ගූගල්
ස්ට්‍රීට් එකෙන්
ඔයාලාගෙ ගෙදර ඇවිත්
ඇතුලට යාගන්න බැරුව
කැරකි කැරකි උන්නා මං
ඉස්සර නම් බයෙන් උනත්
ඔයාලාගෙ ගෙදර ඇවිත්
ඇතුලට යාගන්න බැරුව
කැරකි කැරකි උන්නා මං
ඉස්සර නම් බයෙන් උනත්
කෙළිම්ම
ගිය හැකි ඇතුලට
අවුරුදු කීයක් උනාද
හිතා ගන්න බෑ ඇත්තට...
මිදුලෙ තිබුණු රන් තැඹිලිය
අවුරුදු කීයක් උනාද
හිතා ගන්න බෑ ඇත්තට...
මිදුලෙ තිබුණු රන් තැඹිලිය
කපා
දාල වගේ නේද?
ඇඹරැල්ලා ගහනම් ඔය
තියෙන්නෙ තව අපූරුවට.
මතකද අපි උන්නු විදිහ
ඇඹරැල්ලා ගහනම් ඔය
තියෙන්නෙ තව අපූරුවට.
මතකද අපි උන්නු විදිහ
සිමෙන්ති
බංකුවෙ හවසට
ඒ කාලේ ඒකෙ තිබුනෙ
සුදු පාටද කොහෙද නේද..?
මල් ගස් නම් හරි පුදුමයි
තාමත් පණ තියෙනා රඟ
තණ කොල ටික මැරිල ගියේ
වාහනයක් වත් එනවද?
ගේට්ටුවත් ඇරල දාල
ඒ කාලේ ඒකෙ තිබුනෙ
සුදු පාටද කොහෙද නේද..?
මල් ගස් නම් හරි පුදුමයි
තාමත් පණ තියෙනා රඟ
තණ කොල ටික මැරිල ගියේ
වාහනයක් වත් එනවද?
ගේට්ටුවත් ඇරල දාල
තාප්පෙ
කොලපාට ගාල
කාගෙද අර පුංචි ඇඳුම්
ඇනෙක්සියේ බබාලගෙද..?
කාගෙද අර පුංචි ඇඳුම්
ඇනෙක්සියේ බබාලගෙද..?
අවුරුදු ගානක් ගෙදරට
ReplyDeleteනොගිහින් හිටියානං තව
මොකට හොයන්නට යනවද
පුංචි උංගෙ රෙද්දක් ගැන.
හිත හීලෑ නෑ
Deleteහරිම මුරණ්ඩුයි
තැන තැන රිංගනවා...
:(
ගූගල් බැලූනය උඩ පාවෙවි ලයිව් ස්ට්‍රීමිං ආවොත්...
ReplyDeleteඑහෙනම් කොච්චර එකක්ද?
Deleteවීදියේ අපිට පෙනෙන්නේ මේ වගේ අවුරුදු හීන තමා.
ReplyDeleteමේක අවුරුදු හීනයක් මත් නෙවේ... තුමණි!
Deleteගූගල් වලිං ඕපාදූප සෙවීම..
ReplyDeleteඉස්සරහට මේවගේ වෙන්නත් බැරි නෑ...
හැක්
පංකාදු පහයි
අබිලිං ගොයියලගෙ පරම්පරාවෙ අය පවු නේ...
Deleteස්තුතියි මහේෂ්!
පිලේ පිලේ මේ අහන්න
ReplyDeleteඈ ගැන දැන් නොසොයා ඉන්න
හිතේ රිදුම් අඩු කරන්න
ස්ටිුට් වේ නොබලා ඉන්න
මීට
කිඹුලී
අර පුටුව උඩට නැගල බලපු කතාව දන්නව නේද කිඹුලී...
Delete:)
මේ මඟුල සමහර ෆෝන් වලට වැඩ නෑ අප්පා..
ReplyDeleteඑහෙමද?
Deleteඅර ජිල්මාට් ෆෝන් ද මොනාද ඒවට වෙන්න ඇති.
එවා පාවිච්චියක් නැති හින්දා දන්නෙ නෑ...
හෝව් හෝව් "මේ මඟුල" කිව්වෙ බ්ලොග් එකද? ගූගල ස්ට්‍රීට් වීව් එකද?
වැදුනා සැරටම
ReplyDeleteඑහෙමනම් හොඳා වෙඩික්කාරයෝ...
Deleteවෙඩිල්ලක් තියන්නෙ වදින්ට නොවැ.
මරු! සන්තෝෂයි ආයෙ ලියන එකට
ReplyDelete:)
Deleteතැන්කියු මේ පැත්තෙ ආවට...