඩුව දුන්නාම ඒ කාලෙ
දුවගෙන ගමේ යන්නෙ නාරං කැවුම් කන්න
තකහනියෙ මං එන්නෙ ඇයි දන්න කිරිඅම්ම
නාරං කැවුම් හැදුවෙ වතාවතකට වාගෙ
කහපාට පිටි එකේ තව මොනවදෝ දාල
හදපු ඒ කැවුම් ටික දිවිය ලොකේ රසයි
පැණි පොලුයි අත්ගුණෙයි පොඩි උන්ට ආදරෙයි
එක් වෙලා වෙන්න ඇති ඒ තරම් රස උනේ.
කිරිඅම්ම ගිහිල්ලත් අවුරුදුම හතක් දැන්
පුරුද්දට වගෙයි අපි මහගෙදර ගොඩ උනේ
මැද සාලෙ තේ මේසෙ කැවුම් අතිරස මැද්දෙ
දකින්නත් පුදුමයකි මෙන්න නාරං කැවුම්!
දෙක තුනක් කා දැම්ම නාරං කැවුම් හින්ද
කඩේ ඒවද මන්ද මේ තරම් හයි උනේ
හොරට පැණිපොල් දාල පදම වැරදිල වාගෙ
පුංචි දොඹ ඇට තරමෙ නමට නාරං කැවුම්
නුඹ උන්න නම් අද කියාවී" මේව නම්
හොඳයි නාරං කැවුම් දැකලවත් නැති උන්ට!"
Subscribe to:
Post Comments (Atom)
ගමේ අහල පහල හිතවතුන් ගෙනෙන ගෙදර හදන කැවිලි කන්න වාසනාව තවමත් තියෙනවා.
ReplyDeleteඅනේ වාසනාවන්, කොච්චර එකක්ද ඒක...
Deleteගොඩක් ගෙවල් වල දැන්
ReplyDeleteෆුඩ් සිටියෙ ගල් කැවුම්
අනේ ඒ අතින් අපිටනං
තවමත් එහෙම පවක් නෑ.
තවත් ටික කාලෙකින්
Deleteඔක්කොටම කේටරිං
නිව් ඉයර් පැකේජුත්
නාවොතින් බලාපං
මාත් කැමතිම කෑමක්. ඒවා හදන්නේ කොහොමද කියලා නම් දැනන් උන්නේ නෑ හැබැයි
ReplyDeleteමාත් ඉතින් ඔය අනුන්ගෙ දේවල් වැඩිය හොයන්නෙ නැති හින්දා, හදන විදිය හරියටම හොයන්න ගියෙ නෑ.
Deleteමං හිතන්නේ අදයි අපි මේ පැත්තට ආවේ.... සින්ඩියට දා ගත්තා.. දැන් ඉතින් මගහරිනවා බොරු හරිද කොල්ලෝ..........
ReplyDeleteස්තුතියි කුරුට්ටනේ...
Deleteසොඳුරු තර්ජනයක් වගේ....බයත් හිතෙනෝ...
කඩල ඇටයක් තරමේ එව්වා උනත් කමක් නෑ. මමත් හරි ආසයි.
ReplyDeleteවිචාරක මහත්තැන්ලා මේ පැත්තෙ ආවමයි මේ නෙවද?
Deleteකෑව වගේ නෙවේ රජෝ සීනියි තෙලුයි ;-)
නාරන් කැවුම්. හා හා, මීනා කරන්නද දැන් ඉතින්, තියෙන කැවුමක් වත් කමු. අත්තම්මලගේ මතකයන් විතරයි දැන් ඉතුරු.
ReplyDeleteඒකනෙ සොමියො අලුත් අවුරුද්දෙ බොහොමයක් පරණ මතක එක්ක ජීවත් වෙද්දි අත්තම්මවත් කොහොම අමතක කරන්නද?
Deleteනාරං කැවුම් හෑ...
ReplyDeleteහපොයි...
Deleteකිඹුලිට නම් එක කටටත් මදි වෙයි ඔන්න...